ඒ තරම් සතුටක් ආපහු ලැබෙයිද....?

හැමෝටම සුභ දවසක් වේවා යාලුවනේ...හැමදාම සුභ දිනයක් වෙන්න පතනවා වගේම ලෝ වැසි සියලුම දෙනාට යථාර්තය පැහැදිලිවන සාමය සතුට සපිරෙන සාර ධර්ම පැතිරෙන සියලු දේ අවබෝධවත් පිං වන්ත වෙසක් මංගල්‍යයක් වේවා කියල ඔබ අප සියලුම දෙනාට පතනවා....!!
යාලුවනේ සිංහල බවුද්ද අපි සියලු දෙනාගේම වගේ මම හිතන විදියට ආගමික භේදයකින් තොරව සැබෑව අවබෝධමත් වන ආකාරයෙන් සිතන්න උත්සහ ගත්විට සියලුම ආශාවන් සිතුවිලි සෑම වගකීමක්ම බැදීමක්ම ඇතුලත ගතකරන සෑම කාලයක් තුලම කරන ක්‍රියාව මත අපි සියලු දෙනාගේම අතීතය ගොඩනැගෙන ආකාරය ගැන සහ අතීතය තුලින් වර්තමානය හැඩගැහුන හැටි සහ වර්තමානය ගත කිරීම තුලින් අනාගතය ගොඩනැගෙන ආකාරය ගැන මනාව පැහැදිලි කල අප ලොවුතුරා බුදුරජානණන් වහන්සේගේ ඉපදීම,බුදු වීම,පිරිනිවන් පැම යන තෙමගුල් උත්සවය සමරන අද වැනි දවසක අපි සියලු දෙනාම එකට එකතුව එකට එක් වෙලා සැවොම එකම සිතුවිල්ලකින් මෙත් වඩන්න පුළුවනි නම් ඒ තරම් සතුටක් ආපහු ලැබෙයිද යාලුවනේ..

අපි හැමෝම මනුස්සයෝ නම් අපිට අපේ එකමුතුකම් ගොඩනගන්න දෙන්න පුළුවන් හොදම ආදර්ශය ලොවටම පතුරවන්න අද වගේ දිනයක් නේද ගොඩක්ම උවමනා කරන්නේ..
යාලුවනේ අද අපි කතාකරමු කොහොමද මේ පෝය දවසකට සහ ඉන් වෙන් වුන දවසකදී අපේ ලෝ වැසියන් හැසිරෙන ආකාරය සහ ක්‍රියාවන් තුලින් ඔවුන් වෙන් වෙන් වශයෙන් වෙනස්වන ආකාරය ගැන..

