සුභ සති අන්තයක් යාලුවනේ...කොහොමද ඉතින් ඔයාලට....
සැප දුක කොහොමද කියල ඇහුවොත් අපි කියන්නේ ඉතින් සැප නම් ඉතින් කොහොමත් සනීපයි..දුක නම් ඉතින් කොහොමත් දුකයි නේ..
ඉතින් අ.පො.සා.පෙළ විභාග ප්‍රතිපලත් පිටවුනා නේද...? ඉහලින්ම සමත් වෙලා ගොඩක් සතුටුවෙන යාලුවොන්ට වගේම සාමාන්‍ය විදියට සමත්වෙලා අපරාදේ ත පොඩ්ඩක් වැඩකරනම් හොද ප්‍රතිපලයක් අරන් වෙන ඉස්කෝලෙකට යන්නත් තිබුන කියල හිතන අයටත්..සහ යන්තම් ගොඩ ගෙන උපරිමෙන් සතුටුවෙන අපේ යාළුවොන්ටත් සමගින් විබාගේ සතපහකට ගණන් නොගෙන ගොඩක් සන්තෝසෙන් ඉන්න යාළුවොන්ටත් ඉතින් එකවගේම සුභ පතනවා..කාටවත් විශේෂයක් භේධයක් නෑ..මොකද ඔතන ඇති දෙයක් නෑ නිසා කාටවත් වැඩිපුර සුභ පැතුව කියල වැඩක් වෙන්නේ නෑ...
කෙනෙක් කියවී අනේ ඉතින් මගුල තමයි...A9ක් ගත්ත එකා වගේද පාස් උනෙවත් නැති කෙනා..යාලුවනේ එහෙම හිතන්න එපා..ඒ9ක් ගත්ත කෙනා ලග සමහරවිට ඉගනගත්ත විෂයන් 9 ගැන හොද ,මතකයක් තියෙන්න පුළුවන් එහෙමනම් තව අවුරුද්දකින් දෙකකින් අහන්නබලන්න ඔය අපේ ඉතිහාසය ගැන ප්‍රශ්නයක්...නැත්නම් නේටෝ අදිරජ්‍යය ගැන..බෙනිටෝ මුසෝලනි,හිට්ලර්ගේ පාලනය,,එහෙමත් නැත්නම් ඔය ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වගේ මොකක්හරි..
සමහරවිට දැන් ඇහුවොත් එත් බැරිවෙන්න පුළුවන්.මොකද මීට මාස ගණනකට කලින් ඒ කෙනා ලග තිබුන දැනුම තමයි ඔය ලැබුන ප්‍රතිපලය තුල තියෙන්නේ..
එත් විභාගය අසමත් උන කෙනා දැන් සමාන්‍ය රැකියාවක මෙලහටත් නිරත වෙලා ඇති..ඔන්න බලන්න තව අවුරුදු දෙකක් යද්දී..ඔයාල අ.පො.ස උ පෙළ කරද්දී ඒ කෙනෙක් මුණගැහුනොත් හිතෙන්නේ මොකද්ද..
"අප්පටසිරි යකෝ මූ දැන් ජොබ් එකකුත් කරනවනේ..අපි තාම පංති යනවා.."
ඔන්න ඔහොම හිතේවි ඉතින්..
එත් යාලුවනේ අපි හැමෝම මනුස්සයොනේ..තමන්ට පුළුවන් පැත්තෙන් ඕන ඉදිරියට යන්න.
බලන්න ඉගනගෙන උ.පෙ ප්‍රතිපල අරගෙන රැකියාවකට යන්න මග බලගෙන ඉන්න අපේ යහළුවෝ යෙහෙළියෝ කොයිතරම් ඉන්නවද..එත් ඒ අය එක්කම එකට ඉගනගත්ත අනිත් යාලුවෝ රැකියාවක් කරලා අඩුම තරමේ යතුරුපැදියක් හරි අරගෙන නේද..?ඕක තමයි මේ ස්වභාවය යාලුවනේ..තමන් උපරිමෙන් තමන්ට පුළුවන් පැත්තෙන් යනවනම් මේ අනුපාතය එකට එකක් වෙනවා..වැඩි තන්හාව තුලින් කිසිම දෙයක් ලැබෙන්නෙත් නෑ නේ...ඉතින් ඔන්න බලන්න ඔය දේ ගැන හිතන්න ඕන වෙලාවක් තියෙනවා මේ දවස්වල අපේ නංගිලා මල්ලිලට..
