එන හැමෝටම කම් සැප නොමිලේ....

මේ ලිපිය ලියන්නේ බොහොම අවධානමක් ඇතුව.එත් සමාජය ගැන සමාජයේම ඉදගෙන ඇත්ත කතා කරන එක තමයි හොදම දේ,ඒ නිසා කැමැත්තෙන් ලියනවා හොදද යාලුවනේ...
ඔන්න යාලුවනේ ඉතින් හැමෝටම සුභ සති අන්තයක් වෙන්න ඕන කියල එහෙනම් හැම සිකුරාදා දිනකම පතනවා වගේ අදත් කියන්නම්,පතන්නම්,,!
යාලුවනේ ඔන්න අද කතා කරන්න යන්නේ ඉතින් ලස්සන මාතෘකාවක් ගැන නේ..?මේ මාතෘකාව දැක්ක ගමන් ඉතින් කාගේත් හිත යනවා.මොකද දැනට සොයාගෙන තියෙන දේවල් වලට අනුව ලෝකයේ ජීවත් වෙන ඕනෑම සත්ව කොට්ඨාශයකට පොදු වෙලා තියෙන සුන්දරම සතුටක් අත් විදින එකම දේ තමයි මේ කම් සැප කියල කියන දේ...?
කම් සැප කියල කියන දේ කොටස් කිහිපයකට වෙන් කරනවා..මොකද ගිහි ජීවිතය තුල අත් විදින සැප සම්පත් වලින් නේ මේ දේ පිලිබිබු වෙන්නේ...ඉතින් මේ අද කියන්න යන්නේ මේ දේ කොහොමද මේ නොමිලේ දෙනවා කියල කියන්නේ කියල...
මේ ලිපිය ලියන්න හිතුවේ ඉතින් අද සමාජය වගේම අපේම සහෝදර සහෝදරියන්ට අත් වෙලා තියෙන නරක සිතුවිලි සහ මානසික රෝගයක් කියල කියුවත් නිවරදියි..අන්න ඒ දේවල් ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහොමද කොයි ආකාරයෙන්ද කියල අපි හරි විදියට දකින්න පුරුදු වෙන්න පොඩි උපදෙස් ටිකක් එක්ක තමයි අද ලිපිය ලියන්න හිතුවේ...
යාලුවනේ ඇත්ත කියන්න එපයි..නිල් තිරය...???මොකද්ද මේ නිල් චිත්‍රපටි කියල කියන්නේ..?(කාට හරි හිතෙයි..අනේ උබ බබා...උබ දන්නෙම නෑ..) කියාලා..නේ?
නැත්නම් ඉතින් blue එකක්..එහෙමත් නැත්නම් ඔය කොයි කවුරුත් සෙවුම් යන්ත්‍ර වලින් සොයල හෙන රෑන්ක් එකක් ගත්ත sex කියල කියන්නේ...?
අන්න ඒ දේ..
එහෙමත් නැත්නම් හොද සිංහලෙන් කියුවොත් කාමුඛ හැගීම් උපද්දවන වීඩියෝ පට තව කියනවා නම් ඉතින් අරව/ජරාව/බඩු/තව තියෙනවා ඉතින් ඒ කාලේ ගමේ xxx ගමේ කපුටන්ට කියලත් කියුවනේ...තේරුම් ගත්තොත් හරි...
යාලුවනේ ඔය ඉතින් කියුවේ අපේ සමාජයේ මේ යහපත් විදියට හැසිරෙන අය (මමත් ඇතුළුව..)අන්තර්ජාලය බාවිතා කරන අපි හැමෝම....මේ සමාජය ගැන යවත් කාලින වුන හැමෝම දන්නා කියන දෙයක් තමයි මං ඔය කියුවේ..
අනේ මම නම් දන්නේ නෑ කියල කියන්න පුළුවන් කෙනෙක් නම් මේ අපි අතර ඉන්නවද කියල මට නම් විශ්වාස නෑ...
හැබැයි ඒ දේ දැන් ඇත ඇරපු අය ඉන්න පුළුවන්..ඒ ගැන ඇත්තටම මම ස්තුතිය පුද කරන්න වෙනවා.මොකද මේ ලිපිය ලියන්නෙත් අනිත් අයත් ඒ පුරුද්දෙන් ගලවගන්න..
මගේ යාලුවෝ නම් දන්නවා මම නරබලා තියෙනවා කියන්න අකමැති නෑ...එත් දැන් නම් ඒවා ගැන මුකුත් සොයන්නේ බලන්නේ නෑ කියල..දන්නවා..ඇත්තම කියුවොත් යාලුවනේ ඔතන ඇති දෙයක් නෑ..මම ජීව විද්‍යාව හදාරපු නිසාද දන්නේ නෑ.ඔතන සිද්ද වෙන යතාර්ථය මීට අවුරුදු කීපයකට කලින් මම හොදින්ම ඉගන ගත්ත..ඉතින් අන්න ඒ නිසාවෙන් හෝ.අද්‍යනය කරපු ආගමික කරුණු මත මගේ මනසින් දැන් ඔය නිල් තිරය කියන එක නැත්තටම නැති වෙලා වගෙ කියල කියන්න පුළුවන්..මේක බැලුවොත් මගේ නෑයෙක්/අදුරන වැඩිහිටියෙක් මට දොස් කියයි..අම්මලට වැරදි කියයි..එත් මං කියන්නේ මේ සමාජයේ අත්දැකීම් සහ සිද්ධ වෙන යථාර්තය කියලා කියන්න කැමතියි...

