අමාරුවෙන් කොච්චර වින්දත් ඒ සැප මදි ද...?


සුභ දවසක් වේවා යාලුවනේ...ඉතින් අද කියන්න යන්නේ අලුත්ම විදියේ කතාවක් ගැන.අපේ සමාජයේ එක එක පුද්ගලානුබද්ධ අවස්ථා තියෙනවනේ..එක වෙලාවකට එක පිරිසකට දුකයි,තවත් කෙනෙකුට උපරිම සතුට,තවත් කෙනෙකුට උපරිම සැප සම්පත් තිබිලත් හිතේ ප්‍රශ්න,ඉතින් හිතේ ප්‍රශ්න තිබිලත් සතුටින් ඉන්න අයත් ඉන්නවා..ඉතින් මේ හැමදෙයක්ම අසීමිත සැපසම්පත් තුලින් හිතේ සතුට ලබාගන්න ගිහින් නේද ඇත්තටම ඇතිවෙන්නේ..
ඔන්න හොදට හිතල බලන්න පුංචිම කාලේ අපිට කියල කිසිම දෙයක් තිබුනද..මේ දේ මගේ කියල කියන්න දෙයක් තිබුනද..හැබැයි තේරුම් යන කාලේ ආවම මේක මගේ දෙන්නේ නෑ ඔයාට කියල රන්ඩුවෙනවා..
අම්ම කාගේද පුතේ?
කියල ඇහුවොත් මගේ කියල කියනවා..ඉතින් ඔන්න ඔහොම ඔහොම ටිකෙන් ටික මගේ කියන තෘෂ්ණාව කියන හැගීම හිතට එනවා නේද.
ඉතින් යාලුවනේ එන්න එන්න ආශාවල් වැඩිවීම සිද්දවෙන්නේ වෙනත් කෙනෙක් දිහා දැකල නේද..ඒ කෙනා සතු දේවල් තමන් සතුව නැත්නම් අපිත් හිතනවා අපිටත් මේ දේ මේ විදියට තිබුන නම් කියල හිතල ඒ හා පසුපස හබා යන්න අපි උත්සාහ කරනවා..අපිට ගෙයක් ඕන නිසා අපි සල්ලි හොයනවා රැකියාවක් කරලා.එක්කෝ අපිට වාහනයක් ඕන කියල හිතුනොත් ඒ සදහා කැපවෙනවා..එතන නේද යාලුවනේ එක පැත්තකින් අදිශ්ටානය සහිත නොපසුබස්නා උත්සාහය තියෙන්නේ..
හැබැයි යාලුවනේ මේ ආශාවල් පමණට ඉක්මවා අවශ්‍ය තරමට වඩා ලබාගන්න උත්සාහ කරන එක තමයි නිෂ්පල ක්‍රියාවක් වෙන්නේ.මොකද අපිට අවශ්‍ය දේ අවශ්‍ය පමණට කරන්න පුළුවන් නම් එතන සැබෑ සතුටක් ලබන්න පුළුවන් ලද දෙයින් සතුටු වීම තුලින් එහෙම නේද යාලුවනේ...
අද අපි නිකමට වගේ අපි ආපු ගමන් මග ගැන හිතලම කතාකරන්න හිතුව යාලුවනේ වෙනසකටත් එක්ක කොහොමද අපි මේ මේ දෙවල් කියලත් ඒ දේවල් අපේ හිතට වදින්නේ නැත්තේ ඇයි කියන එක ගැන අපි නිකන් හිතන්න විදියක් ගැන තමයි අද කතාකරන්න හැදුවේ.
දැන් අපේ වෙබ් අඩවියට හරියටම මාස 5ක් වෙනවා.ඉතින් ප්‍රතිචාර ගොඩක් ලැබුන ගොඩක් අය හොද කියුව..ස්තුතියි හැමෝටම...
ඉතින් යාලුවනේ පොඩ්ඩක් හිතමු අපි අනිත් පැත්තට.ඇයි යාලුවනේ අපිට කෙනෙක් කියන දෙයක් අපිට හිතට ගන්න උවමනාව ආවත් ආපහු ටික දවසකින් නැතිවෙන්නේ.එහෙම නේද යාලුවනේ..අපි කෙනෙක්ගෙන් යම්කිසි උපදෙස් කීපයක් ලැබුනත් අපි ඒ ගැන හිතල ඒ මොහොතේ හිතට ගැම්මක් අරගත්තත් ඒ ගැම්ම ටික දවසකින් නැතිවෙනවා වගේ නේද..
සතිය ආරම්භ කල දවසේ අපිට ලොකු ගැම්මක් හිතට එහෙමත් නැත්නම් ධනාත්මක ආකල්ප රැසක් හිතට ආවත්..ඒ දේවල් අපි හැමදාකම හිතින් සහ ගතින් ක්‍රියාවට නංවනවා කියල හිතට අරගත්තත් කාලයත් සමග යම් තාක් දුරකට හෝ ඒ දේ ගිලිහෙනවා නේද යාලුවනේ..
යාලුවනේ මොකද්ද මේකට හේතුව..ඇත්තටම කියුවොත් අපි එක දවසකට විතරක් ඒ ආකල්ප හිතින්  එකතුකරගෙන ලොකු ශක්තියක් හිතට ගත්තත්,සමහරවිට එක මොහොතකට විතරක් ඒ ශක්තිය හිතට අරගත්තත් යම් කිසි පසුබෑමකට ලක්වෙන්න හේතු කීපයක් බලපානවා නේද යාලුවනේ..අපි දවසක් ඇතුලත කරන ක්‍රියාවන් එක්ක ඒ දේවල් අපේ හිතින් අපිට නොදැනුවත්වම ගිලිහෙනවා.ඒ අපි වැඩිපුරම ආස කරන දෙයක් නිසා නේද යාලුවනේ..
