තුනක් හදාගන්න නම් නවයක් ඕන...

සුභ සති අන්තයක් වේවා යාලුවනේ ලක් වාසි ලෝ වාසි ඔබ සැම සියලු දෙනාටම..
යාලුවනේ අද අපි ආරම්භ කරන්න යන්නේ අපේ වෙබ් අඩවිය තුලින් ගොඩ නගන ප්‍රධාන අලුත් වැඩසටහනක්.ඉතින් කෙටින්නම කියනවනම් මේ වැඩසටහනට අපි යොදාගන්නේ අපේ මේ සමාජයේ තියෙන සියලුම ආගමික මෙන්ම සමාජය ගොඩ නගන්න ඇප කැපවෙන තමන් ලද අත්දැකීම් තුලින් සමාජයට වැඩිපුරම දෙන්න අවශ්‍ය මොනවාද නැත්ද කියල ඒ උගත් බුද්ධිමත් උතුම් මනුස්සයන් ගේ අදහස් විමසලා ඒ ආකරයට මුළු ලොවට වැදගත් පණිවිඩයක් ඉදිරිපත් කරන්න තමයි අද සිට මේ ආකාරයෙන් එක් මාතෘකාවක් ඔස්සේ එනම් සමාජීය මාතෘකාව යටතේ සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ..
ඉතින් අපි වැඩි පිරිසකගෙන් ආගමික බේධයකින් තොරව සෑම කෙනෙකුගෙන්ම විමසුවා මේ ලිපි පෙළ ආරම්භ කරන්න සුදුසුම මාතෘකාව කුමක්ද යන්න පිළිබදව..ඉතින් ඇත්තටම සතුටුයි යාලුවනේ බොහෝ අය කියුවේ කාලින මාතෘකාවක් වන වෙසක් පුර පසොලොස්වක පොහෝ දිනය ගැන හොද වැදගත් ලිපියක් ලියමු කියල.
ඉතින් ආරම්භ කරනන් මාතෘකාවක් සෙව්වා..යාලුවනේ අපි හැමෝම හිතුව ඔයාල අපි හැමෝම වෙනුවෙන් සමාජය තුලින් ගිලිහි ගීය මාතෘකාවක් ගැන යාවත්කාලීන කරන්න.ඇත්තම කියුවොත් අපි ගොඩක් අයට අමතක වුන මාතෘකාවක්..
ඉතින් ඒ ගැන අපි කීප දෙනෙකුගෙන් අදහස් විමසුවා..ඉතින් සමහර අය කෙටියෙන් දල අදහසක් දුන්න එත් නිවැරදිම අදහසක් ගන්න අපහසු උන යාලුවනේ..ඉතින් ඒ කාටවත් වැරැද්දක් කියන්නේ නම් නෑ.අපි හැමෝම මනුස්සයොනේ... අපි අපේ වැරදි අපි විසින්ම හදාගන්නවා සේම ඒ දේවල් හදාගෙන අනිත් අයටත් හදාගන්න උදව් කරන එකනේ මනුස්සකම කියල කියන්නේ..අන්න ඒ උතුම් කර්තව්‍යයේ එක ස්ථානයක් අද අපි ආරම්භ කරනවා..
යාලුවනේ අපි කලින් මාතෘකාවෙන් යම් ස්ථාන තුනක්(සිත,කය,වචනය) ගැන කතා කල..ඉතින් අද කතාකරන්න යන්නේ ඒ තුනේ තුන් වෙනි ගුනාකාරයෙන් එන 9ක් ගැන.ඇත්තටම මොකද්ද මේ 9...?
යාලුවනේ අපි හැමෝම පුරුදුවෙලා ඉන්නවා හැමදාම උදේට හෝ හවසට තම තමන්ගේ ආගම අදහන්න.එයට වෙලාවක් නෑ..නියමිත් කාලයක් නෑ.
අපිට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ආගම අදහන්න පුළුවන්..ඉතින් අපි පුරුදුවෙලා ඉන්නවා සෑම සුභ කටයුත්තකදීම අපේ ආගම අදහන්න.ඒ වගේම පෝය දවසට එහෙමත් නැත්නම් සෑම දිනකම උදේට හෝ සවසට...එහෙමත් නැත්නම් කරදරයක් උනාම අදහනවා..
අඩුම තරමේ අපි හැමදේටම කියන්නේ එහෙමත් නැත්නම් හැම අවස්තාවකදීම පන්සලකට ගියත් දුකක් කරදරයක් හිතට අවමත් එහෙමත් නැත්නම් සුභ කටයුත්තකදි උනත් අපි අපේ හදවතින්ම භක්තියකින් යුක්තව විශ්වාසයකින් යුක්තව වන්ධනීය ලෙස හද පිරි අවසරයෙන් යම් ගාථාවක් කියනවා..ඉතින් ඒ ගාථාව අපි හැමෝටම හුරුයි.ඉතින් අපි හැම අවස්ථාවකදීම ඒ දේ අපි විසින්ම ඉබේම සිද්ධ කරනවා...
යාලුවනේ මොකද්ද මේ ගාථාව.."ඉතිපිසෝ ගාථාව" නේද..?
ඉතින් අද අපි කතාකරන්න යන්නේ මෙන්න මේ ඉතිපිසෝ ගාතව ගැන සහ එහි අර්ථය කොහොමද ගොඩ නැගෙන්නේ කියල...යාලුවනේ අවංකවම හිතන්න අපෙන් කවුරුහරි ඇහුවොත් නව අරහාදී බුදුගුණ මොනවාද කියල අපි ගාථාවේ තියෙන පද ටික එකින් එක ගලපලා කියනවා.
එත් ඒ පද වල තේරුම අර්ථය කුමක්ද කියල පහදන්න කියුවොත් අපි බොහෝ දුරට නොදන්නවා වෙන්න පුළුවන් නේද යාලුවනේ...
ඉතින් අප අද කතා කරමු මොනවාද මේ නව අරහාදී බුදු ගුණ කියන්නේ කියල..ඇත්තටම අපි කට පාඩමින් කියනවට වඩා ඒ නිවැරදි අර්ථය වටහාගෙන හිතේ බුධුගුන මෙනෙහි කරමින් මම මේ මගේ බුදු පියාණන් මෙනෙහි කරනවා ඒ අශිර්වදාහය ඒ බුද්ධ බලය මාහට මාහැගි අයුරින් සාක්ෂාත් කරදෙන සේක්වා යනුවෙන් අපේ අගම අපිට අදහන්න පුළුවන් නම් අපි ඇත්තටම ආගමක් වශයෙන් පරිපුර්නයි නේද යාලුවනේ...
හොදයි ඉතින් අපි බලමුකෝ කොහොමද මේ දේ ගොඩ නැගුනේ කියල..
යාලුවනේ ඉස්සෙල්ල මම කියන්නම් කෙටියෙන් මේ නව අරහාදී බුදුගුණ මොනවාද කියල...ඉතිපිසෝ ගාතාව හැමෝම දන්නවනේ යාලුවනේ..ඉතින් මෙන්න මේ දේවල්..
1.අරහං
2.සම්මා සම්බුද්ධ
3.විජ්ජා චරණ සම්පන්න
4.සුගත
5.ලෝකවිදූ
6.අනුත්තරෝ පුරිස ධම්ම සාරථී
7.සත්තා දේව මනුස්සානං
8.බුද්ධ
9.භගවා
යන අයුරින් එකතු වන මෙම නව අරහාදී බුදුගුණ පිළිබද අපි දනුවතව උන්නත් යාලුවනේ තේරුම ගැන පැහැදිළ අවබෝධයක් ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් නේද..ඉතින් අන්න ඒ අඩුපාඩුව හදාගන්න අපි මුලික පියවරක් හැටියට ගමුකො මේ ලිපිය..කියවල බලල අඩු පාඩු ඇත්නම් හදා දෙන ලෙසත් නිහතමානීව ඉල්ලනවා..

