යාලුවනේ සුභ දවසක් එහෙනම්...
ඔන්න අද අපි කතා කරන්න යන්නේ නියම මාතෘකාවක් ගැන..මාතෘකාව දැක්ක ගමන්ම ඉතින් යාලුවොන්ට කොහොමද හිතෙන්නේ..ඇත්තටම මොකද්ද මේ තුනේ කතාව??දැන් ඉතින් අපේ ජීවිතේම මේ තුන මත තමයි තියෙන්නේ.ඒ වගේ සමාජයක් තමයි යාලුවනේ අපි අද ජීවත් වෙලා ඉන්නේ...
හරි ඊට කලින් එහෙනම් කියන්න බලන්න අවුරුද්දට එන්න එන්නම කිට්ටු වෙනවා නේ.තව ඉතින් දවස් කීයද තියෙන්නේ..?දැන් ඔන්න ටික දවසකින් අපේ අය අහන්නේ කොහොමද...?කොහොමෙයි ඉතින් අවුරුද්ද ජයෙයි..?
ඕකනේ..
ඉතින් උත්තරේට මොකද්ද දෙන්නේ..විශේෂයක් නෑ..එහෙමනේ.??
ඉතින් යාලුවනේ විශේෂයක් නැත්නම් එතන අවුරුද්දක් කියල දෙයක් නෑනේ???
පුළුවන් තරම් වියදන් කරලා කරලා සතුටුවෙන්න දේවල් අරගෙන අවසානේ කියනවා විශේෂයක් නෑ කියල..ඉතින් එහෙම කියනවනම් ඊට කලින් මොකටද මේ වගේ ගෙදර දොර අස් කරලා සෝදලා තීන්ත ගාල මගුල් ගෙදර වගේ සරසල අලුත් හට්ටි මුට්ටි ඇදුම් පැළදුම් කොස්ස ඉදල පවා අලුතෙන් නේ අරගන්නේ..
ඉතින් ඔන්න ඔහම හැසිරෙනවා නේ අපේ යාලුවෝ..ඉතින් ඔන්න කාලයක් යද්දී අපිට ඔන්න පේනවා ඒ ගෙනාපු දේවල් ටිකෙන් ටිකේ පරණ වේගෙන යනවා නේ..ඉතින් ඊට පස්සේ අපහු ඔන්න සල්ලි නැති කාලයක් එහෙමත් නැත්නම් මොකක් හරි කරදරයක් උනා කියල හිතමුකෝ.ඔන්න අපි මොකද්ද තව කෙනෙක් එක්ක කියන්නේ..?
අතේ සතයක් නෑ බං..හැමදාම අවුරුදු නෑනේ..
එහෙම නේ අපේ යාලුවෝ කියන්න පුරුදුවෙලා තියෙන්නේ..
මොකද්ද යාලුවනේ ඉතින් මේ කතා දෙකේ තේරුම..
හරිම පැහැදිලියි නේද...
අපිට ඇති දවසකුත් එනවා නැති දවසකුත් එනවා කියල කියන එක නේද යාලුවනේ..ඉතින් ඔන්න ඔය දේ නිවැරදිව වටහාගෙන නිවැරදි අවබෝධයකින් යුක්තව මේ අවුරුද්ද සතුටින් ගතකරන්න කියල ඉල්ලමින් අද ලිපිය ගැන කියන්නම් එහෙනම්..
ඔන්න යාලුවනේ අපි අද කතාකරන්න යන්නේ අපේ ජීවිතට ඉක්මනින්ම ලංවුනා මේ තුන ගැන තමයි..ඒක අපිට කොයි විදියටද බලපාන්නේ කියල තමයි කියන්න යන්නේ.එහෙනම් මුලින්ම මේ තුනෙන් පලවෙනි එක බලමුකෝ මොකද්ද කියල..
යාලුවනේ ඔන්න අපි ඉගනගෙන දැන් නම් තාක්ෂණයේ දියුණු වීමත් සමගම ඉපදෙනකොටත් දකින්න තියෙනවා..ඉතින් කොහොමහරි වර්තමානයේ තේරෙන වයසේ අවුරුදු දෙක තුනේ ඉදල හැම කෙනාටම මොකද්ද මේ අත් අරින්නම බැරි දේ බවට පත්වෙලා තියෙන්නේ...?
