zzz1 කරේ නැතුව zzz2 කරා නම් කිසිම අවුලක් නෑ....

සුභ සති අන්තයක් වේවා යාලුවනේ ඔයාල හැමෝටම...ඉතින් යාලුවනේ මුලින්ම සමාව ඉල්ලන්න ඕන මේ සතියේ එක දිගට ලිපි පලකරන්න නොහැකි වීම පිලිපදව.හරි හරි ඉතින් පහු ගිය අතීතය තුල කල්පනා කරලා කාටවත් පලක් නෑනේ.අද අලුත් දවසක්.ඒ වගේම අලුත් මාසයක දෙවැනි දවස.ඉතින් ඔන්න අපේ යාලුවෝ දැන් උත්සව කීපයක්ම සැමරුව.අලුත් අවුරුදු උත්සවය ජයටම සියලු චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරලා සැමරුවා.ඉතින් ඊට පස්සේ ආමිස පුජා/ප්‍රතිපත්ති පුජා/පාරමිතා ධර්ම සියල්ල පුළුවන් උපරිමෙන් ඉටු කරමින් අප ලොවුතුරා බුදු රජාණන් වහන්සේගේ තෙමගුල් උත්සවය සැමරුවා.ඉතින් යාලුවනේ මේ මාසේ වැදගත් වෙන්නේ නම් ආගමික පැත්තෙන් වශයෙන්ම ලංකාවේ බවුද්ධ සියලු ජනතාවට අපේ මේ උරුමයන් අපේ මේ ආගමික නැබුරුතාව සහ ඒ ආගම දායාද වුන දිනයක් නිසාවෙන් නේ..?හැමෝම දන්නවනේ ඉතින් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිසාවෙන් මේ මාසය වර්ණවත් වෙනව කියල.ඒ ගැන අපි ඉස්සරහට කතා කරමුකෝ යාලුවනේ..
ඉතින් යාලුවනේ දැන් නම් අ.පො. උසස් පෙළ හදාරන අපේ යහළුවෝ යෙහෙළියෝ එහෙම ගොඩක් ඉක්මනටම ලේස්ති වෙනවා ඇති මේ දවස්වල.මොකද තව මාස දෙකක් වගේනේ ඒ අයට තියෙන්නේ,ඉතින් දන්නා සෙල්ලම් සියල්ලම දාල වැඩ පෙන්වන්න තමයි මේ කාලය තියෙන්නේ.ඉතින් ඒ බව දන්නා නිසාම අපේ යාලුවෝ මහන්සි වෙනවා කියල දන්නවා.හැබැයි ඉතින් ඔය අතරේ මෙන්න මෙහෙම හිතෙන අයත් නැතුවම නෙවෙයි..දැන් නම් කාලය ඇත්තෙත් නෑ පාඩම් කරන්න ඒ කාලේ කරපු පිස්සු වැඩ(zzz1) කරේ නැතුව පාඩම් කරා(zzz2) නම් අද කිසිම අවුලක් නෑ..අපරාදේ සර්ලා කියපු විදියට වැඩ ටික කරන් ගිය නම් ඉවරයි කියල හිතෙන අයත් ඉන්නවා නේද...?