අපි ඒ ශක්තිය හිතට ගන්න වෙලාවේ එහෙමත් නැත්නම් අපි ඒ ධනාත්මක ආකල්ප හිතට ගන්න අවස්ථාවේම අපි කල්පනා කරන්නේ මොකක්ද..හරි අද ඉදල මම පරිගණකය භාවිතා කරන්නේ නෑ.එහෙමත් නැත්නම් මම අද ඉදල අරක්කු බොන්නේ නෑ, සිගරට් බොන්නේ නෑ කියල 100%ක් ම තරයේ එකවර නවත්වනවා කියලයි අපි ඒ ආකල්ප හිතට ගන්නේ එහෙම නේද...
ඇත්තටම යාලුවනේ මම දකින්නේ අන්න ඒ චින්තය තුලයි අපිට සාර්ථක වෙන්න බැරි වෙන්නේ කියල..යාලුවනේ අපි හිතන්න ඕන ප්‍රධානම දේ තමයි ඒ නරක පුරුදු අත ඇරලා 100%ක් ම නිවැරදි වෙන එක..එත් යාලුවනේ අපිට පුරුදුවෙලා ඉදපු දෙයක් ගහකින් ඉත්තක් එක වර කඩලා විසිකරලා දැම්ම වගේ නවත්වන්න හරිම අමාරුයි..
හැබැයි බැරි නෑ.ඒකට හිතට ලොකු ඒකාකාරී ශක්තියක් තියෙන්න ඕන.මම මොන දේ උනත් මේක නවත්වනව,එහෙමත් නැත්නම් කවුරු මොන විදියට හිතුවත් මට මොනවා උනත් මම මේ දේ කරනවමයි කියන දැඩි අධිෂ්ඨානය තියෙන්න ඕන..
මේ හැකියාව නැති කෙනාට ඒ දේවල් නවත්වගන්න ක්‍රමයක් තියෙන්න ඕන නේද යාලුවනේ..
අන්න ඒ ක්‍රමය තමයි අපි අනුගමනය කරන්න පහසු ක්‍රමය..අපිට අවශ්‍ය ස්ථානයට එකවර එක මොහොතේම යන්න උත්සහ ගන්න එපා.එහෙම කලොත් ඉක්මනට ඒ දේ නැතිවෙන්න පුළුවන්කම වැඩයි.
අපි මුලින් පොඩ්ඩ පොඩ්ඩ උත්සහ ගන්න යාලුවනේ ඒ අධිශ්ටානය සාර්ථක කරගන්න කැපවෙන්න..යම්කිසි අයුරකින් කරන්න පෙලබෙන දෙයක් එක ස්ථානයක යම් දවසක නතරවෙනව කියන අධිශ්ටානය හිතේ තියාගෙන ඒ සදහා ටික ටික කැපවෙන්න.
මම මේ දවස වෙනකොට මේ තැන ඉන්නවා කියල හිතන්නන..මගේ අවශ්‍යතාව මේ මාසේ අවසාන දිනය වෙද්දී රු 6000ක් සොයන්න නම් හෙට හවස වෙද්දී ඒ 6000 සොයන්න එකපාර හිතන්න එපා.එහෙම හැකියාවක් තියෙනවනම් සාර්ථකයි තමා.එත් අපි කාලයත් සමග ගොඩ නැගෙන්නයි අවශ්‍ය යාලුවනේ..
හැබැයි ඒ ගොඩනැගෙන කාලය තුලදී ගන්න අත්දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් කරගන්න ඕන.එතන කාලය කා දැමීමක් නෑ යාලුවනේ..අපි සාර්තක නම් අපිට කාලයෙන් උපරිම ප්‍රයෝජන ලැබිල..
මාසෙට දවස් 30ක් තියෙනවනම් අපි එක දවසකදී රු 200ක් සොයන්න මහන්සි ගන්න.නිකන්ම 6000ක් දවස් 30න් ලැබිල නේද..
ජීවිතේ තියෙන ලොකු අරමුණක් සදහා කැපවෙන්න කෙටි අරමුණු රාශියක් එකතු කරගත්තොත් ලෙසියි පහසුයි කියල මම හිතනවා යාලුවනේ...
රත්තරන් මාලයකට වටිනාකම ලැබෙන්නේ පොඩි පොඩි පුරුක් එකතුවෙලා නේද.ඒ පුරුක් වල තියෙන විවිද ආකාරයේ හැඩතල නිසා තවත් ඒකට වටිනාකම අබෙනවා නේද..ඉතින් අපේ ජීවිතෙත් ඒ හා සමානයි නේද යාලුවනේ..මොහොතක් අපි කල්පනා කරලා බලන්න අපිට වැරදුන නම් ඒ කොතනද වැරදුනේ කියල..සහ අපි ඒ වැරදුන තැන හදාගන්න පහසුම ක්‍රමය මොකද්ද කියලත් හිතන්න යාලුවනේ..ඒ දේවල් මගින් අපිට ඊලග අවස්තාව නිවැරදි කරගන්න පුළුවන් වෙයි කියල හිතනවා.
ඉතින් ඒ සදහා මේ කියපු අපේ ජීවිතෙන් අපිට ලැබුන අපේම උදාහරණ ටිකත් වැදගත් වෙයි කියලත් හිතනවා..

Post a Comment

0 Comments