ඉතින් යාලුවනේ ඔන්න හැමෝටම සුභ සති අන්තයක් වෙන්න ඕන කියල මුලින්ම වෙනද වගේම කියන්නම්කො..ඉතින් ඔන්න අද ලියන්න යන්නේ සමහර යාලුවොන්ට තරහ එන්න පුළුවන් මාතෘකාවක් ගැන...
කෙටියෙන්ම මේ හදුන්වල තියෙන්නේ..මේ දේ කරේ නැත්නම් බාවිතා කරේ නැත්නම් එදාට නිකන් ඒ අයට පිස්සු වගේ නේ...කොහොම හරි ඒ දේ චුට්ටක් හරි කරන්නම් ඕන...එකට තමයි අපි පුරුදුවෙලා ඉන්නේ නේ...?
හැබැයි ඉතින් බොරු කියන්න ඕන නෑ මම උනත් එහෙම තමයි..හැබැයි ඒ මගේ ප්‍රයෝජනවත් දේ සදහා පමණයි..
හැබැයි එකේ තියෙන වැරදි පැත්තක් මම දකිනවා අන්න ඒ දේ ගැන තමයි කියන්න යන්නේ හැබැයි ඉතින් "මහා කකුළුවා ඇදේට යනගමන් පොඩි එවුන්ට කෙලින් යන්න කියනවා වගේ වැඩක් වේවිද කියලත් හිතෙනවා වෙලාවකට..."
නෑ නෑ එහෙම වෙන එකක් නෑ මම ගොඩක් දුරට ඒ දේ පාලනය කරගෙන කියල මම දැනුවත්වයි මේ ලියන්නේ..
ඉතින් මොකද්ද මේ කියන්න යන්නේ...තාම හරියට මනසට ආවේ නෑ නේ මාතෘකාව..
ඔන්න එහෙනම් දැන් කියන්න යන්නේ.
මොකක් ගැනවත් නෙවෙයි අපේ මේ යාලුවෝ දෙන්නෙක් ලෝකෙම කණපිට ගැහුවනෙ...?අන්න ඒ සම්බන්දව..
අපේ වෙබ් අඩවියෙත් පොඩි මාතෘකාවක් තියෙනවනේ මේ ගැන ..අන්න ඒ දේ ගැන තමයි අද මේ කියන්න යන්නේ..
ඉතින් වැඩි වැඩි විස්තර මොකටද ඔන්න කියල දාන්නම්..මුණු පොත(facebook) ගැන තමයි අද මාතෘකාව..
ඉතින් ඉතින් යාලුවනේ මොනවා කියන්නද මේ දේ ගැන....?සමහරවිට හිතනකොටත් හරි අපහසු දෙයක්..මේකේ තියෙන නරක පැත්තට කලින් අපි හොද පැත්ත ගැන කතාකරමුකෝ..
මොනවාද මේ මුනුපොත හරහා අපිට ලැබෙන ප්‍රයෝජන..
යාලුවනේ ඇත්තටම අද ලෝකේ සිද්දවෙන හැම දෙයක්ම අපේ ගෙදරට කිය කියා එක එක අන්තර්ජාල සබදතා ගැන නොයෙකුත් දැන්වීම් පල කරනවා,,ඉතින් ඔන්න අපිත් ලොකු කමට අපිටත් ඉන්ටර්නෙට් තියෙනවා දැන් කියල කියන්න අපිත් ගත්ත අන්තර්ජාල සබදතාවක්...
අරගත්තා කියමුකෝ...ඉතින් දැන් ලෝකේ සිද්දවෙන හැම එකම අපි දැනගත්තද....?
නැහැනේ....?
එත් යාලුවනේ ඒ දේවල් ගැන අපිට ඉබේම නොමිලේම ලබාදෙන මේ සමාජීය යාවත්කාලින මාර්ගයක් තමයි දැන් නම් හොදම තත්වෙකට ඇවිත් තියෙන මේ මුණු පොත,,
ලංකාවේ ජනගහනය කොටි තුනයි නේ..එත් මුණු පොත් තියෙනවලු කොටි තුනටත් වඩා....ඉතින් හිතාගන්න පුළුවන් නේ..???