යාලුවනේ මගේ අත්දැකීමට අනුව නම් ඔහොම හිතෙන්න ඕන..මොකද මමත් ඔයාල වගේම තමයි..උඩින් පහත් උන කෙනෙක් නෙවෙයි නේ.නමුත් යාලුවනේ අපි පොඩ්ඩක් හිතුවොත් මොකද වෙන්නේ ඇයි අපිට එහෙම දෙවිදියකට හිතෙන්නේ කියල.අපිට ඒ කාලේදී පාඩම් කරන්න හිතෙන්නෙම් නෑ.එත් ඇනුනට පස්සේ පාඩම් කරන්න හිතෙනවා.අපහු කාලයක් ගියාට පස්සේ ආපහු එපා වේගෙන එනවා..ආපහු ඇනුනට පස්සේ ආපහු හිතෙනවා ආපහු මුලක ඉදන් පාඩම් කරන්න ඕන කියල..ඉතින් ඒ පාරත් අසාර්ථක වුනාට පස්සසේ අපි මොකද කරන්නේ.අපිට මේක හරියන්නේ නෑ කියල හිතාගෙන පොඩ් රැකියාවකට යන්න උත්සාහ කරනවා.එහෙම නේද යාලුවනේ..?
එහෙම නැත්නම් සල්ලි වියදන් කරලා පවුද්ගලික ආයතනයකින් උපාධියක් ගන්න උත්සහ කරනවා.යාලුවනේ අපේ හිත්වල කොයිතරම් ලොකු ආශාවල් එකතුවෙලා තියෙනවද කියල හිතන්නකෝ.අපි මේ හැමදෙයක්ම කරන්න කලින් මීට අවුරුදු දෙක තුනකට කලින් අපේ හිතේ තිබ්බ සිහින වලට අද උදාවෙලා තියෙන තත්වය මොකද්ද කියල පොඩ්ඩක් ආපස්සට හැරිලා හිතන්නකෝ යාලුවනේ...
සමහර හීන එහෙම්මම ඇති.සමහර හීන සැබෑවෙගෙන එනවා ඇති.සමහර හීන නැතිවෙලාම ගිහින් වෙන්නත් පුළුවන්.එහෙමත් නැත්නම් ඒ තිබුන හීන වලට නැවත තව තව අලුත් බලාපොරොත්තු එකතුවෙනවා වෙන්නත් පුළුවන්..
යාලුවනේ අපි නිකමට කල්පනාකරන්න අපි හීන සැබෑකරගන්නේ නැතුව ඒ දේට කැපවෙන්නේ නැතුව තව හීන මැව්වා කියල සැබෑම සතුටක් ලබන්න පුලුවන්ද?බෑ නේද යාලුවනේ..
අපි එක හීනයක් එහෙමත් නැත්නම් එක අරමුණක් ජයගෙන ඊලග අරමුණට කැපවෙන්න උත්සහ ගත්තොත් නරකද...ඔක්කොම එකවර පොදී බැදගෙන කරන්න ගියොත් එකක්වත් සාර්ථක වෙන්නේ නෑ නේද යාලුවනේ.අන්න ඒ නිසයි අපේ ගුරුවරු කියන්නේ ඉගන ගන්න කාලේ ඉගන ගන්න කියල..
ඉතින් මේ දේ අපේ ගෑනු ළමයි නම් අකුරටම ක්‍රියාත්මක කරනවා.අන්න ඒ නිසා තමයි ආදරේ කරන යහළුවෝ සහ යෙහෙළියෝ අතරින් ගොඩක් වෙලාවට යෙහෙළියෝ විභාගය අතින් ජයගෙන තියෙන්නේ...