යාලුවනේ...ඔන්න බලන්න.අපි අතර අන්තර්ජාලය කියල කියන දේ ප්‍රසිද්ද වෙන්න ප්‍රදානම හේතුව මොකද්ද...?
මේ නිල් තිරයේ චිත්‍රපටි නේ...
ඔන්න අපි ඉන්ටර්නෙට් ගන්න හැදුවම මොකද්ද ඒ කාලේ අපේ ගුරුවරු/වැඩිහිටියෝ අපිට කියුවේ...?

හපෝ පිස්සුද උබලට ?ඔවයින් ළමයි නරක් වෙනවා...එච්චරයි නේ...?
කොහොමද නරක් වෙන්නේ කියල කියන එක අපිට හෙන ගැටලුවක් නේ..?බොරුද මම මේ කියන්නේ...එත් දැන් නම් ඒ සම්මතය නෑ...
ඒ කාලේ අපේ ගුරුවරු දන්නෙත් මේ ඉන්ටනෙට් එකෙන් ඕව විතරයි පෙන්නේ කියල.මොකද උපදෙස් දෙන්න කෙනෙක්ට කතාවක් පවත්වන්න කියුවොත් ඉන්ටර්නෙට් එක හරා මනස විකුර්ති වෙනවා අරක මේක විකාර කියවන්නේ.
එත් අන්තර්ජාලයෙන් ගන්න ප්‍රයෝජන හරි අඩුවෙන් කියන්නේ..ඉතින් අපේ අම්මලත් මොකද්ද කල්පනා කරන්නේ...?හපෝ..ඒකතමයි,මොකටද නිකන් ළමයි නරක කරන්නේ..අරක මේක කියල හිතනවා...
යාලුවනේ මම අන්තර්ජාලය බාවිතා කලේ මුලින්ම.2002 අවුරුද්දේ..ඒ කියන්නේ මම 5 වසරේ..මට හොදට මතකයි මගේ ශිෂයත්ව ප්‍රතිපල බැලුව.ඒ වගේම මම Risky කියල ගේම් එකක් ගැහුවා.
තව මොකද්ද කාර් රේස් එකක් ගැහුවා නම නම් මතක නෑ..ඉතින් ඒ කාලේ ඉදලම අන්තර්ජාලයත් එක්ක මම ජීවත් උන නිසා අත් කරගනිපු ප්‍රතිපල මත තමයි අද මේ වෙබ් අඩවි නිර්මාණය කරන්න පුළුවන් උනේ..සතුටින් කියන්න ඕන දේවල් ගොඩක් තියෙනව යාලුවනේ..
වෙලාවක කියන්නම්කො..
ඉතින් අපේ අම්මල තාත්තල මේ දේවල් ගැන හොදට හිතල බලල තමන්ව ආරක්ෂිතව ඒ දේවල් වලින් මග ඇරලා...හොදට හදා වැදගෙන උස මහත් කරවල..හොද අදයාපනයක් දීල..ඔන්න උසස්පෙළට යනකොට මොකද්ද අරන් දෙන්නේ...?
හොදම හොද ජංගම දුරකතනයක්...?අපේ අයත් ඉල්ලන්නෙත් ඕකමනේ..?නැත්නම් දැන් කාලේ හැටියට ලැප් ටොප් එකක්.....දැන් නම් ටැබ් එකක් නේ??
කොහොම උනත් වර්තමානය වෙනකොටෝ නම් මේ නිල්තිරය කියන දේ හොදටම දන්නවා.නොදන්නවා නම් ඉතින් ඒ ලංකාවේ කෙනෙක් නෙවෙයි...
මේ දේ පිරිමි ළමයි අතරේ විතරක් නෙවෙයි ගැහැණු ළමයි අතරෙත් තියෙනවා...
හැබැයි 1% ක් කියන්නත් බෑ...0.01%ක් වගේ ප්‍රතිශතයක් ගන්න පුළුවන් ඔය ගැන අහල දැකල නැති කෙනෙක් ගැන..එත් මට නම් සැකයි..
එහෙම දැනගත්තත් යාලුවනේ අපි අතර ගොඩක් අය තවමත් මේ දේවල් බාවිතයට නොගන්න විනීත ළමයි නම් නැතුවම නෙවෙයි...
ඒ අතින් නම් අපේ
  ගැහැණු ළමයි ගොඩක් හොදයි..මෙතන හරි විදියට කියන එක හොදයි නේ..?මොකද මම ජීව විද්‍යාව කරපු කෙනෙක්..මට ඕව කියන එක මහා දෙයක් නීවෙයි..ස්වයං වින්දනය කියල කියන දේ අත් විදපු නැති ගැහැණු ළමයි ගොඩක් ඉන්නවා...එයාල තවමත් සමාජය තුල අපේ උතුම් සංස්කෘතිය සහ ආචාරශීලී බවට සහ තමන්ගේ විනීත බව සුරක්ෂිත කරගත්ත ඉතා හොද. කියන්න තටම වචන නෑ...අර පද්මාකාර ජීවිතයක් ගතකරන යහපත් ළමයි හැටියට නම් කරන්න පුළුවන්.ඒ වගේ පිරිමි කෙනෙක් ඉන්නව නම් එයත් ඒ ගොඩට තමයි අයිති වෙන්නේ..එත් අවාසනාවකට බොහොම අඩුයි..