ඔන්න යාලුවනේ අද කාලේ සාමාන්‍ය පවුලක ළමයෙක් ඉපදිලා ඒ ළමයට කොන්ද කෙලින් තියාගෙන එහෙමත් නැත්නම් මාස 7ක් 8ක් යනකොට නෑ නෑ සමහරවිට හොදට ඇස් පේන කාලේ එහමත් නැත්නම් මාස 3ක් 4ක් යනකොට හිනාවෙන කාලේ ආවම අපේ අම්මලා තාත්තල එහෙමත් නැත්නම් ඒ බබාගේ නැන්දලා මාමලා නලවගන්න හිනස්සවන්න මොකද්ද පෙන්වන්නේ සද්ද බද්ද දාල...
ලස්සන සිදුවක් දාල ජංගම දුරකතනයක් නේ...?
කොහොමද තාක්ශනේ දියුණුව නේ..ඉපදිච්ච වෙලාවෙම ඩිජිටල් කැමරාවක් තමයි අද කාලේ ළමයි දකින්නේ..එත් ඒ කාලේ කොහොමද??
ඉතින් ඔන්න එදා ඉදල අම්මත් පහසුවට ළමය නලවගන්න අර ජංගම දුරකතනේ සින්දු දෙක තුනක් දාල දෙනවා නේද...
ඉතින් ඔන්න ළමයත් ඒකට ගොඩාක් ආස කරලා ඒකම ඉල්ලනවා...
ඉතින් ටික කාලයක් යනවත් එක්කම දැන් ඔන්න කවන පොවන කාලේ එනකොට මොකද්ද කරන්නේ..
ගන්නවා ලැප් ටොප් එක..තියාගන්නවා ඇද උඩින් දාල දෙනවා ළමා සින්දු ටිකක් වීඩියෝ පටයකුත් එක්ක..ඔන්න ඉතින් දැන් චුට්ට චුට්ට ජංගම දුරකථනය අයින් කරලා ළමය බලනවා මේ මොකද්ද මේ රූපත් පේනවා සද්දෙත් ඇහෙනවා මාර වැඩ කෑල්ලක් තමයි කියල ටී.වී එක වගේමයි..කියල හිතල ඔන්න පරිගණකයට හුරු වෙනවා..
ඉතින් ඕක අතර තුරේදී දැන් ළමයට තේරෙනවා අර කලින් බාවිතා කර ජංගම දුරකතනේ තියෙන්නේ හලෝ කියන්න කියල..ඉතින් බබා ඒක අතට අරන් වෙනදට සින්දු අහනවා උනාට අද හලෝ කියනවා..ඔන්න ඉතින් මනස අපේ බබලගේ උනත් ඉක්මනට දියුණු වෙනවනේ..මොකද දෙන්නෙම ඒ දෙටනේ විවිද කෑම් බීම..
ඉතින් ඔන්න ඔහොම කාලයක් යද්දී අවුරුදු 5ක් 6ක් යනකොට දැන් ඔන්න පරිගණකයෙන් සහ ටී.වී එකෙන් එක එක කාර්ටූන් චිත්‍රපටි බලන්න ආස කරනවා..බල්ලොන්ගේ පුසොන්ගේ අර ටෙන් මේ ටෙන් එක එක කතා ගොඩයි..ඔන්න ඉතින් ළමය විතරක් නෙවෙයි අච්චිල,සීයල නන්දල මාමල හැමෝටම මේ දේවල් ඉබේටම බැලෙනවා..මොකද ඉතින් එයාලානේ බබව අන්තිමට බලාගන්නේ..ඒ කාලේ වගේ නෙවෙයිනේ දැන් කාලේ..