ඉතින් යාලුවනේ මේ තරුණ කාලය ඒ කියන්නේ මමත් ඇතුළුව ඔයාල අපි හමොම.අපිට මොකක් හරි අවස්තාවක් කවුරුහරි කියුවොත්..මේ උබ පුළුවන් නම් අර ගහේ උඩම තියෙන ඉත්ත ලගට නැගපන්...කියල කොල්ලෝ ටිකක් අතරේ ඉන්න එක කොල්ලෙක්ට එතන ඉන්න වැඩිහිටියෙක් කියුවොත්  මොකද කරන්නේ..ඒ ඉත්ත අල්ලන්න බැරි උනත් නිකමට ගහට නගින්න හරි උත්සහ ගන්නවා...
ඉතින් ගෑනු ළමයෙක් බලන්න..කවුරුහරි ඇන්ටි කෙනෙක් මොකක් හරි කියුවොත් තරහ එන විදියට..
අපෝ ඒකිගේ සමයන් නේ..ගෙදරට වෙලා ඉන්නවා එලවට වැඩකුත් නෑ මේලවට වැඩකුත් නෑ.ඒ උනාට අපේ කෙල්ල බලපන්..
කියල කවුරුහරි එක්ක කියනවා ඇහෙන්න ඕන නෑ නේද..?එහෙම කියුව කියල ආරංචියක් ආවත් ඇති මෙන්න සක්‍රිය වෙනවා..ඉන්නකෝ මම වැඩේ කරලා පෙන්වන්න කියල හිතාගෙන රටේ තියෙන හැමඇබෑර්තුවකටම ඉල්ලුම්පත්‍ර දානවා..
ඉතින් යාලුවනේ පොඩ්ඩක් කල්පනා කරන්නකෝ .ඇයි මේ වැඩිහිටියෝ අපිට මේ හැම දෙකටම තරුණ ජවය ඕනෑකම තියෙන හිතේ ගතේ ශක්තිය උපරිමෙන්ම තියෙන කාලේ පිං දහම් කරන්න සමාජයට අරුතක් එකතු කරන්න සැබෑව පෙන්වල දෙන්න..එයාල ලබන අත්දැකීම ගැන ලෝකෙටම කියල දෙන්න උත්සහ ගන්නේ නැත්තේ ඇයි යාලුවනේ.
අපිත් ඒ අයගේ ගානටම අවට පස්සේ එයාල ඊටත් වඩා වයසට ගිහින්.ඉතින් ඒ කාලේදී අපිටත් ඒ දේවල් වලට මහන්සි වෙන්න අමාරුයි..ඉතින් අපි කියනවා අපිට දැන් බෑ...උබල කොල්ලෝ නේ ?ඔහොම කියල මාරු වෙනවා...එහෙම නේද යාලුවනේ...
යාලුවනේ මෙන්න මේ ගැනත් හිතන්නකෝ..අපි මේ ශක්තිය ජවය තියෙන කාලේ අපි කරන දේවල් ගොඩයි.ඉගන ගැනීම මුලින්ම තියෙන්නේ.එත් අතට කීයක් හරි එන දෙයක් ලැබුනොත් එකෙන් තොර ලොවක් නැතිවෙනවා.පස්සේ ඉගන ගැනීම නිකන්ම නවත්වනවා.එත් අපි කවදාවත් සල්ලි ලැබුනම ඒ සල්ලිවලින් ඉගන ගන්න වියදන් කරන්න හිතන්නෙත් නෑ.ඒ සල්ලිවලින් එක්කෝ තව ඉඩමක් ගන්න.වාහනයක් ගන්න.හෝ ගෙදරට දෙයක් ගන්න එහෙම නේද හිතන්නේ යාලුවනේ..
නමුත් ඇයි අපි අපිට තියෙන වටිනාකම කියන දේ වැඩි කරගන්න කීයක් හරි වියදන් කරන්න අකමැති වෙන්නේ..
යාලුවනේ මොකද්ද මේ තමන්ට තියෙන වටින කම කියන්නේ.උදාහරණයක් දෙන්නම්කො.යාලුවෝ දෙන්නෙක් අරගෙන බැලුවොත් එක යාළුවෙක් උසස් පෙළ ඉහලින්ම සමත්.අනිත් කෙනා අසමත් කියල හිතමු.මේ දෙන්නම පරිගණක පාඨමාලාවක් හදාරනවා කියමු.ඔන්න කාලය යද්දී අර විබාගේ සමත් උන කෙනා හිතනවා මට මේක ඕන නෑ මම විබාගේ පාස් නේ.මම අයින් වෙනව කියල ලොකුවට කියල අයින් උනා කියමු..එත් අර අනිත් යාලුවා කොහොම හරි දුකින් හරි ඉගන ගන්නවා.අවසානයේ එයා ඒ තුලින් දියුණුවෙලා රැකියාවකට යනවා..යාලුවනේ ඒක තමයි වටිනාකම කියල කියන්නේ..මොකද යම් කෙනෙක් ස්තුව පවතින දැනුම තවත් කෙනක් ලග නත්නම් ඒ දැනුම තියෙන කෙනා ඉක්මනට කැපී පෙනෙනවා..
ජීවිතේ කියල කියන්නේ පොත්වල දැනුම විතරක් නෙවෙයි..ආර්ථික සමාජීය,දේශපාලනික,අද්‍ය්පනික,තාක්ෂණික වැනි විවිධ මාතෘකා වලින් දැනුම සංවර්ධිත නම් ඒ ජීවිතය ගොඩක් වටිනවා..
ඒ නිසයි යාලුවනේ අපේ රටේ වගේම ලෝකේ පුරාම මිනිස්සු අතරේ ප්‍රභූ වරු කියල පිරිසකුත් ඉන්නේ.එත් හිතන්න එත් මනුස්සයෙක් අපිත් මනුස්සයෙක්.ඇයි අපිට ඒ තැනට යන්න බැරි..එහෙමනම් එයා ලද දැනුම ට වඩා වෙනස් පැත්තකින් හෝ හිතන්න පුරුදුවෙලා එයාට වඩා එයාට නොලත් දැනුමක් අත්කරගැනීම නේද කරන්න තියෙන්නේ..

