විනාඩි 15කින් සල්ලි හොයන්න...අදම අත්හදා බලන්න..

තින් යාලුවනේ හෙටින් ආරම්භ වන සතියත් ගෙවුණු සති අන්තයත් සුභ කාල වකවානුවක් වේවා කියල එහෙනම්  ඔන්න වෙනද වගේම පතනවා..ඉතින් ගොඩක් කාලෙකින් තමයි අලුත් ලිපියක් පළකරන්නේ.මේ දවස්වල අපේ පවුලේ අයට ගොඩක් කරදර ටිකක් සිද්ද වුන..ඉතින් කර්ම විපාක තමයි ඒ දේවල්.එහම නැතුව ඉතින් ඇස්වහ කටවහ නම් නෙවෙයි..මොකද අපේ නායකතුමා කියල තියෙනවනේ මංගල කාරණා ගැන හොදාකාරවම..ඉතින් අපේ යාළුවොත් ඒ ගැන අහල ඇතිනේ..

ඔන්න යාලුවනේ අද අපි කතාකරන්න හදන්නේ ඉක්මනට අර සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයකට තවත් අත්වැලක් දීමට හොයාගත්ත පොඩි ක්‍රම කීපයක් ගැන..මේ ගැන හරියට කරලා බැලුවොත් හරිම තමයි..
දැන් නම් ඔන්න අපේ උ.පෙළ කරන අයට නම් තව දවස් 90ක් වගේ කාලයක්නෙ තියෙන්නේ අසන්න වශයෙන්,,,ඒ කියන්නේ ඉතින් මාස තුනක් වගේ කෙටි කාලයක්..
ඉතින් ඒ වගේම තමයි සල්ලි හොයන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් නැතුවම නෙවෙයිනේ මේ දෙගොල්ලන්ටම වැදගත්වන දෙයක් ගැන තමයි අද කියන්න යන්නේ..
අපි දවසක් කතාකරා කාලය කළමනාකරණය කරගන්න විදිය..මතක ඇතිනේ..හැබැයි එතන පොඩි ගැටලුවක් ඉතුරුකරලා තමයි අපි කතා කරේ.කොහොමද පහසුම ක්‍රමය මේ කාලය කෙටියෙන් කළමනාකරණය කරගන්නේ කියන එක...ඉතින් අපි කියුව පස්සේ දවසක හමුවන ලිපියකින් මේ ගැන තව දුරටත් කතා කරනවා කියල.මතක ඇතිනේ යාලුවොන්ට..

