හැම මුස්ලිම් මනුස්සයෙක්ම නරක විදියට සලකන්න එපා....

ඔන්න යාලුවනේ අද මම මේ කියන්න යන්නේ මේ කාලින මාතෘකාවක් වෙච්ච ශරියා නීතියද මොකද්ද  එක නිසා අපේ ලංකාවේ ගොඩක් සිංහල යාලුවෝ මුස්ලිම් යාලුවොන්ව නොසලකන ගණන් නොගන්න තැනකට දාන්න හදනවා වගේ තත්වයක් පෙන්නුම් කරන නිසා....
හැබැයි මේ සිද්දිය වුනේ නම් අපේ ආත්තම්මා මිය ගිය දවසේ..
පහු උනත් මට දෙන්න හොද උදාහරණයක් නිසා මං ඔයාලට මේ කතාව කියන්නම් අද හොදද.....
වැලිගම කියන්නේ ගොඩක් මුස්ලිම් යාලුවෝ ඉන්න නගරයක්..ඉතින් කඩ සාප්පු ගොඩක්ම වගේ මුස්ලිම් යාළුවොන්ගේ ඒවා තමයි..
ඔන්න ඉතින් අපේ ආත්තම්මා නැති උනේ මේ පහු ගිය දෙසැම්බර් මාසේ 24 වෙනිදනේ...
ඉතින් එදා රෑ මං ගොඩක් කලබලේ වැඩ කර කර ඉන්නකොට අදුරන්නේ නැති අංකයකින් මට කෝල් එකක් ආව.මම එතකොට ඉස්සරහ අපේ ගෙවල් පාරේ ලයිට් එකක් හද හද තමයි උන්නේ.ඔන්න ඉතින් කවුද කියල බලන්න මම ආන්සර් කරා.
"හලෝ...යාලුවා මම මේ කතා කරනවා කොමුනිකේෂන් එකෙන්...මම (////යාළුවගේ නම කියන්න හොද නෑ///////////) කතාකරන්නේ.මට වෙබ් සයිට් එකක් හදාගන්න ඕන.මට නෙවෙයි මගෙත් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට.කොහොමද අපි මීට් වෙන්නේ" කියල ඇහුව...

ඉතින් ඊට පස්සේ මං කියුව 
 "අනේ අයියේ පොඩි සීන් එකක් උන,අද අපේ අත්තම්ම නැති උන ඉතින් ගෙදර මලගෙදරක්...මම මේ සතියේ නම් මුකුත් ඒ සම්බන්දව කරන්නේ නෑ අයියේ,,මං තව සතියකින් වගේ කඩේ පැත්තේ ඇවිත් යන්න එන්නම්" කියල කියුව.

ඉතින් එහෙම කියපු ගමන්මොකද්ද දන්නවද යාලුවනේ ඒ අයියා මට කියුවේ..ඇත්තම ක්යුවොත් ඒ මනුස්සය එක්ක මගේ වැඩි හිතවත් කමක් එහෙම නෑ.මගේ විසිටින්ග් චාර්ඩ් එකක් දවසක් දුන්න එයාට.එච්චරයි.ඉදල හිටලා රීලෝඩ් දාන්න යනවා ඒ කඩේට..එත් බොහොම කලාතුරකින් තමයි ඒ කඩේට යන්නේ මං.

ඉතින් ඔන්න මං අරම ක්යුව ගමන් මට ඒ මනුස්සය කියුව දේට ඇත්තටම පුදුම හිතුන,,,
ඇත්තම කියුවොත් සිංහල කඩේක කෙනෙක් කෝල් කර නම් මලගෙදරක් කියුවම අහන්නේ අප්පටසිරි,එහෙමද මචං...හරි හරි බං අපි එන්නම්..ආච්චි නේ?කොහෙද තියෙන්නේ?ඒ වගේ අහල උදව් කරන්න එනවා...ඒ අපේ සිංහල මනුස්සකම.ගොඩක් අගය කරන්න වටිනවා ඒ දේ.ඇත්තටම මගේ ගොඩක් යාලුවෝ ඒ  අවස්ථාවේ අපිට උදව් කරා..
ඉතින් ඔන්න අර මුස්ලිම් යාලුවා මොකද්ද දන්නවද කියුවේ...
"ඕ...මයි ගෝඩ්..සොරි සොරි මල්ලි ....අපි පස්සේ සෙට් වෙමු ආ..මල්ලි මට මේ වෙලාවේ නම් උදව්වක් ඇවිත් කරන්න නම් අපහසුයි.මං මල්ලිට කරන්න පුළුවන් උදව්ව කරන්නම්.මං දැන් මල්ලිගේ මේ අංකෙට රීලෝඩ් එකක් දානනම්" කියුව....
ඉතින් මං කියුව "එපා එපා අයියේ..මේ පිස්සුද.එපා ඔකේ...."කියල කියද්දීම ඔකේ ඔකේ මල්ලි කියල කට් කරා...

ඉතින් යාලුවනේ විනාඩි දෙකක් ගියේ නෑ මට රු 500ක රීලෝඩ් එකක් දාල..මට ඇත්තටම ඒ වෙලාවේ පුදුම හිතුන.රීලෝඩ් එක ගැන නම් නෙවෙයි.ඒ අයියගේ ගති ගුණ වලට..ඒ වගේ ගොඩක් මනුසත් කම දන්නා වෙන ආගමක් අදහන කොච්චර හොද මිනිස්සු ලංකාවේ ඉන්නවද..ලෝකෙන් උතුම් රට ලංකාව කියල කියන්නේ නිකන් නෙවයි..
ඉතින් ඇයි අපේ මේ ගොඩක් මිනිස්සු පටු අදහසකින් මිනිස්සු දිහා බලන්නේ.හැම රටකම නීතියක් කියල එකක් තියෙනවා.අවාසනාවකට අපේ රටේ නීති තද උනත් ඒවා හරි විදියට ක්‍රියාත්මක වෙන්නේ නෑ.එහෙම වෙනවනම් ඉතින් මේ වගේ මිනිස්සු කතා හදන්නේ නෑ,,,එඅත් අපේ ආගමට අනුව නම් අභය දානය දීම තරම් පිං අයිති වන වෙනත් දානයක් නැති තරම් නේ?????
ඒ පැත්තෙන් බැලුවොත් නම් මම වැරදයි තමයි...
එත් අපි ඉන්නේ ගොඩක් වෙනස් රටක....
ගොඩක් සමගියකින් තමයි ජීවත් වෙන්නේ...
ඉතින් පොඩි දෙකට කල කෝලහාල කරගන්නේ නැතුව හැමෝටම ආදර්ශමත් වෙනවා නම් නේද හොද....මොකද අපි හැමෝම මනුස්සයෝ නේ???යනකොට මේ කිසිම දෙයක් අරගෙන යන්නේ නෑ...

Post a Comment

0 Comments