ඉතින් ඔහොම කාලයක් යනකොට ඔන්න තාත්ත එක්ක ඉන්නකොට තාත්ත පහසුවට පුරුදු කරනවා මගේ පුතාට ගේම් එකක් ගහන්න කියල දෙන්නම් කියල දාල දෙනවා මොකක් හරි පොඩි ගේම් එකක්..නිකන් ඔය තියෙන්නේ දැන් කාලේ "තරහ කුරුල්ලෝ" වගේ මොකක් හරි එකක්..ඉතින් ඔන්න ඒක එපවුනාම අපේ අය පුරුදු කරනවා ඉන්ටර්නෙට් එකේ ඉදගෙන සෙල්ලම් කරන්න පොඩි පොඩි ගේම්..ඔන්න දැන් කියල දෙනවා ඒ අතර තුරේ බබාට ආස පින්තුර බලන්න මෙන්න මෙහෙමයි.යන්න gozzzzzz.com එතන මේ අකුර ගැහුවම එනවා අරක මේක කියල කොහොම හරි පුරුදුකරනවා..
ඉතින් දැන් ළමය ඉබේටම පුරුදුවෙනවා.ටික කාලෙකින් අපේ අම්මල තාත්තල කියනව අපේ පුතාට දැන් අපිට වඩා හොදට පුළුවන් කියල එහෙම නේද යාලුවනේ..
බලන්න යාලුවනේ එහෙම තාක්ෂණික දැනුමක් අපි අපේ ළමයින්ට දෙනවා ඇත්තටම හොද දෙයක්.මොකද අපි ලබන දැනුම එයාල අවුරුදු 10 දී 12 දීම ලබනවානම් කොයිතරම් හැකියාවක්ද..?
එත් බලන්න දවසක දැන් ඉගනගන්න කාලේ,,සමාජීය අවබෝදයකට පත්වෙන කාලේ අර ඉස්සරම සපයපු දේවල් එහෙමත් නැත්නම් අතටම දීපු දේවල් අපහු බලෙන් හංගනවා..
ටිකක් ලොකු මහත් වෙනකොට අපේ ගෑනු ළමයින්ගේ අතට ජංගම දුරකතනේ දෙන්නේ නෑ..පරිගණකය තහනම්..ටී.වී එක තහනම්..අන්තර්ජාලය සපුරා තහනම්..
මාර ලෝකයක් නේද මේක බැලුවම..
එත් දැන් නම් ටිකක් මේ දේ අඩුයි..
මොකද මේ තුන නැත්නම් ජංගම දුරකතනයක්/පරිගණකයක්/අන්තර්ජාල සබදතාවක් කියන ජාති තුන නැත්නම ඉදල වැඩක්නෑ වගේ සමාජයක තමයි අද අපි ඉන්නේ.ඒක තමයි යාලුවනේ අපේ තාක්ෂණික දියුණුව..
හැබැයි මේ දේ පලදායිව බාවිතා කිරීම තුල පමණයි අපේ දියුණුව රදාපවතින්නේ..මම මගේ ගැන මීට කලින් කියල තියෙනවනේ යාලුවනේ..ඔන්න මේ ලගදි මගේ හොද අන්තර්ජාල හිතවතෙක්..සින්ඩියක නිල අයිති කරුවෙක් මගෙන් පොඩි පොඩි උදව් කීපයක් ඉල්ලුව..එත් එයා කියුව "යාලුවා මට මේ html කේත ගැන හරියටම අවබෝධයක් නෑ.එත් යම් තාක් දුරට අවබෝධයක් තියෙනවා කියල එයා මහත්මා ගතියෙන් යුක්තව තමන් දන්නේ නැති දේ ගැන අහල බැලුව"
ඉතින් ඒ දේ සැබෑවක් වෙන්න පුළුවන් එතුමා රැකියාවක් කරන අතරතුර තමයි ආසාවට ඒ වෙබ් අඩවි නිර්මාණය කරගෙන යනවා කියුවේ..
ඉතින් යාලුවනේ එයාල වගේ ගොඩක් අය මේ අපේ මිනිස්සු අතරේ කොයි තරම් ඉන්නවා ඇතිද.එත් එයාලට උදව් කරනවානම් ආසාව තියෙන අයට උදව් කරනවා නම් හොද හොද නිර්මාණ අපිට බලාගන්න ලැබේවි කියල මට විශ්වාසයක් තියනවා..