මම මේ කියන්නේ ඇත්ත නේ..?
කාටවත් බොරු කියන්න නම් බෑ ඉතින්.මේ කියන්නේ අපි ඇත්තටම ජීවත්වෙන සමාජය ගැන යාලුවනේ..නරකකට එහෙම කියනවා නෙවෙයි ඇත්ත හංගල අයි අපි බොරු කියන්නේ.නිකන් අපි අපිවම රවට්ටවනවට වඩා ඇත්ත ඉදිරිපත් කරලා අපි අපි විසින්ම ගොඩ නැගෙන එක නේද යහපත්...එතනයි උගත් සමාජයක් ගොඩ නගන්න පුළුවන්..
යාලුවනේ බලන්න ඉතින් අපි ඔය දේවල් කරලා හෝ නොකර හෝ..අපි හොද අදයාපනයක් ලැබුවා කියල කියමු..
අන්තිමට යන්නේ කොහාටද???
උසස් අද්‍යාපනය හදාරන්න විශ්ව විද්‍යාලයකට නේ....?කොච්චර නම් බලාපොරොත්තු තියාගෙනද??යන්නේ...?
එත් බලන්න යාලුවනේ මේ ඊයේ පෙරෙයිද ඔයාල අපි හැමෝටම අහන්න ලැබුන දෙයක්නේ විශ්වවිද්‍යාලවල    නවක වදය දීපු හැටි..
ඒවා ගැන කතා කරද්දීත් අපේ මේ උගත් බුද්ධියක් තියෙන අයියල අක්කල වගේම නංගිලා මල්ලිලා ගැන කතා කරන්න හිතෙන්නෙත් නෑ.අඩුම තරමේ මුනවත් බලන්න හිතෙන්නේ නෑ..ඇත්තම කියුවොත් හරිම පිළිකුල් සහගත් හැගීමක් තමයි හිතට එන්නේ.යාලුවනේ ඒ දේවල් මොළයක් කියල අල්ප මාත්‍රයක්වත් තියෙනවනම් කරන්නේ නැ.එත් මේ නවක වදය කියන දේ දෙන්න පටන් ගත්තේ සමාජයේ නොයෙක් තරා තිරම් වලින් එන ළමයින්ගේ ලොකුකම් නැතිවෙලා හැමෝම එකම මට්ටමකට ගන්න නේ...?
එත් එහෙම කියල හැමෝම එක මට්ටමකට ගන්න මේ වගේ අතවර සහ පහත් විදියේ අර තිරිසන් වැඩ කරලා හරියනවද???
නෑනේ ඒ දේවල් සමාජ ශීලී නෑ නේද යාලුවනේ..?
අපිත් සත්ව කොට්ටාශයක් තමයි එක පැත්තකින් ..එත් සාමාන්‍ය සතුන්ට වඩා හිතන්න පතන්න කල්පනාකරන්න උසස් බුද්ධියක් තියෙන සතුන් පිරිසක්නේ අපි...
එත් මේ ඉදිරියේ ලංකාවේ වගේම ලෝකෙම කරලියට ගිහින් ලංකාවේ නම ඉහලට ගන්න යන අපේ උගත් යයි කියන පිරිස කරන නුගත් වැඩ ගැන දැක්කම කිසිම සතුටක් නම් හිතට එන්නේ නෑ...
පොඩ්ඩක් මනුශික වෙනවනම් අඩුම තරමේ හිතන්න පුළුවන් නම් අපි මේ කරන දේවල් අපේ අම්මල තාත්තල දන්නවද කියල නිකමට හිතන්න පුළුවන් නේද??
ඒ දේවල් අම්මල තාත්තල දැනගත්තොත් ඇත්තටම කොයි තරම් වේදනාවක් එයාලගේ හිතට දැනෙනවා ඇත්ද??
එයාලත් තමන්ගේ ළමයි විශ්ව විද්‍යාලවලට යවන්නේ වෙන ළමයින්ට අඩන් තෙට්ටම කරවන්න /හිරිහැර කරවන්න නෙවෙයිනේ.එත් ඇත්ත මොකද කියල දැනගත්තොත් මොනතරම් හිත් වේදනාවක් ඒවිද..?
මේ රැග් කරන ළමයින්ගේ අම්මලත් සැබෑ ආදරයක් තමන්ගේ දරුවන් කෙරෙහි තියෙන අම්මල...ඒ වගේම මේ විවිද කරදර හිරිහැර වලට ලක්වෙන අහින්සක ළමයින්ගේ අම්මල තාත්තලත් සැබෑම ආදරයක් සහ කරුණාවක් තියෙන අම්මල තාත්තලම තමයි...ඒ වගේම හැමෝම එන්නේ ඉගන ගන්න සහ ඉගනගෙන අපේ රටේ හෝ වෙන රටකට හොද රැකියාවක් බලාපොරොත්තුවෙන් මිසක් විවිධ අතවරවලට ලක්වෙලා..
ජීවිතේ නාස්ති කරගන්නවත් නෙවෙයි නේද...?
අපේ රටේ මේ ගැන හොයා බලන්න ඉන්න පාලකයින් ගැන නම් මං කතා කරන්න කැමැත්තක් නෑ..මොකද මම මේ කියන ලියන වචනයක්වත් වැඩක් වෙන්නේ නෑ ඒ අයට,,
හැබැයි ඒ අයත් ගොඩක් දුරට මේ දේවල් කරපු සහ අත්විදපු මහත්ම මහත්මියන් කියල අපි හැමෝම දන්නවා..ඉතින් බලන්න මේ කැම්පස් එන හැමෝටම නොමිලේ මේ දේත් දෙනවා නේද???
මාර ඉගැන්වුම් ක්‍රියාවලියක් බැලුවම...