යාලුවනේ මේ මුණු පොත හරහා අපිට මුළු ලංකාවටම වගේම මුළු ලෝකෙටම වැදගත් පණිවිඩයක් එහෙමත් නැත්නම් දුර්ලබ අවස්ථාවක් එහෙමත් නැත්නම් ආදර්ශමත් දෙයක්.හිනාවෙන්න යමක් එහෙමත් නැත්නම් සමාජයට වටින කියන ඕනෑම දෙයක් මිනිත්තු කිහිපයකින් පලකරන්න පුළුවන් හොද ප්‍රචාරණ මද්යයයක්...
එත් මේ දේ නිපදවීමට හේතු උනේ මොකද්ද...විශ්ව විද්යලෙක අද්යාපනය හදාරපු
අපේ යහළුවෝ දෙන්නෙක්ගේ හොද මිතු දමක් සහ ඒ දෙන්නගේ පවුලේ ය අතර තිබුන ආදරණීය බැදීමක් නේ...?
ඉතින් ඒ නිසා අද ලෝකය කොයි තරම් ප්‍රයෝජන මේ දෙයින් ගන්නවද...?
සමහර කෙනෙක් මේ දෙයින් මුදල් උපයනවා..එකෙන්ලෝකේ කී දෙනෙක් ජීවත් වෙනවද...?
තවත් සමහර දුක් ගැනවිලි රටට ලෝකෙට කියන්න හොද මද්යයයක්.ඒ මගින් ඒ කෙනාට සරණක් ලබාදෙන්න පුළුවන් නොමිලේම..
අදයාපනික පැත්තට නම් එත් එහෙමයි..යාවත්කාලින වෙන්න හොද මද්යයයක්.ඒ වගේම ඉතින් නොකියම බැරි දෙයක් තියෙනවා මංගල යෝජනා වලටත් කියාපු තැනක් නේ...?
ඉතින් ඔන්න කොහොම කොහොම හරි මේකෙන් ගන්න පුළුවන් හොද ප්‍රයෝජන ගොඩක් තියෙනවනේ,ඉතින් ඒ දේවල් භුක්ති විදින අපේ යහළුවෝ යෙහෙළියෝ අනන්තයි අප්‍රමානයි...
ලෝකේ අන්තර්ජාලය බාවිතා කරන හැම කෙනාම කියල කියුවොත් එත් නිවරදීයි කියල හිතනවා...
ඔන්න ඉතින් කෙටියෙන් ප්‍රයෝජන ගැන සදහන් කරානේ...
හැබැයි සමාජයට වැදගත් දේ මොකද්ද...?මේ අපි කරන හැම දෙයකින්ම බලපාන අහිතකර දේ නේ සමාජයට පෙන්වන්න ඕන...
ඔන්න දැන් කියන්න යන්නේ ඒ දේවල් ගැන තමයි...
මොනවාද එහෙනම් මේ මුනුපොත් වලින් අපිට සහ අපේ සමාජයට බලපාන අහිතකර බලපෑම්...?
යාලුවනේ බලන්න නිකමට අපේ යහළුවෝ යෙහෙළියෝ තරහ උනා කියල හිතමු..
ඉතින් මොකද්ද මේ ප්‍රශ්නෙදි අපි අතර උන්නොත් මොලේ අමාරු කාරයෙක් ගෙදර ගිහින් කරන්නේ...
උදාහරණයක් ගමුකො..
ඔන්න අදරවන්තයෙකුයි අදරවන්තියකුයි ගොඩක් ආදරෙන් ඉන්නව..ඔන්න කොල්ලට ඉතින් මුණු පොතේ ගිණුමක් තියෙනවා කියල හිතමු..
කෙල්ලට නෑ.
