කෝච්චිය ඇතුලෙත් මරු මරු ආතල් "සාගරිකා"...

සුභ දිනයක් වේවා යාලුවනේ...ඉතින් යාලුවනේ ඔන්න සිංහල බොදු ජනතාවගේ නියම අවුරද්ද දැන් දැන් ලග ලග එනවා නේද..දැන් නම් ගෙවල්වල නංගිලා මල්ලිලා වෙසක් කුඩු හදන්න පටන් අරන් ඇති කියල හිතනවා.එක එක සැරසිලි මෝස්තර දාල ගෙදර විදුලි බල්බ දල්වල ලස්සන ලස්සන තොරන් හදල බුධ්ධා ලම්භන ප්‍රීතියෙන් යුක්තව කටයුතු කරන්න ආරම්බ කරලා ඇති කියල හිතනවා...
ඉතින් යාලුවනේ මේ කතාව ලියන්න හිටියේ නම් අගහරුවාදා දවසේ හෝ සදුදා දවසේ..එත් ඉතින් හැමදෙයක්ම කළමනාකරණය කරගත්තම ලියන්න පුළුවන්කමක් ආවේ අද දවසේ තමයි..ඉතින් ඔන්න එහෙනම් කියවල බලන්නකෝ..
මම ඉතින් මාතරනේ යාලුවනේ.ඉතින් මාතර ඉදල උදේ පාන්දරම කොළඹ බලා දුම්රි දෙකක් පිටත් වෙනවනේ ප්‍රධාන වශයෙන්.එකක් උදේ 5.10ට පමණ වැලිගම ට එනවා.ඒ "සාගරිකා" කියන දුම්රිය.අනික 6.20 වගේ වෙද්දී වැලිගමට එනවා ඒ "රුහුණු කුමාරි" ඉතින් යාලුවනේ මම වෙනදට නම් ගොඩක් වෙලාවට රුහුණු කුමාරි දුම්රියේ තමයි යන්නේ.එත් හදිසි උවමනාවකට ගිය සිකුරාදා දවසේ "සාගරිකා" දුම්රියේ තමයි ගියේ.ඉතින් උදේම ලේස්තිවෙලා ගිහින් ඔන්න දුම්රිය ස්ථානයේදී තවත් යාළුවෙක් සමග යන්න පිටත් උනා.
ටික වෙලාවක් ගියා..ගාල්ලටත් ආව..ඔහොම ඉතින්  ටිකක් වෙලා ඉන්නකොට මට දන්නෙම නැතුව නින්ද ගිහින් තිබුනේ..
යාලුවනේ මට මතකයි වැලිගම ඉදල එනකොටම මාතර ඉදල ආව අම්මල 4 දෙනෙක් මගේ අසුනට එහා පැත්තෙන් ඉදගෙන උන්න.මම හිතන්නේ අනුරාධපුරේ පැවතී පුජාවට සහබාගි වෙන්න යනගමන් වෙන්න ඕන ඉදියේ..
ඇත්තම කියන්න ඕන එතනින් එක අම්ම කෙනෙක් අර නවගුණ වැල කියල කියන්නේ.ඇට ඇට දාපු මාලයක්..අන්න එක අතැතිව හිටියේ.තවත් අම්මල දෙන්නෙක් ලොකු කතාවක හිටියේ මේ දවස්වල තිරගතවන බුද්ද චරිතය අලලා සැකසුන චිත්‍රපටයක් ගැන.අනිත් අම්මත් ඒ කතාවට ටික ටික කතා කරමින් සහයෝගය දෙන අතරේ බෝධිපුජා පොතක් කියව කියව ගියේ.ඉතින් මට හොදටම පේනවා ඇහෙනවා මේ අයගේ  සිදුවීම..එත් ඕප දුප අහනවා වගේ මට ඉන්න බැනේ..
