ඇග ඇතුලෙන් උපරිම තෘප්තිය ගන්න...

සුබ දිනයක් වේවා යාලුවනේ ඔයාල හැමෝටම,,ඒවගේම ගොඩක් ලස්සන සතියක් වේවා කියලත් පතනවා..හැබැයි ඉතින් මේ පැතුම කොයි තරම් ලස්සන උනත් ඒ හැම දෙයක් තුලින්ම අපි බලාපොරොත්තුවන සතුට සහ ලස්සන අපි විසින්ම ලබාගන්න ඕන කියල තදින්ම කියන්න  ඕන.මොකද අපේ සතුට සහ අපි  බලාපොරොත්තුවන ලස්සන දවස හැම වෙලාවකම ගොඩනැගෙන්නේ අපි එදිනෙද කරන ක්‍රියාව මත නේ,අන්න ඒ නිසා අපි ඒ දවසක් ඇතුලත ක්‍රියාත්මක කරනක්‍රියාවන්  සහ ඒ ක්‍රියාත්මක කරවන  ආකාරය අනුව අපිට ඒ දවස ඇතුලත හෝ ඊට පසු දවසක අපි බලාපොරොත්තුවන සතුට සහ ලස්සන දවසක් ලැබෙනවා..
නමුත් අපේ යාලුවෝ ගොඩක් අය කියනවා මොන දේ නැතත් වාසනාව කියන දේ තියෙන්න ඕන කියල..යාලුවනේ ඇත්තටම මොකද්ද මේ වාසනාව කියල කියන්නේ.ඇත්තටම ඒ දේ මට දැනෙන විදියට නම් යම් පුද්ගලයෙකුගේ සාර්ථකත්වය පෙන්නුම් කිරීමටත් සහ තවත් කෙනෙකුගේ අසාර්ථකත්වය කියන දේ වෙන් කරලා ඒ දේවල් දිහා බලන් ඉන්න කෙනෙකුට කැපවීමෙන් උත්සාහයෙන් තමන්ට අදාළ ගමන යන්නේ නැතුව ඒ ගමන බාදක සහිතයි මට ගැලපෙන්නේ නෑ,මම ඒ දේ කරොත් මට ඒ වගේ හරි යන්නේ නෑ කියල හිතනා මතය ඒ කෙනාගේ හිතින් පහසුවෙන් එලියට දන්නා නිර්මාණය කරගත්ත වචනයක් විතරයි කියල මම හිතනවා...
හොදයි මම උදාහරණයක් දෙන්නම්කො කල්පනා කරලා බලන්නකෝ ඔයාලම..ඔන්න අපෙ යාලුවෝ ටිකක් ඉන්නව කියල හිතමුකෝ..ඉතින් ඒ අය හැමෝම ඉගනගන්න අය කියල හිතමු.ඉතින් ඔන්න ඒ අය අතුරින් විභාගය සමත් වෙලා උසස් අද්‍යාපනය සදහා විශ්වවිදියාලය යන්න එක යාලුවෙකුට පමණක් හැකියාව ලැබුනොත් අපි කියන්නේ මොකද්ද.."උගේ ඉතින් වාසනාව තමයි.,වෙලාව තමයි,උගේ ඉතින් ලැබීම තමයි"යන ආදී බොහෝ දේවල් කියනවා..
ඉතින් ඒ මොකක් සදහාද යාලුවනේ..අපේ කැපවීම  කියන දේ අපේ හිත තුලින් අඩු තැනකට දාල අපිව අපි විසින්ම අවතක්සේරුවට ලක් කරගැනීමක් නේද එක වචනයක් තුලින් කරන්නේ..ඇත්තටම අපි අපේ තෘප්තිය කියන දේ තුල නිහතමානිව අපි තනියම සතුටු වෙනවනම් මේ දේ බලපාන්නේ නෑ යාලුවනේ.