අරහං......

යාලුවනේ ඇයි අපි අපේ බුදු පියාණන් වහන්සේ අරහං නම් වන සේක යැයි පවසන්නේ..යාලුවනේ අප අතර සිටිද්දී අපි මේ සමාජය තුල එකිනෙකට ගැටෙද්දී අපිට නොදැනුවත්වම අපි අතින් සිදු වෙන ක්‍රියාවන් තියෙනවා නේද..ඉතින් කෙලෙස් කියල අපි කියන්නේ.ක්ලේශ දර්මයන් හමුවේ විවිද අයුරින් සිත සංවර කරගන්න පුළුවන් නම්..ඒ කියන්නේ සියලුම ගැහීම් දැනීම් තුලින් සිත පාලනය කරගනිමින් සිත එක අරමුණක තබාගෙන සිත සංවර කරගන්න පුළුවන් උනොත් සිතේ ඒකාග්‍රතාවය සහ සිත පිරිසිදු නම් සිත තුල මයිත්‍රීය අනුකම්පාව දයාව වැනි හොද ගුණ ධර්ම පමණක් පැවතුන නිසාවෙන්ම..අපි අපේ බුදු පියාණන් වහන්සේ අරහං නම් වන සේක යැයි පවසනවා යාලුවනේ...ඉතින් මේ තුලින් අපිට ලැබෙන උතුම්  පණිවුඩය තමයි මේ කෙලෙස් තුලින් අපිත් ඈත් වෙලා අපේ සිතත් සංවර කරගන්න නේද.