ඉතින් ටික වෙලාවක් ඉන්නකොට මට හොදටම නින්ද ගිහින්..ඉතින් ටික වෙලාවක් යනකොට මම ඉබේටම වගේ අවදි උනා.ඇත්තටම ඉන්නේ කොහෙද කියලවත් දැනීමක් තිබුනේ නෑ.මගේ ඉස්සරහා හොදටම මගීන් පිරිලා.උදේම රැකියාවට යන අයියල තුන් හතර  දෙනෙකුයි අක්ක කෙනෙකුයි තව ඇන්ටි කෙනෙක්..ඉතින් එයාල හැමදාම එකට යන එන අය කියල කතාවෙන්ම තේරුම් ගියා..
මම ඇත්තටම ඒ තැනට ගොඩක් අලුත්.එයාල ඉතින් එයාලගේ එක එක කතා වල..
ගොඩක් සතුටින් කාලය ගතකරන පිරිසක් වගේ දැක්ක ගමන් තේරුම් යනවා.හිනාවෙලා උදේ පාන්දරම තමන්ගේ රැකියාවට යන එන ප්‍රීතිමත් ජීවිතයක් ගතකරන අපේ යහළුවෝ යෙහෙළියෝ ටිකක්.
ඉතින් ඔන්න ඔහොම ටික දුරක් යනකොට එතැන හිටපු අයියා කෙනක් කියුව ආ බේරුවල පහු උනා..කියල.
ඒකට හේතුව තමයි හැමදාම සුපුරුදු සුවදක් එයාලට දැනිල.."කරවල වේලන තැනක ගදක්"
ඉතින් මට හිනහත් ගියා..කොහොම හරි ඔන්න ඔහොම ගමන යනකොට මගේ අසුනට පිටිපස්සේ ආසන්න අසුනක ලස්සන යෙහෙලියක් ඉදිය..මාතර ඉදල තමයි එයත් ආවේ.ඇත්තටම ලස්සනයි.ඉතින් ඕනෑම කොල්ලෙක්ගේ හිත යන ගානටම ලස්සනයි.
ඉතින් අපේ යාලුවෝ ඒ වගේ කෙනක් දැක්ක ගමන් ඉතින් සක්‍රිය වනවනේ..ඉතින් අර යාලුවෝ ටිකත් උඩින් පහත් උන අය නෙවෙයිනේ.ඉතින් එයාලත් ඉක්මනටම සක්‍රිය උනා.කෙටියෙන්ම කියන්නම්කො තේරුම් යන විදියට..පොඩ්ඩ පොඩ්ඩ අර යෙහෙළියට ලයින් දාන්න පටන් ගත්ත...යාලුවනේ මුල්ම දැකීම කටත් ගොඩක් අලුත් අත්දැකීමක්.කොහොමහරි කැමතිද කියල දැනගන්න නේ ඕන.එහෙමත් නැත්නම් වචනයක් හරි කතාකරන්නමනේ ඕන..
ඉතින් දෙන්නට දෙන්න හොරාට හොරාට බල බල හිත යටින් කැමැත්ත ප්‍රකාශ කර කර කැමැත්ත හංගගෙන යන ගමනක්නේ මුල්ම හමුවීම..
හැබැයි බලාපොරොත්තු ගොඩක් ඒ වෙලාවේ නම් නෑ.එත් යාලු උනාට පස්සේ නම් කියන්න දෙයක් නැනේ..
කොයිතරම් බලාපොරොත්තුද නේද..
ඉතින් ඔහොම ඉන්න ගමන් මේ යහළුවෝ ටික අර යෙහෙළියට පුළුවන් උපරිමෙන් කැමැත්ත ප්‍රකාශ කරන්න උත්සාහ ගත්ත..ඉතින් ඒ යෙහෙළිය තමන්ගේ අම්මයි තාත්තයි එක්ක තමයි උන්නේ..හැබැයි ඒ තාත්තගේ අතේ x ray ගනිපු පිටපත් දාපු බෑගයක් තිබුන.ඉතින් අර යහළුවන්ට ඉවෙන් වගේ දැනිල තියෙනවා මේ යන්නේ ඉස්පිරිතාලෙට තමයි කියල..