යාලුවනේ ඔන්න අද අපි ඒ වගේ කාලය කළමනාකරණය කරගන්න පහසුම ක්‍රමයක් සමගින් කොහොමද සල්ලි හොයන්නේ කියල තමයි මේ කියන්න හදන්නේ මොකද ඉකමනට දියුණු වෙන්න නේ අපේ ගොඩක් යාලුවෝ කැමති,එහෙම නේද..
යාලුවනේ අපි ගතකරන මේ ජීවිතය හිස් වූ බදුනක් වගේ කියල කියුවොත් ඇත්තටම නිවැරදියි..
උදාහරණයක් ගන්න නිකන් හිස් කලයක් වගේ එකක්..එහෙම කියුවම තව ගැලපෙන කතාවක් මතක් වෙනවනේ කාටත් කට ලගටම පිරුණු කාලයක් නම් එකෙන් සද්දය නිකුත් වෙන්නේ නෑ වගේ නේ..අන්න ඒ දේ අනිත් පැත්ත තමයි කතාව.
ඒ අතරේම මේකත් අහල ඇතිනේ අපේ යාලුවෝ යෙහෙළියෝ...
"උගතෝ නිහඩයි "කියල..මොකද්ද යාලුවනේ මේ කතාවේ තේරුම..එක කෙටියෙන් කියුවොත් නම් නිවරදීයි එත් හරිනම් ඒ දේ "උගත් සහ බුද්ධිමතෝ නිහඩයි "කියල කියනවනම් ඇත්තටම හරි..
හැබැයි මේ නිහඩයි කියල කියුවේ කතා කරන්නේ නෑ කියන එකද නෑ නේ..?ඒ වගේ උගත් බුද්ධිමත් අය අර අපි කියන්නේ වාචාල කමට කියවනවා කියල.අන්න ඒ වගේ නෑ,අවශ්‍ය දේට පමණක් කතා කරනවා කියල කියන එක ගැන තමයි මේ දෙයින් කියන්නේ..
යාලුවනේ අපි උගත් කම කියන දේ හදාගන්න තමයි මේ ලබන පාසල් අධ්‍යාපනය විශ්ව විද්‍යාල අද්‍යාපනය වගේ දේවල් හදාරලා උපාධි,විවිධ පාඨමාලා  හදාරලා තවත් කෙනෙකුට වඩා ඉහල දැනුමකින් යුක්ත පුද්ගලයෙක් බවට පත්වෙන්න හදන්නේ.ඒ ඇයි යාලුවනේ.තවමත් අපේ රටේ රැකියා සදහා ඒ කියන්නේ ඉහල පෙලේ රැකියා සදහා තරගකාරිත්වය වැඩයි.ඒ මොනවටද යාලුවනේ තමන් ලබන අධ්‍යාපනික දැනුමට වඩා භාහිර දැනුම තුලින් ගොඩක් අය වැඩි දෙයක් ඉගන ගෙන ඉන්නවා. ඒ නිසා ඒ වගේ අයට ගොඩක් අවස්ථාව වැඩයි..ඕක කොයි කටත් පැහැදිලිවෙනවා මෙන්න මේ වචන වලින් කියුවම..
Academic Qualifications / Professional Qualification කියල අපි කියන්නේ..අන්න ඔය දෙකට තමයි යාලුවනේ.ඒ කියන්නේ අධ්‍යාපනික දැනුම සහ වෘතීමය දැනුම සහ සුදුසුකම් කියන දේ තමයි මේ කියන්නේ..
ඉතින් මෙන්න මේ දේවල් වලින් පරිපුර්ණ වුනාම අපිට ගොඩක් හොද තැනකට යන්න පුළුවන්..
මේ අධ්‍යාපනික දැනුම කියන දේ ගොඩක් අයට තියෙනවා..ඒ කියන්නේ තමන් හදාරපු විෂයයන් එක්ක බැලුවම ඒ විශයයන් හදාරපු ගොඩක් අය ඉන්නවනේ..නමුත් යාලුවනේ මේ වෘතීමය අත්දැකීම් එහෙමත් නැත්නම් සුදුසුකම් තියෙන අයගොඩක් අඩුයි.මොකද ඒ ඒ අය කරලා තියෙන භාහිර දේවල් ඒ කියන්නේ ඔය පරිගණක පාඨමාලා,ඉංග්‍රීසි පාඨමාලා,එහෙමත් නැත්නම් හැමෝටම තේරෙන්න කියන්නම් දැන් කාලේ ඔය කරන්නේ අපේ යාලුවෝ Java/Web designing/AAT/Cima/English (spoken)/Mangement/IBSL ඔන්න තේරෙන විදියටම කියුව පොඩි පොඩි උදාහරණ ටිකක්..ඉතින් ඔන්න ඔයවගේ දේවල් ටිකක් කරලා තියෙනවනම් ලංකාවේ අඩුම තරමේ මුලික වැටුප රු 30000කට ආසන්න රැකියාවකට යන්න පුළුවන් නේ..?ඉතින් එකනේ අපේ යාලුවෝ පන දමාගෙන ඕව කරන්නේ..