හැබැයි ඒ අයට විතරක් නෙවෙයි අපි හැමෝටම මේ දේ වගේම අපි කරන වැඩ ගැන එදිනෙද ජීවිතය කොහොමද හැඩගස්වගන්නේ කියල හිතන්න යමක් තියෙනව..මේ දේ ගැන හිතන්න හොදම වෙලාව මොකද්ද..උදේට උයනගමන් එළවලු කප කපා ද??නැත්නම් ගේ අතුගනගමන් මිදුල අතූගාන ගමන් එහෙමත් නැත්නම් ටී.වී.එක බලනගමන්ද..?නැත්නම් මේ ලිපිය කියවනගමන්ද..?
නෑ යාලුවනේ අපි අලුතින් උදාවෙන දවසක කරන්න ඕන දේවල් ගැන කල්පනා කරන්න ඕන අලුත් දවසක නෙවෙයි..
ඒ අලුත් දවසට එළබෙන්න කලින් ඒ දවස කොයි වගේ උනොත් හොදයිද යන්න පිලිබදව කලපනා කාරී වෙන්න ඕන..
බලන්න හරියට නිකන් අපි විනෝද ගමනක යනවා කියමු..
ඉතින් අපි මෙහෙන් පිටවෙන්නෙම ඒ දේට පෙර සැකසුමක් ඇතුව නේද..ඉතින් අපිට අපේ ගමන සාර්ථකව නිම කරගන්න පුළුවන් වෙන්ව..එතන ඒ දේ ඒ ආකරයෙන් සාර්ථක කරගැනීමට මොකද්ද බලපෑවේ..
අපේ පෙර සුදානම සහ නිවැරදි කළමනාකරණයක් සහ පැහැදිලි මාර්ගයක් තිබීම නේද යාලුවනේ..
බලන්න අපි කොයි තරම් සුදුසුකම් තියාගත්තත් අපිට හරි තැනකට යාගන්න බැරුව අද දුක්විදින යහළුවෝ යෙහෙළියෝ කොයි තරම් ඉන්නවද..
මේ හැමෝම බනින්නේ කාටද..?
පාලකයෝන්ට නේද.අපි මෙච්චර ඉගන ගෙනත් ජොබ් නෑ,...ශික් මහා ජරා ආණ්ඩුවක් කියලනේ කියන්නේ...
එක අතකින් ඉතින් එතන ඇත්ත කතාවක් තියෙන්නේ..සුදුස්සොන්ට සුදුසු තැන නැත්නම් පිදිය යුත්තන්ට පිදීමෙන් වැඩකුත් නෑනේ..නේද??
එත් යාලුවනේ අපිට අනුන්ව හදන්න ගොඩක් අමාරුයි අපි අපි විසින්ම ගොඩ නැගෙන්න ඕන..හැබැයි මේ කියන්නේ පාලකයෝ කියන අයව පැත්තකට දාල නෙවෙයි..මේ දේවල් කියවන සහ මේ දේ ගැන පොඩි හරි අවබෝධයක් ලබාගත්ත පාලකයෙක් නම් ඒ කෙනාට උනත් පුළුවන් තමන් කරන වැරදි අඩුකරකරගන්න..
කොහොමහරි යාලුවනේ අපි හෙට දවස ගැන මනා සැලසුමකින් යුක්තව කටයුතු කරන්න හිතාගෙන ඉදියොත් අපිට ඒ දවස තුලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්.
මේ දවස ගැන හොදට කල්පනා කරන්න හොදම වෙලාව තමයි යාලුවනේ ඊට කලින් දවසේ නින්දට යාමට පෙර..
පොඩ්ඩක් බලන්න අපි දකින හීන තියෙනවනේ..සමහර කෙනෙක් කියවී අපි නම් හීන දකින්නේ නෑ..දැක්කත් මතක නෑ මොකද උනේ කියල.එත් තව කෙනෙක් කියවී මට නම් හොදට මතකයි කියල..
ඒ හැමදේකටම යාලුවනේ අපේ ශරීරය තුල ජනනය වන සිතුවිලි තමයි මුලික වෙන්නේ..
ඒ ගැන කෙටියන් කියන්න අමරුයි.වෙලාවක ජීව විද්‍යාව තුලින් මම පහදලා දෙන්නම්කො..
යාලුවනේ නිදා ගන්න කලින් අපි හෙට දවස තුල මම මේ මේ දේ කොහොමහරි කරනවා කියල හිතාගන්නකෝ...
ඒ දේ අනිවාර්යයෙන්ම හෙට දවස තුල මුලින් මතක් කරගත්ත වැඩේ කරපු ගමන් අනිත් දේ මේක තමයි කියල මතක් වෙවී ඔයාට නොදැනුවත්වම..නිකමට කරලා බලන්නකෝ..
බලන්න ඔයාට එදාට වෙනද වගේ නැතුව හොද නින්දක් ලබන්නත් පුළුවන් වේවයි..මොකද යාලුවනේ අපි ඒ වගේ සැලසුමක් තියගත්තම අපේ මනස ගොඩක් නිරවුල්.පැහැදිලි මාර්ගයක් තියෙනවා,ඉතින් අපිට ගැටලුවක් ඇතිවෙලා නෑ කියල අපේ හිත දන්නවා..අන්න ඒ නිසා අපේ නිදාගන්න යන්න කලින් තියෙන මනස ගොඩක් නිරවුල්...