යාලුවනේ සියලුම දෙනා සම්මතයක් තුලින් මසකට එක දිනයක් පෝය දවස කියල සලකනවා..නමුත් මේ පෝය කියන දිනයක් කොහොමද නිර්මාණය වෙන්නේ කියන දේ අපේ විද්වතුන් විසින් සොයාගත්තා පෘතුවිය ගමන් ගන්න වූ කක්ෂයක් තුල සිදුවන බ්‍රමණය සහ පරිබ්‍රමණය තුලින් කාලය සමග නිර්මාණය වන එක දිනයක් කියල.
හැබැයි යාලුවනේ මේ විද්‍යාව සත්‍යයක් සේම සමහර අවස්ථා මිත්‍යාවක් කියන දේ පවා අපේ නායක තුමා මීට වසර ගණනාවකට පෙර අපි හැමෝටම කියල දුන්න.දැන් දැන් මුළු ලෝකෙම අය මේ කියාදුන් දේවල් ටික ටික පිළිගන්න පෙලබිලා කියල දැනෙනවා නේද..
ඉතින් මෙන්න මේ වගේ දිනයක එහෙමත් නැත්නම් සම මසකම පොහෝ දිනක බුද්ධ ජීවිතයේ මෙන්ම බෝසත් ජීවිතය තුලදී මෙන්ම ගිහි ජීවිතය තුළදීත් නොයෙක් නොයෙක් ප්‍රධාන ක්‍රියාවන් එහෙමත් නැත්නම් විශේෂ අවස්ථා ගොඩ නැගුන..
ඉතින් ප්‍රධාන වශයෙන්ම විමුක්තිය අවබෝධ කරගත්..ලොවම මවිතයට පත්කළ දෙවිවරුන්ගේද වැදුම් පිදුම් ලබමින්  අප බෝසතාණන් වහන්සේ සම්බුධ්ධත්වයට පත්වුණ දිනයක් තමයි අද අපි මේ සමරන්නේ.ඉතින් මෙන්න මේ දවස මෙන්ම අනිකුත් පොහොය දිනයක් තුළදීත්  අපි සිල් ගන්න එහෙමත් නැත්නම් සිල් සමාදන් වෙන්න කියල නේ අපි හැමෝම කියන්නේ..ඉතින් මේ ශීලය සමාදන් වෙන්න පුරුදු වෙලා ඉන්නවා නේද යාලුවනේ...
ශීලය තුල තියෙන උතුම්ම දේ තමයි අපිව සංවර කරන්නේ.එහෙම නේද යාලුවනේ අපේ සිත අපේ කය ඒ වගේම අපිව වෙනස් කරවන අපිව මුලාවට ලක්වන ඒ වගේම අපිව ගොඩක් අයගෙන් ගොඩක් තැනකදී උසස් හෝ පහත මට්ටමකට ලේසියෙන්ම ඇද දමන අපේ වචනය කියන දේ තුලින් සංවර හෝ අසංවර කරන ක්‍රියාව තුලින් අපි වෙනස්කරවන බොහෝ වෙලාවට ඒ ත්‍රිත්වයෙන් මොහොතකට හරි සංවර කරවන දිනයක් තමයි ගිහි ජීවිතය තුල පෝය දවසක් කියල අපිට හැගෙන්නේ..
මොකද අපි එදිනෙද ජීවිතය තුල අපේ ආශාවල් තුලින් මිරිකිලා අපේ ආශාවල් වලින් පිරිලා අපේ ජීවිතේ ගොඩක් අන්ධ බාවයට පත්වෙලා ඉන්න මොහොතක හිතට සැනසීම පහසුවෙන් අත්කරවන එකම සහ කෙටිම ක්‍රමයක් තමයි මේ තුන් දොර කියන දේ සංවර කරගැනීම..
යාලුවනේ ඉතින් මේ තිදොර සංවර කරගන්න අපි පෝය දවසේ උත්සහ ගන්නවා ගොඩක්.නමුත් එය ගොඩක් අසීරු කියල අපි හොදාකාරවම දන්නවා.
වැඩිය උවමනා නෑ යාලුවනේ අපි ශීලය සමාදන් වෙන්න කලින් අපි හිතන් ඉන්නේ එක ආකාරයකට එමෙන්ම ශීලය සමාදන් වෙද්දී අපි හිතන්නේ තවත් ආකාරයකට,ඒ වගේම ශීලය සමාදන් උන ගමන් අපි හිතන්නේ තවත් විදියකට..
බලන්න මේ හැමදේම කරලා අපහු නිවස බලා එද්දී සිතන්නේ තවත් දෙයක් පස්සේ ගෙදර ඇවිත් හිතන්නේ ගොඩක්ම වෙනස් දෙයක්..ඉතින් ටික වෙලාවක් යද්දී නැවත පුරුදු ජීවිතයට එනවා ඉතින් අර ශීලය සමාදන් වෙන වෙලාවේ සිතට ආව දේවල් ක්‍රියාත්මක කරන්න අපහු හිතෙන්නේ ගොඩක් කලාතුරකින්.ආපහු පෝය දිනයක් එනකල්ම ඉන්නත් වෙන අවස්ථා තියෙනවා නේද යාලුවනේ..