ඔන්න ආදරේ වැඩිකමට කෙල්ලටත් එකක් මෙයම හදල දෙනවා...ඔන්න ටික දවසකින් අනේ මට ඔයාව මතක් වෙන්න ඔයාගෙම පින්තූරයක් දාන්නකෝ කියල කෙල්ලගේම පින්තුරෙකුත් දානවා..ඉතින් ඔහොම යනකොට මොකක් හරි හේතුවකට දෙන්න සදහටම තරහ වෙනවා..දැන් ඉතින් ඔන්න කෙල්ල තරහ උන කියමු..අපේ යාලුවොන්ට ඉවසන්න හරි අමාරුනේ.
ආදරේ කියන්නේ පරිත්‍යාග කිරීමක් හා සම්බන්ද දෙයක් කියන එක තේරුම් නොගත්ත අයට ඉවසීම කියන දේ කොහෙන් කෙළවර වෙනවද කියල හිතාගන්නවත් බෑ..
ඉතින් අර යාලුව කොහොමද අර කෙල්ලගෙන් තමන්ගේ හිතේ තරහ පිරිමහගන්නේ...
අර ගෑනු ළමයාගේ නමින් හදනව මුණු පොතේ ව්‍යාජ ගිණුමක්..හදල ඒ ගෑනුලමයාගේ රූපේ නම ගම විස්තර හැම එකම දාල මොනවාද දාන්නේ...?
මොනවාද කියල ඉතින් මම කියන්න ඕන නෑනේ...??
ඉතින් මොකද්ද යාලුවනේ අර ගෑනුලමයට දවසක උරුම වෙන තත්වේ...?
තමන් දවසක් හරි ආදරේ කරපු කෙනා නේ...?එහෙම කරන එක ආදරයක්ද..නෑනේ...
තව උදාහරණයක් ගමුකො...
නිකන් මොලේ අමාරු කාරයෝ කියල කියන්නේ අපි ඔය..එහෙමත් නැත්නම් කලින් ලිපියේ සදහන් කරපු අය.
අන්න ඒ අය මොකද්ද කරන්නේ..හදනවා බොරුවට කගේ හරි නිළියකගේ රුපයක් දාල ගෑනු ළමයෙක්ගේ නමින් ගිණුමක්...අනේ ඉතින් අපේ යහළුවෝ උපරිමෙන්ම අන්දනවා...
ඉතින් ඔහොම රැවටුන තරම කියනවනම් කොහෙට හරි හම්බවෙන්න එන්න කියල කියුවම් ගිහිපු අයත් අපි අතරම නැතුවම නෙවෙයි නේ...?
ඔකේ අනිත් පැත්තත් සිද්ද වෙන්න පුළුවන්...
තවත් උදාහරණයක් ගත්තොත් මේක තමයි දෙන්නෙක් අතර ගැටුම් ඇති කරන්න කියාපුම තැන..
වර්තමනයෙත් ඉතින් කොයිතරම් ප්‍රචාර යවනවද එක එක දේවල් තහනම් කරන්න එහෙමත් නැත්නම් තව තව දේවල් ස්ථාපිත කරන්න කියා කියා උද්ගෝෂණ පවත්වනවා හා සමානවම මේ මුණු පොත් තුලත් යම් යම් කලකොලහාල ඇතිකරන වැරදි මත වාද ඇතිකරන්න මුල් වෙන දේවල් පතුරවනවා නේ...?
ඉතින් තව ගත්තොත් අපේ පාසල් යන යහළුවෝ යෙහෙලියෝ අතරේ සිද්දවෙන නොමනා ක්‍රියාවන් තව කෙනෙක් හෝ සංවිධානාත්මකව සිද්දකරලා මේ හරහා ප්‍රචාරය කරනවා...ඉතින් කාටද අපකීර්තියක් අත්වෙන්නේ..සමාජය පිරිහෙනවා නේද..?
තවත් ඉතින් උදාහරණයක් කියන්නම්...