මට නම් තනියම හිනා යනවා එතන එයාලගේ කතා ඇහිලා.එක්කෙනාට එක්කෙනා විහිළු කර කර ඇත්තටම පුදුම සතුටකින් උදේ තමන්ගේ රැකියාවට යන පිරිසක්..ඉතින් ඔන්න ඔහොම ඉන්න ගමන් කොහොමහරි අර ගෑනුලමයාගේ අතට දුරකථන අංකයකුත් කොළ කෑල්ලක සටහන් කරලා දෙන්න පසුබට උනේ නෑ මේ යාලුවෝ ටික.ඉතින් දැන් ඒ වැඩෙත් හරි කියල හිතාගෙන සතුටින් යන අතරමග ලොකුම සතුටක් මේ අයගේ සහ ඒ දුම්රිය මැදිරියේ ගමන්කළ හැමෝටම වගේ ලැබෙන්න හේතුවක් ඉදිරිපත් උනා..
ඉතින් යාලුවනේ එක දුම්රිය ස්ථානයකින් මට හරියටම මතක නම් නෑ..කළුතර හෝ ඊට ආසන්න දුම්රිය ස්ථානයකින් තමයි මේ හේතුව ඉදිරිපත් උනේ..
යාලුවනේ ඇත්තටම හොද උදාහරණයක්.."දෙපයින් නැගිටපු දිරිය මිනිස්සු දෙදෙනෙක්."
ඉතින් අවුරුදු 60ක් වගේ වයස(කකුලත් ආබාධයකට ගොදුරු උන ) එක මනුස්සයෙක් සහ එයාගේ යහළුවට අවුරුදු 65ක් 70ක් වගේ වයස ඇති මම හිතන්නේ.
යාලුවනේ මේ දෙන්නත් ආවේ උදේම තමන්ගේ එදිනෙදා ජීවත්වීම සදහා කරන රැකියාව කරන්න..මොකද්ද දන්නවද.එයාල දෙන්න දුම්රියේ යන මගීන්ගේ හිතට අපූරු සතුටක් එකතු කරනවා ලස්සනට ගීත ගායන කරලා..ඉතින් මේ දේපල වෙනද වගේම ගොඩක් ලස්සනට ගීත වැලක්ම ගායන කළා.යාලුවනේ අර සතුටින් ගමන ආව අපේ යහළුවෝ යෙහෙළියෝ ලග ගොඩක් උතුම් ක්‍රියාවන් ගොඩක් එලියට ආව..
ඒ යාලුවෝ හැමෝම කිසිම උස් පහත් බේධයකින් තොරව මේ මනුස්සයෝ දෙන්නට උදව් කරා..එයාලත් සින්දු කියුව.තාලෙට අත්පුඩි ගැහුවා..හැමෝම වගේ ඒ මිනිසත්කම විදහා දැක්වුව..ඇත්තටම ලොකු වෙනස් ප්‍රදේශයක් උනා ඒ අවකාශය මොහොතක් ඇතුලත.එතන ගොඩක් විවිධ පිරිස් ඉදිය..
උපාසක අම්මල කීප දෙනක්,මැදි වයසේ අම්මල කීප දෙනෙක්,රැකියාවට යන අයියල අක්කල,විශ්වවිද්යාලේ යන යහළුවෝ,ඉස්පිරිතාලෙට යන අයත් ඉදිය..
ඉතින් මේ හැමෝටම හිතට ගොඩක් ලොකු සැහැල්ලුවක් දෙන්න මේ ගීත ගයනා කර දේපල වගේම අනිත් මගීන් හැමෝම සහය උනා..
යාලුවනේ ගොඩක්ම විශේෂ කාරනවා තමයි ඒ ගීතවලට සාධාරණයක් ඉටුකළ ප්‍රධාන දායකයෙක් සහ දායිකාවක් උන්න..මේ දෙන්න එකතුවෙලා හැම මගියෙක්ගෙන්ම සල්ලි කීයක් හරි එකතුකරලා අර යාලුවෝ දෙන්නට දුන්න.විශේෂ වෙන්න හේතුව තමයි මේ උදව් කල දෙන්නත් ඉහල රැකියාවක් කරන මගීන් දෙදෙනෙක්.