මේ දේවල් නවත්වන්න නම් සම්පුර්ණයෙන්ම තහනම් කරන්න ඕන..එකට හොද නීතිමය මාලාවක් විශ්වවිද්‍යාලව ක්‍රියාත්මක වෙන්න ඕන...අනිත් එක තමයි එයාලගේ මනස හදන්න ඕන ඉතින් අමුතුවෙන්ම..
එකට ඉතින් මේ දේවල් නවත්වන්නම ඕන මුලින්..හරි ඒ විශ්ව විද්‍යාල පැත්ත නේ.ඒක පැත්තකින් තියල ගන්න අපේ පාසල් අද්‍යාපනය හදාරන නංගිලා මල්ලිල..
යාලුවනේ කොයිතරම් අපිට මේ අන්තර්ජාලය හරහාම දකින්න ලැබෙනවද ඔය නිල් තිරයට අදාලව සිද්ද වුන විවිද දේවල්..
යාලුවනේ මුනු පොතට අපේ යෙහෙළියෝ රූපැ දානවනේ..හරිම පරිස්සමෙන් ඉතින්..මං නම් හිතන්නේ නොදැන තරමටම හොදයි කියල..ඔය මානසික රෝගියෝ එහෙම ඒ රුප අරගෙන් විවිද නොමන වැඩ කරන්න පෙලබෙනවා.ඒවාට ඉතින් උදාහරණ ගොඩක් තියෙනවනේ..
ඉතින් මේ ගැන කතා කරන්න නම් ගොඩක් දෙවල් තියෙනවා...තව දේවල් ටිකක් අරගෙන් අපේ යාලුවොන්ට මේ දේවල් වල තියෙන අනිත්‍ය තාවය අරගෙන  ලගදීම එනවා කියල කියන්නම්,,,මේ හැදින්වීමේ මුලික ලිපි තමයි දැන් දැන් ඔයාල කියවන්නේ..
යාලුවනේ අපි අපි විසින්ම ගොඩ නැගෙන්න බලන්න ගන්න අපේ ඉතිහාසය උදහරනයකට..ගන්න
ඔය බලන දේවල් මත අපේ දියුණුව තියෙනවා කියල ඔප්පු කරන්න පුළුවන් නම් මේකේ අදහස් පලකරන්න..ඒ දේවල් මතත් මම මේ ඉදිරිපත් කරන දේවල් වල වැදගත් භාවය තීරණය වෙනවා කියල නිහතමානීව කියා සිටිනවා..
යාලුවනේ මේ දේ නතරකරන්න හොද අදහස් අපිට ඕන..ඒ සමාජයේ ඉන්න ඔයාල සහ අපි හැමෝගෙම එකතුව මත තමයි රැදෙන්නේ නේද යාලුවනේ....?අපි කොයි තරම් ලස්සන රටක් හැදුවත් වැඩක් නෑ අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න බැරි නම්..මොකද ඒ ආකල්ප මත තමයි අපේ අක්කල අයියල ,නංගිලා ,අම්මල ,තාත්තල වගේම අපේ අනාගත දුවල පුතාල පවා ගොඩ නැගෙන්නේ...සමාජයට දෙන්න පුළුවන් උපරිම හොද ආදර්ශ දෙන්න පුළුවන් හැම මර්ගයකිනම දෙන එකයි අපේ වැදගත්ම සහ එකම පරමාර්ථය වෙන්න ඕන දේ.... එහෙම නේද ??ඉතින් අපි විවිධ ආගමික සංවිධාන හරහා ඔය විවිධ දේවල් අපේ රටෙන් ඉවත් කරන්න පෙළ ගැහුනා වගේ මේ වගේ දෙයක් නවත්වන්න අපේ මනස හදන්න උදව කරනවානම් හොදයි කියලත් හිතනවා...ඒ දේත් යහපත් ක්‍රියාවක් කියල කියන්න පුළුවන් දෙයක්නේ නේද..?මොකද අපි හැමෝම උතුම් මනුස්සයෝ....