අපි හැම වෙලාවකම පුරුදු වෙන්න ඕන අපිට පුළුවන් උපරිම අයුරින් යම් කිසි කාර්යයක් සදහා කැපවෙලා දැඩි අධිෂ්ඨානය තුලින් ඉස්සරහට යන්න.නමුත් ඒ කැපවීම තුල අපි කොයිතරම් දුරට සාර්ථක වෙනවද නැත්ද කියන්න අපිට බෑ  නේද.අන්න ඒ දේ නිසා අපි පසුබට වෙනවා අපිට මේ දේ නැති වෙයි.මේ තත්වෙට ඇද වැටේවි..අපිට මුකුත්ම නැති වෙන්නත් පුළුවන් කියල හිතනවා,
එහෙමත් නැත්නම් තවත් කෙනක් එහෙම වේවි කියල තමන්ගේ ඔළුවට රිනාත්මක ආකල්ප ගොඩක් එකතුකරද්දී අපිත් ඒ දේවල් ගැනම කල්පනා කරනවා..ඉතින් අපේ මානසිකත්වයත් ඉබේටම රිනාත්මක පැත්තට ගමන් කරනවා අපිට නොදැනීම..
යාලුවනේ කවදාවත් කිසිම දෙයක් තමන්ට නෑ  කියල හිතන්න එපා.අපේ අත පය හතර..එහෙමත් නැත්නම් තේරුම් යන සිංහලෙන්ම කියනවනම් "හතර ගාතේ හරියට තියෙනවනම් ඇවිදින්න පුළුවන් නම්"අපිට ගොඩ නැගෙන්න අවශ්‍ය ධනාත්මක ආකල්ප විතරයි යාලුවනේ..අපේ සමාජය තුල තවමත් මනුසත්කම ඉහලම අයුරින් තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා.ඒ අයට තමන් ගොඩ නැගුන හැටි..එහෙමත් නැත්නම් තමන් ආ මාර්ගය කොයිතරම් දුක් කදුලුවලින් පිරුන එකක්ද?කොයිතරම් බාධක වලින් පිරුන එකක්ද කියන එක හොදට මතකයි.
ඉතින් එවැනි මිනිස්සු මේ වගේ ගොඩනැගෙන්න ඉන්න අපේ යහළුවොන්ට අත හිත දෙන්න කවදාවත් මැලි වෙන්නේ නෑ.හැබැයි තමන් තුල අසීමිත කැපවීම කියන දේ තියෙන්න ඕන.මම මේ තැනට කවද හරි යනවා කියන හැගීම නිරන්ත්හරයේම හිතේ තියෙන්න ඕන.ඒ දේ පෙන්නුම් කරද්දී ඒ උදව් කරන අයට උනත් ඕනෑම පුද්ගලයෙක්ට උදව් කරන්න හිතෙනවා.
වැඩිය ඕන නැ,ඒ දේ එහමයි නේද අපිට උනත්.කිසිම දෙයක් නැති කෙනෙක් ඇවිල්ල බස් එකේ යන්න ඕන මට මෙහෙ ඉදන් මෙහෙට,ඒ නිසා කීයක් හරි දෙන්න කියල ඉල්ලුවොත් අපි සල්ලි දෙනවද..නැනේ?
අපි හිතන්නේ මේ සිගරට් බොන්න සල්ලි ඉල්ලන්නේ,කුඩු ගහන්න,කියලනේ..හැබැයි ඒ කෙනාම ඇවිත් කෙනෙක්ට කියුවොත් මහත්තයෝ මට ගමට යන්න සල්ලි නෑ,මට ,ඒ ගමට යන්න සල්ලි එපා,බස් එකේ ටිකට් එකක් අරන් දෙන්න කියුවොත් මොකද හිතෙන්නේ,,,ආ මේ කියන්නේ ඇත්තක් කියල හිතනවා,ටිකට් එකක් අරන් නොදුන්නත් අතේ තියෙන කීයක් හරි දෙන්න උනත් හිතට කැමැත්තක් එනවා නේද යාලුවනේ..
අන්න ඒ වගේ තමයි යාලුවනේ අපේ උත්සාහයට කැපවීමට අත හිත ලැබෙන්නෙත්,කොහෙන්වත් නෙවෙයි අපේ ගෙදර අපේ අම්ම තාත්තාගෙන් පවා ඒ උදව් ලැබෙන්නේ ඒ වගේ අපේ කැපවීම පෙන්වුවොත් විතරයි නේද යාලුවනේ..ඉතින් යාලුවනේ අපේ සතුට අපි හිතන් ඉන්න තැනට යන්න අපේ කැපවීම නේද හැම අයුරකින්ම බලපාන්නේ.ඒ තැනට එන්න අපිට ඔය විවාහයකදී බලන කුල මල බේධ,ආගමික බේද,ජාති බේද බලපානවද..?