ඇත්තටම එහෙම උතුම් සමාජයක් ගොඩක් කලාතුරකින් දකින්නේ..මොකද ගොඩක් අය ඒ වගේ දේවල් වලට මුදල් දෙන්නේ හරි අඩුවෙන්.මට වඩා අත්දැකීම් ඔයාල සතුව ඇති නේ..
ඉතින් ඔන්න ඔහොම සතුටින් ගමන යද්දී මගේ ලගින් එතන ඉදිය අක්ක කෙනෙක්.ඉදගත්තා..මම ඉතින් ඇහුව අක්කේ හැමදාම මේ වගේද කියල..ගොඩක් සතුටින් ඇහුවේ මම..එයා ඔව් කියල කියුව.මම කියූව නුහුරු අත් දැකීමක් මට නම්.මම මේ ගැන ලිපියක් පලකරනවා බොහෝදුරට අගහරුවද වගේ.කියල මනුස්සයෝ.කොම් ලිපිනය ඇතුලත් කාඩ් එකක් දුන්න අතට මේකට ගිහින් බලන්න කියල..හැබැයි එක දීපු ගමන් අක්ක මගේ ලගින් නැගිටලා ගියානේ..හැබැයි ඔන්න කියන්න ඕන නරක අදහසකින් එහෙම දුන්න නම් නෙවෙයි හොදද..
එත් පස්සේ කතා කරලා තමා ගියේ.එතනත් ලොකු අත්දැකීමක් තමයි ලැබුනේ.අපේ යෙහෙළියෝ ගොඩක් යහළුවෝ විශ්වාස කරන්නේ නැනේ එකපාරට..එකයි මම හිතන්නේ.
ඉතින් ඔන්න කොහොමහරි මේ ගමන් යද්දී මේ හැමෝම සතුටු උනේ ලස්සන ගීතවලින්.ඉතින් යාලුවනේ ඒ වගේ දවසක් උදේම ආරම්බය සතුටින් ගතකරන්න පුළුවන් නම් අපේ මුළු දවසම ප්‍රබෝධමත් නේද..?
හැමදාකම උදේ අවදිවෙලා දවස ආරම්භ කරද්දී සතුටින් ආරම්භ කරනවානම් එදා දවසේ කරන වැඩ කටයුතු ගොඩක් සරල වෙනවා.අපිට නොදැනීම මහන්සියකින් තොරව ඒ දේවල් කරගන්න පුළුවන්..ඉතින් හවසට උනත් ඒ සතුට ගොඩක් වැඩි.මොකද වෙනද තරම් මහන්සියක් හිතට ගතට දැනෙන්නේ නැනේ.ඉතින් වෙනදට වඩා ලොකු වෙනසක් දැනෙනවා...
යාලුවනේ ඉතින් අර යහළුවෝ යෙහෙළියෝ දැන් ඔන්න කොළඹට ආසන්න උනාම විසිර යන්න සැරසුණා..පිරිසක් කොල්ලුපිටියෙන්,බම්බලපිටියෙන් නික්ම ගියා.ඉතින් හැමෝම වගේ කොළඹ කොටුවෙන් ඉවත්ව ගියා.මම ඉතින් මරදානෙන් තමා බහින්න උන්නේ.ඉතින් අවසානයේ මම විතරයි ඉතිරි උනේ..පස්සේ මරදානට ඇවිල්ල මමත් බහින්න හදනකොට ගොඩක් දුක හිතෙන අත්දැකීමක් ලැබුන යාලුවනේ.
මතකද අර අපේ දුම්රිය මැදිරියේ ඉදපු ලස්සන යෙහෙළිය..අර අපේ යහළුවෝ කැමැත්ත ප්‍රකාශ කරන්න උත්සහ ගත්තේ.අන්න එයත් ඉතුරුවෙලා උන්න මරදානෙන් බහින්න.යාලුවනේ ඒ යහළුව දන්නවනම් සමහරවිට කැමතිවෙයිද අකමතිවෙයිද කියලත් සැකයි.සමහරවිට සැබෑව දන්නවනම් ඒ යහළුව මේ යෙහෙළියට විහිළු කරන එකකුත් නැති වෙයි....