එත් තවමත් අපේ ලංකාවේ කෙනෙක් දියුණු වෙනවා දකින්න අකමැති අය නැතුවම නෙවෙයිනේ..ඉතින් මම කියන්නේ මේ තුන බාවිතා කරන අපේ යාලුවොන්ට හැම වෙලවකම ඉගන ගන්න දෙයකට සහ මනස දියුණු වෙන දෙකට යොදාගන්න කියල..
අලුත් තාක්ෂනය ගැන අලුතෙන් සොයාගත්ත දේවල් ගැන ලෝකයේ සිද්දවෙන නවතම ක්‍රියාවලි..ඒ වගේම හිතීමේ හැකියාව වර්දනය කරන ඉගැන්වුම් ක්රයාවලි වගේ මිනිසා සම්පුර්ණ වසහයෙන් පරිපුර්ණ මිනිහෙක් බවට පත් කරවන දේවල් විතරක් බාවිතයට ගන්න..
හැබැයි මේ තුනෙන් එකක් මුල්ම එක විතරක් අවශ්‍ය පමණට බවිතකරනවනම් වඩා හොදයි කියල කියන්නත් කැමතියි..ඉතින් ඔන්න අවසාන වශයෙන් පොඩි කතාවක් කියල නවතින්නම්කො..හිතල බලන්නකෝ ඇත්ත නැත්ත මොකද්ද කියල..
ඔන්න යාලුවනේ අපේ අම්ම කෙනෙක්ට දුවෙක් ඉපදුන කියල හිතමුකෝ..ඉතින් ඔන්න මේ ගෑනු ළමයි චුටි කාලේ අස කරන්නේ ලස්සන් ලස්සන බෝනික්කොන්ට..ලස්සන පාට පාට ගවුම් අන්දවනවා..මුනේ පාට ගානවා අරව කරනවා මේවා කරනවා ඉතින් ගෑනු ළමයින්ගේ වැඩේම අර බෝනික්කව ආදරෙන් බලාගන්න එකනේ..
ඔන්න දැන් පිරිමි ළමයෙක් ඉපදුන කියල හිතමුකෝ..
මොකද්ද මේ පුතාට ඕන කරන්නේ..බෝනික්කොද???නෑනේ එයාට ඕන සූර වීර එක එක වැඩ දාන ගහමරාගන්න ටාසන්ලා තමයි ඕන කරන්නේ.ඒවා ඕන කියල බිම පෙරලි පෙරලි අඩනවා..අර බෝනික්කෝ අතට දුන්නම විසිකරනවා...එහෙම නේද???
ඔන්න ඉතින් ඒ වගේ සුන්දර පොඩි කාලයක් ගතකරලා අවුරුදු 18ක් 20ක් වගේ යද්දී මේ දුවටයි පුතාටයි..මොනවාද ඕන...???
අර පොඩි කාලේ ආස කල දේවල් වලටමද දෙන්නම ආස කරන්නේ...හිතල බලන්නකෝ..දෙපැත්ත මාරුවෙනවා නේද???මේකට හේතුව අපි ඉස්සරහට කතාකරමුකෝ යාලුවනේ...එතකල් හිතල බලන්නකෝ......

4 Comments
එදා මට කිව්ව විදියටම ලිපියක් ලිව්වා නේද? නියමයි ජය වේවා
ReplyDeleteස්තුතියි යාලුවා...ඔව් කියුවොත් දෙයක් ඒ දේ කරනවානම් ගොඩක් අයගේ විශ්වාසය ලැබෙනවා..ඒකයි ඇත්ත.එහෙම නොවුන නම් අපේ රටේ පාලකයෝ කැමැත්ත ඉල්ලලා ගෙවල් ගානේ යන්න අවශ්‍ය නෑ නේද????
Deleteඑහෙනම් උබ සිරිමත් වගේ පොරක් වෙන්න ඇති.කතාව නම් ඇත්ත...අන්තිමට කියුව කතාව නම් එල..කොල්ලොන්ට අන්තිමට ඕන ලස්සන බෝනික්කියෝනේ???????????????
Deleteoya 3 gna api dnne nati oya dnna devalut itin mekata dnna.
ReplyDeleteඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....