සම්මා සම්බුද්ධ....

යාලුවනේ අපි හැමෝටම දුක කියන දේ නොඅඩුවම දැනෙනවා..ඉතින් දුකක් නොදැනුන කෙනක් මේ ලෝකේ නෑ..නමුත් යාලුවනේ ඒ දුක කියන දේ නොදැනෙන්න ඉතාම අලංකාර අයුරින් ඉතාම පහසුවෙන් මාර්ගයක් අපිට සොයල දුන්නේ අපේ බුදදු පියාණන් වාහන්සේ කියල ලෝ වැසි සියලුම දෙන මෙලහටත් දන්නවා නේද..යාලුවනේ මේ දුක කියන දේ නැති කරගන්න චතුරාර්ය සත්‍යය මනාව කිසිම ගුරුවරයෙකුගේ මග පෙන්වීමක් රහිතව සියලු සතුන් වෙනුවෙන් තනිවම සොයාගත්තා බැවින්...
දුක,දුකට හේතුව,දුකින් මිදීමේ මාර්ගය,දුකින් මිදීම යන්න සොයල දුන්න බැවින් අප ලොවුතුරා බුදුරජානන් වහන්සේ "සම්මා සම්බුද්ධ" නම් වන සේක යැයි අපි පවසනවා යාලුවනේ..

විජ්ජා චරණ සම්පන්න.....

යාලුවනේ අපි හැමෝම දන්නා කරුණක් තමයි අප ලොවුතුරා බුදුරජානන් වහන්සේ සතුව පැවතී අසීමිත නුවණ පිලිබදව..එතුමා තම ධ්‍යාන ලබාගැනීමෙන් අනතුරුව තමන් සතු කරගත් සහ තමන්ට හිමි වුන නුවණ ක්‍රම කීපයක් පිළිබද ගොඩක් දේවල් ප්‍රකාශ කරා.එමෙන්ම එවැනි හැකියාවක් මේ ලෝ සත් කිසිම පුද්ගලයෙකු සතුව පැවතුනේ නෑ.චුතුප පාත නුවණ,අසවක්කයා නුවණ,පුබ්බේ නිවසනුස්සත නුවණ ආදී ලෙස විශිෂ්ට ආකාරයෙන් සිතන්න දකින්න පහදන්න පවසන්න හැකියාව එතුමන් සතුව පැවතුන බැවින් විජ්ජා චරණ සම්පන්න වන සේක යැයි අපි පවසනවා..

සුගත.....

යාලුවනේ අප ලොවුතුරා බුදු රජාණන් වහන්සේ මෙවැනි අසිරිමත් මාවතක ගමන් කිරීමට ගොඩක් දුෂ්කරතා මැද අසීමිත කැපකිරීම් කරලා සියලුම ලෝ වැසියන් හට යන්න ඉතාම ලස්සන සුන්දර මාර්ගයක් පහදලා දුන්න.අන්න ඒ මාර්ගයේ කෙළවර තමයි මේ උතුම් නිර්වාණය හෙවත් නිවන කියන්නේ.මේ නිවන් මගෙහි වැඩම කොට මෙලෙස නිවන අවබෝධ කරගත් බැවින් අපි එතුමාව .සුගත වන සේක යැයි පවසනවා...

ලෝකවිදූ....

යාලුවනේ අපි හැමෝම දන්නා කරුණක් තමයි එහෙමත් නැත්නම් අසා ඇති කරුණක් තමයි මේ පවතින ලෝක පිලිබදව..අපි මේ වාසය කරන්නේ අපේ ආගමට අනුව අප නායක තුමා දේශනා කල අයුරින් අප අද වෙසෙන්නේ මිනිස් ලොව තුල.ඉතින් මේ මිනිස් ලොවට අමතරව බ්‍රහ්ම ලෝක පවතිනව එමෙන්ම දිවය ලෝකද පවතිනව ඒ හා සමානවම යාලුවනේ සතර අපාය ලෙස අප නම් කරන ප්‍රේත /තිරිසන්/අසුර/නිරය ලෙස තවත් ලෝක පවතිනව..ඉතින් යාලුවනේ මෙන්න  මෙවැනි ලෝක වලින් සදහටම නිදහස් වූ නිසා අප බුදු පියාණන් ලෝකවිදූ නම් වන සේක යැයි පවසනවා...

අනුත්තරෝ පුරිස ධම්ම සාරථී...