එයා දැනගත්තත් ඉස්පිරිතාලෙට යන ගමනක් කියල කවුද ලෙඩවෙලා ඉන්න කෙනා කියල හිතන්න නැතුව ඇති..මේ ලස්සන යෙහෙළිය තමයි ලෙඩවෙලා තියෙන්නේ.
ලෙඩක් කියන්නේ මෙයාට ඇවිදින්න අපහසුයි.කෙටියේනම් කියුවොත් එයාට දුම්රියෙන් වේදිකාවට බැහැගන්න හැකියාවක් තිබුනෙත් නෑ වගේ.
ඉතින් යාලුවනේ මේ යෙහෙළියට අර යහළුවාගේ හැගීම් දැනීම් අවබෝධ උනත් එයාගේ හිතේ මේ අඩුපාඩුව කොයිතරම් දුකක් ඇතිකරවන විදියට දැනෙන්න ඇතිද..සමහරවිට හිතෙන්න ඇති මම කැමති උනත් එයා මට ඇවිදින්න අමාරුයි කියන දේ දැනගත්තොත් අපහු අකමැති වෙන්න පුළුවන් කියන දේ උනත් ගොඩක් අවංකවම මේ යෙහෙළියගේ හිතේ ඇතිවෙන්න පුළුවන් නේද..
ඉතින් මේ විදියට ගොඩක් දුකක් ඇතිකරවන සිදුවීමක් තමයි අවසාන මොහොතේ නෙත ගැටුනේ යාලුවනේ.
යාලුවනේ අපි හැම වෙලාවකම තේරුම් ගන්න ඕන අපි ඉන්න අපි මේ ගැවසෙන සමාජය ගොඩක් විව්ධාකරයි.කෙනෙකුට කෙනෙක් විවිධයි රුපයෙන් හැසිරීමෙන් කියලා.එත් ඒ හැමගේම හැගීම් දැනීම් යම් තාක් දුරට සමානයි..ඒ ආදරයෙන් සහ සතුට හෝ දුක කියන දේවල් වලින්.මොකද අපි හැමෝටම ඒ දේවල් ගොඩක් එක හා සමානව දැනෙන්නේ..
ඉතින් අන්න ඒ නිසයි අපි හැමෝම මනුස්සයෝ කියල කියන්නේ..අපි හැමෝම එකම ලේ වර්ගයකින් එකම ශරීර අවයව වලින් හැඩගැහිලත් අපි අතරේ ලොකුකම් ආඩම්බරකම් නොයෙක් විදියේ මතවාද නිසා කෙනෙකුට කෙනක් පස්සට දාල නැගී සිටින්න වෙර ගන්නවා නේද..මේ හැමදෙයක්ම බාහිර සමාජය එක්ක සැසදුවම අපි ලබන සතුට මොකද්ද කියල අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා නේද යාලුවනේ..ඒ සතුට සැබෑම සතුටක්ද නැත්ද කියල යන වග.
ඉතින් හොදට හිතට අරන් තමන්ගේ ජීවිතේදී තමන්ට ලැබෙන පොඩි අත්දැකීමකින් උනත් ගන්න පුළුවන් ආදර්ශය මොකද්ද කියල හිතන්න පුරුදු වෙමු යාලුවනේ..
අපි මොන අවස්ථාවේ මොන විදියට හැසිරුනත් මොන තරම් ලොකු සල්ලිකාරයෙක් උනත් අපි සතුව තියෙන ගුණධර්ම මත ඒ කෙනා තවත් කෙනකුට වඩා පහත් වෙන්න පුලුවන් නේද යාලුවනේ..
අන්න ඒ නිසා පුළුවන් හැම වෙලාවකම අපිට මේ බාහිරින් පේන මිනිසා ඇතුලේ ඉන්න ඒ මිනිසාව මෙහෙයවන ඇතුලත මිනිසාව ගොඩක් හොද කරගන්න උත්සාහ ගමු යාලුවනේ...අපිට බැරිකමක් නෑ..මොකද හැමදාම කියනවා වගේ අපි ඉතා උසස් හිතීමේ හැකියාවක් සහිත මිනිස්සුනේ..

Post a Comment

0 Comments