ඉතින් අපි නිකමට මෙන්න මේ දේ සිතන්න අපේ නායක තුමා මේ තැනට එන්න හැම දවසකම හැම මොහොතකම උත්සහ ගත්ත ඒ වගේම කැපවුන ඉතින් ඒ අනුසාරයෙන් එක මාර්ගයක එතුමා ජයග්‍රහණය කළා..මුළු ලෝකයම ජයග්‍රහණයට යවන මාර්ගය අවබෝධ කරගත්ත..එත් උන් වහන්සේ වදාළ ධර්මය අපි හරියට දකින්නේ නෑ නේද යාලුවනේ...
එහෙමනම් අපි එතුමාව දකිනවා හා සමානයි කියල අපේ නායක තුමාම දේශනා කළා..නමුත් ඇයි අපිට ධර්මය හරි හැටි දකින්න අපහසු...?
යාලුවනේ අපි බැදීම් අශාවල් තෘෂ්ණාවෙන් ලාභ පරයෝජන වලින් නිෂ්පල සතුටක් උදාකරගැනීම වෙනුවෙන් ගොඩක් වෙහෙසිලා ක්‍රියාකරන්න පෙලෙබිල තියෙන්නේ..
නමුත් අපේ යථාර්තය අවබෝධ කරගැනීමේ ක්‍රියාවට බොහොම අවම කාලයක් තමයි යොදවල තියෙන්නේ.ඒ යොදවපු කාලය තුළදීත් බොහොම කෙටි අවබෝදයක් ලබන්න පුරුදුවෙලා තියෙන්නේ.ඒ ගැන කිසිම උනන්දුවක් නෑ වගේ සලකන්නේ..බලන්න අපි පන්සලට ගිහින් පැයක් දෙකක් ඉන්න පුරුදුවෙලාද...?
නෑ නේද,..මොන යම් හෝ වැඩක් තියෙනවා කියල කලින් එන්නයි හැම වෙලාවකම බලන්නේ.සමහර අය හිතනවා තමන්ට තියෙන වැඩේ අනිත් අයට කියල එතනින් එන එක ලොකු කමක් කියල..
නමුත් නියම බවුද්ධයෙක් නම් එය එසේ වෙන්නේ නෑ නේද යාලුවනේ..අපිට ආගමක් හැටියට ගොඩනැගෙන්න නම් අපි අපේ ආගම ගැන අනිත් අය ඉස්සරහ කෑගහල හරි යන්නේ නෑ නේද යාලුවනේ අපි අපේ ආගමට උපරිමෙන්ම ගරු කරලා සාධාරණය ඉෂ්ට කරන්න නම් ඒ ආගම නිසි ලෙස පිළිපදින්නයි අවශ්‍ය..එහෙම නේද යාලුවනේ?
එකයි අපේ ආගම වෙනුවෙන් සහ අපේ ආධ්‍යාත්මය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම කැපවීම..යාලුවනේ අපි මේ උතුම් වෙසක් පොහොය දවසේ එහෙමත් නැත්නම් සිංහල බවුද්ද මෙන්ම සෑම බවුද්දයෙක්ගේම සහ බවුද්ද ආගම විශ්වාස කරන ඕනෑම කෙනෙකුගේ යුතුකම වෙන්න ඕන..යාලුවනේ ඉතින් අපි අපේ වැරදි අඩුපාඩු එහෙමත් නැත්නම් අපිට ගොඩනගන්න බැරි උන දේවල් පමා වුනත් නැවත ගොඩනැගෙන්න කාලය තමයි මේක..ඉතින් අපි අපි විසින්ම තනියම අද දිනයේ සිට හෝ ගොඩනැගෙන්න උත්සහ ගමු.අපිට බැරි වෙන්න යාලුවනේ...මනුසත් කමින් පෙරට යන්න උත්සහ ගන්න අපි හැමෝම මනුස්සයෝ.ඉතින් කවදාවත් බැරි වෙන එකක් නෑ...

Post a Comment

4 Comments

  1. අකුරු පුංචි වැඩි නිසා කියවන්න අමාරුයි. ඒ වගේම මේ පුංචි අකුරු රතු පාටෙන් තියනකොටත් අමාරුයි. අකුරු ලොකු කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුව....හොදයි මම ඒ අඩුපාඩු පුළුවන් තරම් ඉකමනින් නැවත සකස් කරන්න උත්සහ ගන්නම්...

      Delete
  2. තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් තෙරුවන් සරණයි යාලුවා.....!!

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....