තනියම හිතමු යාලුවනේ..අපිට අපි වෙනුවෙන් සහ රට වෙනුවෙන් සහ අපේ සමාජය වෙනුවෙන් මෙන්ම මේ ලෝකය වෙනුවෙන් කරන්න දේවල් අපමණයි නේද.ඒ යුතුකම් හරි හැටි කෙරුනොත් ඇත්තටම අපි ලෝකයට වැඩ දැයි කෙනෙක් සහ මේ ජීවිත කාලය තුල ඒ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන අරන් සහ ලෝකයට දෙන්න පුළුවන් උපරිම දායාද අත්කරලා දීල.එහෙම නේද යාලුවනේ...
පොඩි දෙයකින් පොඩි මොහොතකින් අපේ චර්යාව සහ සිතීමේ ආකාරය වෙනස් කරන්න පමණයි අවශ්‍ය.සහ ඒ දේවල් පුළුවන් උපරිමෙන් ක්‍රියාවට නංවන්න විතරයි ඕන..ඉතින් අපි පහුගිය අවස්ථා අමතක කරලා අලුතින් නැවත හැඩගැහෙන්න බලමු යාලුවනේ.අපිට බැරි වෙන එකක් නෑ...
තවත් එක දෙයක් තරයේ මතක තියාගන්න යාලුවනේ.අපේ ගුරුවරු අපේ දෙමව්පියන් සහ හැම වැඩි හිටියෙක්ම අපිට උපදෙස් දුන්නේ සහ දෙන්න සමාජය තුල ඉන්න හොද චරිතයක් වෙන්න මිසක් නරක චරිතයකට වග කිව යුත්තෙක් වන්න නම් නෙවෙයි..
අන්න ඒ බව නැවත නැවත පුන පුනා මතක තියන් අපි කරන වැඩ කටයුතු කරනවා නම් හරි නේද....?

Post a Comment

2 Comments

  1. bro, ano cmnt ekak danawata samawenda. Phone eken log wenda widiyak ne.

    Lipiye ganda godak wadagath dewal kihipayakma tyenawa. namuth oya "yaluwane" kyana word eka use karanawa hodatama wadi. Eken lipiye wadagath gathiye haniyak wenawa.

    A word eka galapenama than walata use karanna.
    Mage subapathum....

    ReplyDelete
  2. ස්තුතියි ස්තුතියි....ඒ බව නම් තවත්න්දෙතුන් දෙනෙක් විතර කියුව..හොදයි එහෙනම් හැමෝම වෙනුවෙන් ඒ වචනය භවිතා කරන එක අඩු කරන්නම්කෝ..කොහොමත් අපි හැමෝම යාළුවොනේ..නේද??

    ReplyDelete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....