කැමති නම් විතරක් කියවන්න....

යාලුවනේ සුභ දවසක් කියල පතනවා එහෙනම් වෙනද වගේම මුලින්ම...ඉතින් යාලුවනේ ඔන්න අද මම ගොඩක් මහන්සි වෙලා ඉන්නේ මේ දැන් ගෙදර ආවේ...ලිපියක් පල කරන්න හිතුවෙත් නෑ..හෙට පලකරන්න කියල තමයි හිතාගෙන ගෙදර ආවේ.එත් ඉතින් නොවැලැක්විය හේතුවක් මත අද කෙටි ලිපියක් ලියන්න කියල හිතුව..
මට යාලුවනේ අද මතක් වෙනවා මම ඒ කාලේ දහම් පාසලේ කරපු කතාවක්.කතාවක් කියන්න්දේ ධම්ම චින්තාවට කරපු කතාවක්..පුංචිම කාලේ..
ඉතින් කතාව තමයි ඒ කාලේ කටේම තිබුන "දෙමව්පියන්ට සැලකීම"
ඔන්න ඉතින් අපි කියනවනේ .........
ගරු ස්වාමින් වහන්සේලගෙන්ද,
ආචාර්ය මණ්ඩලයෙන්ද ,මගේම ආදරණීය සහෝදර සහෝදරියන්ගෙන්ද,අවසරයි..
මා මෙතෙන්ට පැමිණියේ දෙමව්පියන්ට සැලකීම යන මාතෘකාව යටතේ වචන ස්වල්පයක් ඔබ හමුවේ ඉදිරිපත් කිරීමටයි...
කියල පටන් අරගෙන ඉතින් අපි කියනව ගොඩක් අම්මට තාත්තට සලකන විදිය ගැන නේද..මෙන්න මේ විදියටයි සලකන්න ඕන මේ මේ දේවල් කරන්න හොද නෑ.එහෙම කලොත් මේ වගේ අකුසල් ඇති වෙනවා..මේ දේවල් කරොත් කුසල් ඇති වෙනවා,අවසානයේ කියනවා අම්මටයි තාත්තටයි වයසට යනකල්ම සහ එයාල මැරෙන තුරාවටම ගොඩක් ආදරෙන් රැක බලාගන්න ඕන කියල නේද...?
එත් ඉතින් චුටි කාලේ අපෙන් අහනවනේ කවුරුහරි "පුතා වැඩිපුරම ආදරේ කාටද කියල.."
ඉතින් අපි දෙන්නටම කියල කියන්නේ ටිකක් තේරුම් යන කාලෙට අවම නේ..
නැත්නම් "අම්මට/තාත්තට"
යන දෙන්නගෙන් එක්කෙනක් නේ කියන්නේ.එහෙම නේද...
ඉතින් යාලුවනේ ඔය අතරින් "අම්මට" ගොඩක් ආදරෙයි කියන ප්‍රතිශතය වැඩි නේද..
එත් තාත්තට ආදරේ නැතුවද එහෙම කියන්නේ..නෑ ගොඩක් දෙන්නටම ආදරෙයි එත් තාත්තට වඩා අම්ම එක්ක අපි ගැවසෙන කාලය වැඩි නිසා අම්මට ගොඩක් කිට්ටු නිසා අපි එහෙම කියනවා නේද..?
අර කතාවක් කියනවනේ තාත්ත කෙනෙක්ගේ ආදරේ දැනෙන්නේ තාත්ත කෙනෙක් උන දවසටම කියල..
එත් අපිට තේරෙන කාලය ආවම අපි ඒ දෙන්නටම එක හා සමානව ආදරේ නේද යාලුවනේ..
ඉතින් තාත්ත කෙනෙක් කරන වැඩ දිහා බැලුවම ගොඩක් හිතන්න කාරණා තියෙනවා..
අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම එකතුවෙන් ගොඩ නැගුනු අපි අද මේ සැප සම්මපත් භුක්ති විදින්නේ කා නිසාද??කාගේ කළමනාකරණය නිසාද?මේ ලිපිය කියවන හැමෝටම එක්කෝ පරිගණකයක්/ජංගම දුරකතනයක් අන්තර්ජාල පහසුකමක් ඇති..?ඒ හැමදේම අත් විදීමට මග පැදුවේ කවුද යාලුවනේ...
ගෙදර ඒ දේවල් නොතිබ්බත් ඔයාල අද හොද තැනක ඉන්නවනම් ඒ තැනට යවන්න කවුද ආදරෙන් සෙනෙහසෙන් රහසින්ම උදව් කලේ...?
තාත්ත නේද...?තාත්ත කුඩා කාලෙදිම නැති උනා නම් අම්ම උත්සාහ ගත්තේ තාත්ත තමන්ගේ දරුවන් කෙරෙහි දැකපු හීනේ සැබෑ කරන්න නේද යාලුවනේ..
ඉතින් අපි කල්පනා කරලා බලනකොට තාත්තට අපි ගරු කරනවා මදිද?එහෙමත් නැත්නම් වැඩිද...?නැත්නම් ඇති වගේද....?
ඔයාලම හිතල බලන්න යාලුවනේ...
ඉතින් ඔන්න අද අපේ අය බලාවි මේ මිනිහ මොකද මේ එක පාරට අම්මල තාත්තල ගැන කියවන්නේ කියල...
එත් තාත්ත ගැන මොකද ටිකක් වැඩිපුර  කියෙව්වේ කියලත් බලාවි..
හැබැයි මේ ලිපියේ ගන්න ආදර්ශ නම් එච්චරම නැතුව ඇති යාලුවනේ එකට මට සමාවෙන්න...
හෙට එකක් පලකරන්නම්කො..
දන්නවද යාලුවනේ...අද මගේ තාත්තගේ 62 වෙනි උපන් දිනේ...මම ගොඩක් සතුටින් මේ උපන් දිනය සමරන්න උන්නේ..මම මෙහෙම මත දැරුවට අපේ ගෙදර සහෝදර සහෝදරියෝ වෙනස් කරන්න ගොඩක් අමාරුනේ.එත් දැන් දැන් ටික ටික එයාලත් හැදීගෙන එනවා.
ඉතින් තාත්තට උපහාරයක් පිණිස තාත්තව හැමදාකම මතක තියාගන්න මගේ වෙබ් අඩවියේ අවකාශයක් හදන්නයි මේ ලිපිය පල කලේ...ඉතින් අවසාන වශයෙන් මං මගේ රත්තරන් තාත්තට සුභම සුභ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා....!!!
හැබැයි ඉතින් වෙනද නම් මගේ හොදම යාලුවෝ මගේ පවුලේ අයගේ උපන්දින මතක තියන් ඉදල මට සුභ පතනවා...කාලයත් එක්ක හැමෝගෙම හිතවල  අදහස් උදහස් අමතක වෙනවනේ..ඉතින් කාටවත් බනින්නේ නෑ,සුභ පතන/සුභ පතපු නොපතපු හැමෝටම ස්තුතියි....!
මගේ තාත්ත මම ඉපදෙන හැම භවයකදීම මගේම තාත්ත වෙලා ඉපදෙනවනම් කියල මම හැමදාම පතනවා....
අපි හෙට හමු වෙමුකෝ අලුත් ලිපියකින්...