අද කාලේ මිනිස්සු කොහේ හරි ගියාම පින්තුර ගන්නේ මොකටද කියල බලන්න...ඒ කලේ වගේ සිහිවටන හැටියට තියගන්නද..?? නැනේ...
ෆේස් බුක් දාන්න...බොරුද මම මේ කියන්නේ...?
හැබැයි ඉතින් මේක තමයි තමන්ගැන ලෝකයට කියන්න පුළුවන් හොදම තැන..තමන්ගේ අර පම්පෝරිය කියල කියන්නේ අන්න ඒක එහෙමත් නැත්නම් තමන්ගේ පැටිකිරිය හොදට පෙන්වන්න පුළුවන් නියම තැනක් තමයි මුනුපොත කියන්නේ,,
ඉතින් යාලුවනේ මේ මුණු පොතට ඇබ්බැහි උන අය මේ ලෝකේ ගොඩක් ඉන්නවා..එහෙම ඇබ්බැහි වෙච්ච අය නිසා තමන්ගේ ළමය පවා නැති කරගත්ත පුවත් මේ මුනුපොත හරහාම පහුගිය දවස්වල ආරංචි වුනානේ..
ඉතින් ඔන්න මම පොඩි උදාහරණයක් කියන්නම් මේකට නියමෙට ගැලපෙනවා..
මේ දවස්වල අපේ අන්තර්ජාල පහසුකම් වල පොඩි පොඩි ගැටළු ආවනේ.ඔන්න මගේ හොද යෙහෙලියෙක් කියනවා "ශික් හලෝ අප්පිරියයි මේක මර ස්ලෝ...ගුගල් ටෝක් නම් යන්න පුළුවන්. FB යන්න බැ..එපාවෙනවා ඉතින්.."
ඔන්න බලන්න ඉතින් වෙච්ච වැඩේ....?
ඉතින් එයා විතරක් නෙවෙයි අපේ යහළුවෝ යෙහෙළියෝ ගොඩක් අයට මේ දේ තියනවා.එත් හැම තිස්සෙම මේක තමන්ගේ ප්‍රයෝජනවත් දේ සදහා පමණක් යොදාගන්නවා නම් තමයි සුදුසු වෙන්නේ..නිකන් දවස තිස්සෙම ඕක බාවිතා කරලා යන හැම එකම කියව කියව උන්න කියල අපිට ප්‍රයෝජනවත්ද..?දවසේ යම් කෙටි කාල සීමාවකට මුනුපොත බාවිතා කරලා අනිත් වෙලාවේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් නම් නේද වඩාත්ම යහපත්...
කල්පනා කරලා බලන්නකෝ...හැබැයි ඉතින් ඔන්න අවසානයට පොඩි දේකුත් කියන්නම්..ඇත්තද නැත්තද නම් දන්නේ නෑ,,
මේක නැති උනොත් නම් අපේ අයට පපුවේ අමාරුව හැදිලා මිය යන්නත් බැරි නෑ නේ??....එහෙම නේද..??

6 Comments
ඒක නම් ඇත්ත.
ReplyDeleteඔව් ඇත්තෙන්ම....ස්තුතියි යාලුව...අපි ඇත්තම කතාකරනවා නම් යහපත් නේද...?
Deleteoyat piligannva mat aka piligannva
Deleteනියමයි පුතා නියමයි.....උබ අපේ හරක් පරපුරටම හොද උපදෙස් දෙන්නේ...කියල වැඩක් නෑ..!!!
ReplyDeleteඔයාගේ අදහස් වලට නම් මට හිනහ යනවා යාලුව...කොහොම උනත් ගොඩක් ස්තුතියි...ඒ දේ ඇත්තටම වටිනවනම් මම මේ කරන දේ පලදායි තාවය වැඩියි කියල දැනෙනවා...
Deleteස්තුතියි ඔයාටත් ගොඩක් ස්තුතියි යාලුවා....
ReplyDeleteඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....