එත් අපේ යාලුවෝ ගොඩක් අය රෑට කරන්නේ මොකද්ද??ඔන්න රෑට බලන කතා ටික තියෙනවනේ.අන්න ඒ ටික බලල ඇවිත් හිතනවා හෙට මොකක් වේවිද කියල..
යහළුවොන්ට වඩා යෙහෙළියෝ..යහළුවොනම් කරන්නේ මේ දවස් වල නම් ඉතින් ක්‍රිකට් මැච් බලල සතුටින් හෝ කලකිරීමෙන් නිදාගන්නවා..
අම්මල තාත්තල එයාලගේ වගකීම් ගැන හිත හිත නිදියනවා..
එත් බලන්න ඔය අතරේ නැත්ද තමන්ගේ දරුවොන්ට අලුත් අවුරුද්දටවත් අලුත් ඇදුමක් අරන් දෙන්න කීයක් හරි හොයාගන්න පුළුවන් උනොත් කියල හිතන දුකින්ම ජීවත් වෙන අහින්සක අම්මල තාත්තල..නැත්ද අපේ සමාජය අතරේ..
එහෙමත් නැත්නම් ආදරවන්තයෙක් ගේ හිතේ තියෙන්න පුළුවන් තමන්ගේ අදරවන්තිව සතුටු කරන්න මොනවහරි දෙන්න මටත් සල්ලි තිබුන නම් කියල....මේකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන්.
බොරුද මේ කියන්නේ යාලුවනේ.නොයෙකුත් ප්‍රශ්න හිතේ තියෙන සමාජයක තමයි අපි මේ ජීවත් වෙන්නේ...
එහෙමත් නැත්නම් බලන්න ඔය ලොකු ලොකු කඩසාප්පු ලග ඉන්න පොඩි පොඩි දේවල් පාර අයිනේ තියාගෙන ගොඩක්ම අසරණ විදියට කීයක් හරි හොයාගෙන අවුරුද්ද සමරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අම්මල තාත්තල ඉන්නවා නේද..ඒ අයගේ හිත්වල අපේ වගේ ලොකු බලාපොරොත්තු තියෙනවද යාලුවනේ....
ලොකු වාහනයක් ඒ කෙනා ලගින් වේගෙන් ගියොත් ඔක්කොම දුවිලි ටික ඒ අහින්සක අම්මගේ හෝ තාත්තගේ මුනේ..එත් ඒ මනුස්සය ඉවසගෙන ඉන්නවා..ගිනි අව්වේ ඉන්නේ..තනියම කල්පනාක්රොත් ක්කොයි තරම් දේවල් හිතන්න පුලුවන්ද මේ අපි ඉන්න ජීවත් වෙන සමාජය ගැන..
ඇත්තටම බැලුවොත් මේ එක දවසක් නිසා අපි කොයිතරම් වෙනසක් කරනවද..ඇත්ත කතා කලොත් අපි අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරන්නේ නැකතට ඒ එක දවසයි උපරිම පැය 48යි...කෙටියෙන් කියුවොත් අපේ අය වෙලාවට නානු ගාල නානවද..??? ඒ නැකත ඕනවට එපාවට කරන්නේ..
ඉතින් යාලුවනේ එත් නැකතක් නේද..බෑනේ ඒ දවස්වල අවුරුදු උත්සව එක්කෝ ගමන් බිමන් ඔව්නේ තියෙනේ..බලන්න අපි රැවටිලා නේද මේ දේවල්වලට නොදැනුවත්වම..
ඒ ටික වෙලාවට අපේ අතින් අපි සිද්ද කරන දේවල් වලින් ප්‍රයෝජනවත් අපේ අනාගතයේ වටින කියන මූලස්ථානවලට එහෙමත් නැත්නම් සාර්ථකත්වය වෙනුවෙන් කරපු දේ මොකක්ද යාලුවනේ..වියදන් කිරීමද නැකත් වලට අනුව චාරිත්‍ර ඉටු කිරීමද....
හරියට කල්පනා කරොත් සැබෑව පැහැදිලි වෙනවා කියල මමං හිතනව..
බලන්න එක දවසක් එක්කෝ අද රෑ නිදාගන්න කලින් පැයක් දෙකක් මේ ගැන කල්පනා කරන්න තනියම...
ඔයාලට යම් දෙයක් තේරුම් යාවි.එහෙමත් නැත්නම් දවසක් එවි..ඒ තමයි ඔයාලත් මේ වියදන් කරගෙන ඇදුම් ගන්න ගිහිල්ල ගෙදර අවම ඒ දැකපු සමාජය එක්ක ඔයාලට මේ කියන දේ පැහැදිලිවම අවබෝධ වෙයි කියල හිතනවා...