එත් මතක තියාගන්න යාලුවනේ කාටවත් බයක් නැති ලැජ්ජාවක් නැති අනුන් කොහොම හිතුවත් මට අදාළ නැති අට ලෝ දහමින් කම්පා නොවන අපේ යාලුවෝ ඔයිට වඩා  මුදලක් උපයනවා කියලත් මතක තියාගන්න..
පහුගිය දවස්වල කතා උන නේ ඒ වගේ චරිතයක්..රැකියාව තමයි කෝච්චියේ කඩල/වඩේ විකුණන එක..
එක පැත්තකින් හොදම උදාහරණයක් හැබැයි ඒ කෙනාගේ වත්කම් බැලුවම කවදාවත් හිතන්න බෑ ඒ එයාගේ රැකියාව කියල..
කිසිම උපාධියක් නැතුව නේ ඒ දේවල් කරන්නේ..
ඉතින් යාලුවනේ මේ හැමෝම වගේ තමන් ලබන්න ආස කරන අධ්‍යාපනය සහ ඒ ඇසුරින් ලබන දැනුම වැඩි දියුණු කරගනිමින් හොද තැනකට එන්න ගොඩක් උත්සාහය සහ කැපවීම් තියෙන්න ඕන..
ඉතින් මේ කැපවීම යටතට තමයි අපි මේ කළමනාකරණය කරන කාලය අයත් වෙන්නේ..
ඔන්න යාලුවනේ කෙටි ක්‍රමයක් දැන් කියල දෙනවා ඉක්මනට මේ කළමනාකරණය කරගැනීම සදහා.හැබැයි ඉතින් මේ දේවල් කරලම තමයි අත්දැකීම ලබන ඕන නරකද හොදද කියල..
යාලුවනේ අපි දවසින් දවස තමයි කාලය ගත කරන්නේ..දවස් හතක් ගියාම කියනවා සතියක් ඉවරයි කියල ඊටපස්සේ දවස් 30ක් වගේ ගියාම කියනවා මාසයක් ඉවරයි කියල..
ඊට පස්සේ මස 12කින් කියනවා අවුරුද්දක් ඉවරයි කියල..යාලුවනේ කල්පනා කරන්න බලන්න කවුද ඔය කාලය  කියන දේ මනින්න සම්මතයක් නිර්මාණය කලේ කියල..
එහෙම නිර්මානය කලේ නැත්නම් අද මේ වගේ දවසක්/සතියක් අවුරුද්දක් කියන දෙයක් නෑ නේද..අපි සම්මතයකට හුරුවෙලා ඉන්නේ..ඉතින් මේ වගේ අපි කියනවා කාලය ගත උනා ඉතින් දැන් පහුවෙලා වැඩයි කියල..
ඉතින් සමහරු කියනවා දැන් පෙරහැර ගිහින් ඉවරයි කියල..නොයෙකුත් කතා කියනවා නේ මේ ගැන.ඉතින් යාලුවනේ සාර්ථක ජීවිතයක් ගත කරන්න නම් අපි අපේ දවස කියන දේ කළමනාකරණය කරගන්න ඕන.ඔන්න ඒ තුලින් තමයි සතිය කියන දේ කළමනාකරණය වෙන්නේ.ඉතින් සතියක් පරිපුර්ණ වුණාම මාසයක් කියන එක නිකන්ම කළමනාකරණය වෙනවා..ඊට පස්සේ අවුරුද්දක්.ඉතින් අන්න ඒ වගේ මුළු කාලයම ඉබේටම කළමනාකරණය වෙනවා..හැබැයි ලොකුම ගැටලුව තමයි මේ දවසක් කියන දේ කළමනාකරණය කරගන්න එක.එහෙම නේද...?
ඉතින් යාලුවනේ අපි දහ අතේ කල්පනා කරනවා කොහොමද කාල සටහනක් හදාගන්න ඕනද නැත්නම කාලය වෙන වෙනම කොටස් කරනවද අරක මේක හැම දෙයක් ගැනම හිතනවා..
ඔන්න කෙටි ක්‍රමයක් කියල දෙන්නම් කරලා බලන්න යාලුවනේ ඇත්තටම ගොඩක් සාර්ථකයි...
යාලුවනේ අපි උදේ කීයට නැගිට්ට උනත් කමක් නෑ..නිකමට හිතන්න උදේ 6ට අවදි උනා කියල..එහෙමත් නැත්නම් ඔයාල බාවිතයට ගන්න කාලයෙන් එක පැයක් වෙන් කරලා ගන්න..අරගෙන ඒ පැය කොටස් 4කට බෙදන්නකෝ..
ඉතින් විනාඩි 15 කොටස් 4ක් ලැබෙනවනේ යාලුවනේ.
යාලුවනේ ගන්න ඒ එක විනාඩි 15ක්, අරගෙන ඔයා කරන්න බලාපොරොත්තුවෙන් උන්න එක දෙයක් ඉකමනටම කරන්න බලන්න ඒ විනාඩි 15 ඇතුලත..අපි හිතමු ඉගන ගන්න කෙනෙක් නම් කෙටි ප්‍රශ්න 5කට උත්තර සපයන්න..අන්තර්ජාලයේ ඉන්න කෙනෙක්නම් ඒ කෙනාට වඩාත් වැදගත් දෙයක් තිබුන නම් ඒ දේ ඉකමනටම කරන්න.රැකියාවක් කරන කෙනෙක් නම් එයාගේ ලිපි ගොනු ගත කරන ක්‍රියාව ඉක්මනටම විනාඩි 15ක් ඇතුලත කරලා එක අරමුණක් ඉවර කරගන්න..