Post a Comment

7 Comments

  1. ඔයාගේ තාත්තට සුභම සුභ උපන් දිනයක් වේවා !!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාලුවා.......

      Delete
    2. සුබ පතන්න පමා උනාට සමාවෙන්න

      Delete
    3. නෑ එහෙම ගැටලුවක් නෑ යාලුවා...අමතක වීම මිනිස්සුන්ට නේ තියෙන්නේ....

      Delete
  2. බොහොම අගෙයි සහෝදරයා
    ඔයාගේ තාත්තාට ආයුස වැඩි වෙන
    සුභම සුභ උපං දිනයක් වේවා ඈ...
    ඒ වගේම මගේ තාත්තටත් මං ගොඩාක් ම ආදරෙයි
    අම්මාට තාත්තට කියලා ආදරේ වෙනසක් නෑ
    මොකද ඒ දෙන්නත් ආදරේ වෙනස් විදියට බෙදුවානම්
    මෙහෙමවත් ඉන්න හම්බෙන්නෙ නෑ නේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්

      Delete
    2. ඔව් යාලුවා...මමත් ඒ දේම තමයි අදහස් කලේ.ඔය හරියටම හරි.ඔයාටත් ගොඩක් ස්තුතියි සුභ පතුවට...ඒ වගේම ඔය සදහන් කළා වගේ ඔයාගේ අම්මට තාත්තට ඔයා ආදරේ කරනවා හා සමානවම මේ ලෝකේ හැමෝම තම තමන්ගේ දෙමව්පියන්ට සලකනවානම් කවදාවත් වැරදි ඇති වෙන්නේ නෑ නේද...?

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....