යාලුවනේ බුදුන් වහන්සේ කල අසීමිත මෙහෙවර සදහා ගොඩක් උදාහරණ අප සතුව තිබෙනවා.එමෙන් සිද්ද කල මිනිස් සහ දෙවියන් දමනය කරමින් දෙවියන්ට විශ්වාසය ඇති කරමින් දෙවි මිනිස් හැමෝගෙම බලපෑම් වලින් ජයග්‍රහණය කරමින්සියල්ල දමනය කිරීමට තරම් ඉහල ශක්තියක් හැකියාවක් අප නායකතුමන් සතුව පැවතුන බැවින් අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වන සේක යැයි පවසනවා...

සත්තා දේව මනුස්සානං.....

යාලුවනේ ඔයාල අපි හැමෝම දෙනා දන්නා දෙයක් තමයි අපිට වඩා ගොඩක් හැකියාවල් වලින් සපිරුණ උසස් තැනක ඉන්න පිරිස් එහෙමත් නැත්නම් අපිට ආරක්ෂාව සෙත ශාන්තිය වගේම සියලුම රැකවරණය මෙන්ම මිල මුදල්ද ඉල්ලන්නේ අපි දෙවියන්ගෙන් නේද...?ඉතින් මේ දේවල් ලබාදෙන දෙවියන් වහන්සේලාගේ මෙන්ම ඒ දේවල් දෙවියන් වහන්සේලාගෙන් ඉල්ලන අපි සියලුම මිනිස්සුන්ගෙත් එකම ශාස්තෘන් වහන්සේ එහෙමත් නැත්නම් නායකතුමා අප ලොවුතුරා බුදු පියාණන් වහන්සේ වූ බැවින් සත්තා දේව මනුස්සානං වන සේක යැයි පවසනවා...

බුද්ධ.....

යාලුවනේ අප ලොවුතුරා බුදුරජාණන් වහන්සේ මේ සසර දුකින් එතෙර වීමට සොයාගත්ත සුපැහැදිලි මාර්ගය ලෝ වැසි සියලුම දෙනාට කියල දුන්න නේද..එලෙසින්ම එතුමන් විසින් අවබෝධ කරගත් මේ ගැබුරු ධර්මය අන් සියලුම දෙනාට අවබෝධ කරගැනීම පිණිස යතාරත්ය කුමක්ද යන්න පහදා ගැනීම පිණිස සෑම දෙයක් ගැනම සෑම කරුණක් පුරාවටම සත්‍යය පහදා දෙමින් අවබෝධ කල බැවින් බුද්ධ වන සේක යැයි පවසනවා..

භගවා.......

යාලුවනේ අපි අතර ඉන්න මොනයම් හෝ පුද්ගලයෙක් සතුව ඉතා යහපත් ක්‍රියාවන් තියෙන්න පුළුවන්.ඉතින් මේ යහපත් ක්‍රියාවලින් යුක්ත අපේ සමාජයක එකිනෙකා සතුව විවිධ මට්ටමේ යහපත් ක්‍රියාවන් වලින් පිරී තිබෙන්න පුළුවන්..ඉතින් එහෙම උනාම අපි ඒ කෙනා සතුව පවතින ගුණ වර්ණා කරනවා.ඉතින් අප තිලෝගුරු සම්බුදු පියාණන් සතුව පවතින මේ සියලු අසිරිමත් ගුණ සමුදාය දරාගැනීමට තරම් භාග්‍යවන්ත උතුම් කෙනෙකු වූ නිසා එතුමාව භගවා නම්වන සේක යැයි අවසාන වශයෙන් අපි පවසනවා..

ඉතින් යාලුනේ ඔන්න ඔහොමයි නව අරහාදී බුදුගුණ සතුව පවතින පැහැදිලි කෙටි තේරුම.ඉතින් අපි සෑම වෙලාවකම මේ ගුණ ගායනා කරද්දී ගුණ මෙනෙහි කරද්දී ඒ තුල පවතින සැබෑව යටි අරුත කුමක් සදහාද යොදාගෙන ඇත්තේ ඒ තුලින් කුමක්ද අපි නියම අයුරින් බලාපොරොත්තු විය යුත්තේ යන්න පිලිබදව මනා අවබෝධයකින් යුක්තව වන්දනීය ලෙස වන්දනා මාන කරමු කියල අවසාන වශයෙන් පවසනවා.
එහෙනම් අදට නවතිනවා යාලුවනේ....ඒ වගේම මේ උදාවූ උතුම් දිනයත් හා සමගාමීව
යාලුවෝ හැමෝටම පින්බර වයිශාක්‍ය මංගල්‍යයක් වේවා...!!කියලත් පතනවා..

Post a Comment

2 Comments

  1. වැදගත් ලිපියක්.. දැනුවත් කිරීමට ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි යාලුවා.....

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....