ඊට පස්සේ ඉතුරු විනාඩි 45න් තව විනාඩි 15ක් ගන්න.ඒ කාලය තවත් ඒ වගේම ඉක්මනටම හිතේ තිබුන ප්‍රධාන අරමුණකට යොදවන්න යාලුවනේ..ඔහොම කරලා බලන්න.නොදැනුවත්වම අපි අතින් කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන නේද..සමහරවිට අපිට විනාඩි15 වැඩක් විනාඩි 10න් ඉවරකරගන්න පුළුවන් උනොත් තවත් ඒ හා සමානවම වැඩ දෙකක් එක පැයකදී කරගන්න පුළුවන් නේද..
එතකොට වැදගත් වැඩ 6ක් විතර එක පැයකදී ඉවර කරලා..යාලුවනේ ඒ දෙයින් කාටද වාසියක් ලැබෙන්නේ.අපිටම නේද...
ඉතින් යාලුවනේ කරලා බලන්න මේ විදියටත්..සමහරවිට පහසු වෙයි.අලුත් අලුත් දේවල් වලට හිතන්න කාලය ඉතුරුවෙයි සමහරවිට..
ඒ වගේම තමයි අපි හැම කෙනෙකුටම ජීවිතේ අරමුණක් තියෙන්න ඕන..බලන්න මුහුදක ඔහේ පාවෙන නැවකට වඩා අරමුණක් ඇතුව ගමන් කරන නැව ඉකමනට ඒ තොටුපොළට යනවා.ඒ වගේම තමයි යාලුවනේ අපිත්..
අපි අපේ අරමුණට උපරිමෙන් කැපවෙනවනම් ඉකමනට ඒ අරමුණ ලගට යන්න පුළුවන්..
යාලුවනේ මෙන්න මේ දේ හොදින්ම මතක තියාගන්නකෝ..ලෝකය වෙනස් කරපු මිනිස්සු ඒ ඒ ජයග්‍රහණයන් ලබාගත්තේ මේ ගතකරන කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන...එහෙමත් නැත්නම් කාලයෙන් උපරිම රයෝජන ගත්ත අය තමයි මේ ලෝකය වෙනස් කලේ...හිතට අරන් වැඩ කරලා අපි අපි විසින්ම ගොඩ නැගෙමු යාලුවනේ..අපි මුදල් උපයන්න තමයි මේ හැම දෙයකින්ම මහන්සි ගන්නේ.බලන්න අපි කරන රැකියාව තුල රු 30000ක් සොයනවා නම් මාසයකට ඒ දවසකදී කරන වැඩ ප්‍රමාණය මත නේද.හැබැයි කාලය කළමනාකරණය මගින් ඉතුරුවන කාලය නැවත තව තව ප්‍රයෝජනයට ගත්තොත් අපිට තවත් අමතරවම මුදල් උපයන්න බැරිකමක් නෑ නේ..උදාහරණයක් කියන්නම්කො.ඒ වගේ ඉතුරුකරගත්තොත් කාලය දවසට පැය දෙකක්,ඒ පැය දෙක ඇතුලත අපිට මල් පැල ටිකක් විකිණීමේ අරමුණින් හදන්න පුළුවන් එහෙමත් නැත්නම් ගෙදරට අවශ්‍ය එළවලු ටිකක් වවන්න පුළුවන්.එතනත් යාලුවනේ යම් කිසි ආයෝජනයක් නේද..?එහෙමත් නැත්නම් අන්තර්ජාලය මගින් මුදල් උපයන රැකියාවකට ඒ කාලය යොදවන්න පුළුවන්..එහෙම නේද??
ඉතින් අපිට කවදාවත් බැරි වෙන්නේ නෑ කියල හිතාගන්න...බැරි උනත් කමක් නෑ එක වතාවක් උත්සහ කරලම බලන්න යාලුවනේ..මොකද හැමදාම කියනවා වගේ අපි හැමෝම උපරිම බුද්දියක් තියෙන උතුම් මනුස්සයෝ නේ...

Post a Comment

2 Comments

  1. krame nam tikak sarthakai.habai mula paya deke vitaraine gammak abve

    ReplyDelete
    Replies
    1. ඔව් යාලුවා...යම් තාක් දුරට හරි සාර්ථකයි වගේ දැනෙනවනම් ඒ ඇති..මොකද අපි හැමදාම අලුත් දෙයක් තමයි ඔයාලට බාවිතාකරන්න පුරුදු කරන්නේ...ස්තුතියි යාලුවා...

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....