තනියම හිතන්න යාලුවනේ සමාජයෙන් කොයිතරම් කොන් වෙන පුද්ගලයන් අපි අතර ඉන්නවද.නමුත් මෙවැනි කෙනෙකුට නොවැටී ඉස්සරහට යන්න ශක්තියක් නිකමට හරි අවොත්,ඒ දේ දිගටම කෙනාගේ හදවතේ තිබුනොත් මොන කට්ට කාල හරි මම මේ දේ කරලා පෙන්වනවා කියන දේ හිතේ තිබුනොත් කාගෙන්වත් කවදාවත් කොන් වෙන්නේ නෑ යාලුවනේ..
ඒ කොන් කල කෙනා ඊට පසුව කියන්නේ මොකද්ද.."යකෝ මු නිකන් උන්නේ මෙන්න මෙහෙමයි ,නමුත් දැන් කොහොමද.."කියල ඉරිසියාවකින් යුක්තව බලන්නේ..නමුත් ඒ දියුණු වුන කෙනා සතුව ආඩම්බරය කියන දේ නැත්නම් එයා අර මුල් තත්වේ ගැන හිතල මම ආවේ මේ වගේ තැනක ඉදන් කියන ඉතිහාසය තුල ඉන්නවනම් ඒ කෙනා හැමදාකම නිහතමානීව සතුටින් ඉදල තවත් කෙනෙකුට තමන්ට පුළුවන් උපරිමෙන් උදව් කරලා ජීවීතේ ලබන්න පුළුවන් උපරිම තෘප්තිමත් සතුට ලබනවා නේද යාලුවනේ..
ඉතින් යාලුවනේ අපිට උනත් එහෙමයි.අපේ මේ සිරුර,අපේ මේ ඇග ඇතුලේ ඉන්න මේ කය හසුරවන රියැදුරා හෙවත් පාලකයා තමයි අපේ මනස.ඉතින් මේ මනස තුල ගොඩ නැගෙන ආකල්ප මත තමයි අපි මොනවගේ පුද්ගලයෙක්ද කියල දවසක තීරණය වෙන්නේ.නමුත් ඒ දවස ඉක්මනින් වෙන්නත් පුළුවන් කලයක් ගිහිල්ලත් වෙන්න පුළුවන්.එත් ඒ දවස එනකල් ඉන්නේ නැතිව ඒ දවස ලස්සන දවසක් විදියට ඉකමනින් ලගාකරගන්නා නම් අද අදම මේ මොහොතේ ඉදන්ම කැපවෙන්නයි අවශ්‍ය.අපේ හිතේ තිබුන මුලික අරමුණු සිහින ලෝකවලට පමණක් සීමා කරන්නේ නැතිව ක්‍රියාත්මක කරමු යාලුවනේ..දවසක අපි සාර්ථක වෙනවා.
මොකද අපිත් මේ සාර්ථක වුන සැම මිනිසෙක් වගේම අපිත් එක මිනිසෙක් කියන දේ මතක තියාගමු යාලුවනේ..ඒ වගේ ආදර්ශමත් ජීවිත අපේ හැරුම් ලක්ෂ්‍ය ලෙස යොදාගමු.එතකොට කවදාවත් මානසිකව වැටෙන්නේ නෑ යාලුවනේ...
(සමාවෙන්න ඕන යාලුවනේ අද විශේෂ තැන් වර්ණවත් කරලා කැපී පෙන්වන්න නම් අපහසුයි..මේ කොළඹ යනගමන් තමයි අද ලිපිය ලියන්නේ..ඉතින් අදට මෙහෙම කියවන්නකෝ..අද ඉතින් ටිකක් මට විශේෂ දවසක්,එඅත් ඉතින් එක දවසක් විතරි වෙනද වගේම නමුත්  අද  මගේ උපන් දිනේ.යන්තම් අවුරුදු 21ක් සම්පුර්න උන...ඉතින් විශේෂ දවසක් නිසා මතක සටහනක් හැටියට මේ ලිපිය බොහොම අසීරුවෙන් අපේ යාලුවො වෙනුවෙන් ඉදිරිපත් කරේ.)

Post a Comment

0 Comments