හොදට බලන්න ඔයාල මේ වියදන් කරන්නේ තමන්ගේ පැවැත්මට නෙවෙයි..යම් කිසි තරගයකට නේද..වෙන කෙනෙකුට වඩා මම ඉහලින් ඉන්න ඕන කියන හැගීමට..අරයට වඩා මම ලස්සන වෙන්න..එහෙමත් නැත්නම් අල්ලපු ගෙදර කෙනාට වැඩ මම හොදට වියදන් කරලා අවුරුද්ද කන්න ඕන ඔන්න ඔය වගේ නොයෙකුත් තරගයක් නැතුවම නෙවෙයි නේද..එහෙම නැත්නම් අපි හැමෝම මනුස්සයෝ නෙවෙයි...
!!...හොදට හිතන්න අපි හැමෝම මනුස්සයෝද කියල....!!

7 Comments
තරහා වෙන්න එපා යාලුවා මෙහෙම කිව්වට , ඕනම සමාජ කාරණාවක් පුද්ගලබද්ධ කෝණයකින් බැලුවම පෙනෙන විදියයි , සමාජබද්ධ කෝණයකින් බැලුවම පෙනෙන විදියයි අතර පැහැදිලි වෙනසක් තියෙනවා. තවත් සරලව කිව්වොත් හැමදේම එකිනෙකාට අනුව සාපේක්ෂයි. අපේ මේ හැමෝගෙම උත්සාහයත් හරියට '' අතේ රුපියල නැතත් හිතෙන් වටලප්පන් රස විදිනවා '' වගේ තමයි.
ReplyDeleteනෑ නෑ යාලුවා,,අපෝ කිසිම තරහක් නෑ..ඔව් මම පිලිගන්නවා..එත් එක දෙයක් අනුව කල්පනා කරනකොට අපි අපිට නොදැනුවත්වම පුද්ගලබද්ධ කෝණය සමාජබද්ධ කෝණයටම සමානවීමකට ලක්වීම ගැන තමයි හිතන්න ඕන..මොකද අවශ්‍ය දේ අවශ්‍ය පමණට නිවැරදි ආකාරයෙන් සිද්ද කරගන්න අපේ සමාජයෙන් බොහොම සුළු පිරිසක් තමයි හුරු වෙලා ඉන්නේ...
Deletemn nam hitanne nivardiva nekat charitra pilipadinvanam hari kyala.alut adum badu muttu nm kavada unat gnna devl ne.
ReplyDeleteඔයා හිතන පැත්තත් යම් තාක් දුරට හරි යාලුව...ස්තුතියි..
Deleteමට උසස් පෙළ කුමක්ද කරන්නේද යි තීරණයක් ගැනීමට නොහැක.maths කරන්න ගිය විට එය අමාරු යැයි සිතේ.commerce කරන්න ගිය විට එය පලක් නැතිවේ යනුවෙන් සිතේ..maths කරන්න ගියවිට බියක් දැනේ.....මට උදව් කරන්න සහෝදරයා.........
ReplyDeleteයාලුවා...ඔයා එහෙම විෂයන් තුනක් ඔස්සේ කල්ප්නකරන්න එපා.යම් කිසි දවසක ඔයා ඉන්න ඕන කොතනද කියල විතරක් හිතන්න.ඒ වගේම තමයි ඒ ඉන්න ඕන තැනට යන්න පුළුවන් පහසුම අවස්ථාවක් සැලසෙන්නේ මොන විෂය තුලින්ද කියල නැවත කල්පනා කරන්න..උදාහරණයක් හැටියට ඔයාට මේ වෙබ් අඩවි,මෘදුකාංග හදන්න නම් ලේසිම මාර්ගය තමයි maths ඔයා බැංකුවකට එහෙමත් නැත්නම් මුල්‍ය කළමනාකරණ ආයතනයකට යන්න අසයි නම් ඉතින් commerce කියන දේ තමයි..හැබැයි යාළුවේ ඔය මොනම දේ කරත් ඔයා සතුව තියෙන Professional Qualification කියන දේ තමයි ගොඩක් වැදගත් වෙන්නේ.ඒ කියන්නේ ඔය මොන විෂය කලත් අද කාලේ cima/Java කියන දෙක දැනගත්තොත් ගොඩක් යන්න පති තියෙනවා යාලුව..හැබැයි ඔය ගණිතයට දක්ෂයි නම් හිතන්න පුළුවන් නම් ඔය maths කරනවානම් ගොඩක් හොදයි කියල මම හිතනවා...
Deleteගොඩක් ස්තුතියි සහෝදරයා...........
ReplyDeleteඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....