Post a Comment

10 Comments

  1. උබේ වයස 22යි,

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් යාලුව..මම 1992 තමයි මේ ලස්සන දේවල් දකින්න ආරම්භ කලේ...

      Delete
  2. හොද උපදෙස් ටිකක් පුතා.උබේ අනාගතේ ඉහල තැනක් කියල සලකුණු පේනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යහළුවා...ඔයාගේ අදහසට ඇමට ඇත්තටම ගොඩක් සතුටුයි....මම නිහතමානීව ඒ ගැන ආඩම්බර වනවා...ඇත්තටම ගොඩක් සතුටුයි..

      Delete
  3. osa oya nm mari.oya gana adambarai.good luk

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හිමයා...ඔයාගේ අදහසටත් ගොඩක් සතුටුයි..ඔයාල වගේ යෙහෙළියෝ ඇත්තම මේ සමාජය ගොඩ නගන්න ගොඩක් වැදගත්...

      Delete
  4. යකෝ උබ මාර වදන් ටිකක්නේ පවසල තියෙන්නේ...අම්මප අපි නියම හරක් කියල තේරෙනව.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අදහස නම් ගොඩක් විහිලුයි,,,,,,

      Delete
  5. watinawa machn :) thawath hodata karagena yanna :) mama Geek.lk/kalanaR :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුව.....ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා..ඒ දේවල් තමයි අපේ ඉස්සරහ දියුණුව රදා පවතින්නේ..ගොඩක් ස්තුතියි දිගටම අපේ මනුස්සකම සමග ඉදිවී කියල හිතනවා....

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....