වැඩකට නැති පිටරට කතාවලට ඇබ්බැහි වෙන්න එපා...

යාලුවනේ ඔන්න අද මේ කියන්න යන්නේ අපේ මේ යහළුවෝ/යෙහෙළියෝ කොටින්ම කියනවා නම් බාල මහලු හැමෝම ඇබ්බැහි වෙච්ච පිටරට කතා ගැන තමයි..පිටරට කතා කියල කියුවේ අපේ මේ රුපවාහිනී නාලිකාවල පෙන්වන කතා ගැන..
ඇත්තටම යාලුවනේ මෙහෙම කියද්දී සමහර අයට නම් ගොඩක් තරහ යාවි.මොකද මේ ටික කියවනකොටත් මොකක් ගැනද කියන්න යන්නේ කියල කල්පනාවට ඇවිල්ල ඇති නේ??
හැබැයි මේ කතාව කියන්න යන්නේ මගේ යාලුවෙක් ටිකකට කලින් කියපු දෙයක් මතක් වෙලා..
මොකද එයා කියනවා "අපරාදේ හලෝ..මට මාර දුකයි,,මේ සතියේ  "xසුx.xදීx" (කතාවේ නම් කියන්න හොද නැති නිසා මෙහෙම කියන්නේ හොදද..)  කතාව ඉවර වෙනවා මට මාර දුකයි..

ඒ උනාට අපහු එකක් පටන් ගන්නවා එකේ නම "XඅX.XදිX" කියල කියුව...
මට  හිනාවෙ පන නෑ නම් දෙක ඇහුවම..
ඇත්තටම මම මුලින් හිතුවේ ජෝක් එකට කියපු නමක් කියල..ඉතින් කෝකටත් මම ගුගල් සේර්ච් කරලා බැලුව..ඇත්ත තමයි..එහෙම නමකින් තව කතාවක් පටන් ගන්නවලු...

යාලුවෙන ඇත්තටම මොකද්ද අපි මේ කරන විකාර වැඩේ...
ඇයි මේ ත‍රම් මෝඩ කියල මට හිතෙනවා..
මේ දේ ගොඩක්ම අපේ යෙහෙළියෝ අතරේ තමයි පැතිරිලා තියෙන්නේ..කතාවෙන් ගන්න තියෙන ආදර්ශය මොකද්ද කියල දන්නෙත් නෑ..
එක දවසක් මම ඇහුවම මොකද්ද ඕකෙන් ගන්න තියෙන ආදර්ශය කියල??
"චුට්ටක් ඉන්න අද X.සු.X.දි.X" පැනල යනවලු" මරේ මාරු අපේ මේ ගෑනු ළමයින්ට ගිය කලක්...
මගෙන් අහනවා එක බැලුව කියල කාටවත් පාඩුවක් වෙන්නේ නැත්නම් මොකටද ඕයා නිකන් කෑගහන්නේ කියල ඇහුව....
ඇත්තටම ඔව් මොකටද නිකන් කෑ ගහන්නේ නේද?
මොලේ අමාරුවටද??
මෙන්න මෙතැනයි යාලුවනේ කෑගහන්න හේතුව තියෙන්නේ....
මොකටද පිටරට කතා ලංකාවේ ප්‍රචාරය කරලා අපේ ඉගන ගන්න වයසේ යාලුවොන්ට වැඩකට නැති මානසිකත්වයක් ඔළුවට දාන්නේ..
මම අපේ මුනු පොතේ යාලුවෙක් දාල තිබුන පින්තුරයක් දැක්ක...
පින්තුරයක් කියන්නේ ගුරුවරයෙක් තමන්ගේ අමතර පන්තියට එන්න කියල ගහපූ දැන්වීමක රුපයක්..
එකේ උඩින්ම ගහල තියෙනවා එදින පැමිණෙන සැමට "සමාන නමක් කියන්නම් කොත්තුමී " ගේ චායරුප 100ක් ඇතුලත් වටින ස්ටිකර් සහ CD තැටියක් නොමිලේ"
යාලුවනේ ඔය කියන කෙනා ගැන විස්තර එකතු කළා කියල විබාගෙට එක කෙටි ප්‍රශ්නයක්වත් අහනවද?
නැහැ නේද...?

අපේ රටේ කොච්චර හොද ටෙලි නාට්‍ය අද්යක්ෂක වරු ඉන්නවද?
නිෂ්පාදකවරු ඉන්නවද?
ඇයි ඒ අයට දෙන්න පුළුවන් උපරිම තාක්ෂණික පහසුකම් සපයල දීල හොද නිර්මාණයක් එලි දක්වල අපේ ප්‍රේක්ෂකයන්ට දෙන්න බැරි??
ඇයි අපේ රටේ දෙයක් අගය කරන්නේ නැත්තේ???
ඒකට වැරදි අපේම අය නේද...අපි පිටරටින් ගේන කතා බලන්නේ නැත්නම් ඒවා ප්‍රචාරය කරන්නේ නැහැ නේද..?
නිකමට හිතන්න කොයිතරම් ලාබ ලබනවා ඇත්ද ඔය කතා අතරේ විවිද ආයතන වල දැන්වීම් දාල..
අපි මෙහෙ කට ඇරගෙන කිසිම දෙයක් කරන්නේ නැතිව සියලු වැඩ පැත්තකට දාල බලාගෙන ඉන්නව..
සත පහක ලාබයක් ප්‍රයෝජනයක් තියෙනවද??
..විබාගේ කරලා ගෙදරට වෙලා ඉන්නවනේ..කරන්න වැඩකුත් නෑනේ ඉතින් බල බල ඉන්නව ..
ඔන්න ඕක තමයි අපේ අයට දෙන්න තියෙන ලේසිම උත්තරේ..
කොයි තරම් මෝඩද බලන්න යාලුවනේ....
ඇත්තටම ඔය පිටරට කතා වලට අකමැති අයට මම නම් මාර කැමතියි....

යාලුවනේ කාලයක් ආව අපේ අල්ලපු රටේ කතා ගෙනල්ල කාලයට රත්තරන් වටිනාකමක් දීල..
කොච්චර විහිලුවක්ද.
ඒ අයට ගෙවෙන පැය විසි හතරෙන් පැය දෙකක් විතරයි රත්තරන් කියල දැනුනේ..
එත් නිකමට හිතන්න ඒ ගෙවිච්ච පැය දෙක ඇතුලත එක පවුලකින් අඩුම තරමේ දෙන්නෙක් මුකුත් වැඩ කරන්නේ නැතව රුප පෙට්ටිය දිහා බලාගෙන ඉන්නවා කියල..
ලංකාවේ එක පවුලක් දල වශයෙන් පස් දෙනෙක් ඉන්නවා කියල හිතමුකෝ ...කොටි දෙකයි නේ ජනගහනය නේ??
 එහෙම උනොත් පවුල් ලක්ෂ 4ක් ඉන්නවා ඉතින් එක පවුලකින් දෙන්නෙක් ගත්ත කියමු..ලක්ෂ 8ක් ජනතාව කිසිම පලදායි නැති දෙකට රැවටිලා කාලය කනවා නේද..?
ඉතින් කොහොමද අපේ මේ පුංචි රට දියුනු කරන්නේ...?තනිකර හීනයක් නේද..
යාලුවනේ මගේ යාළුවෙක් ඉන්නවා ඇමරිකා එක්සත් ජනොපදයේ...එයා කියනවා මචං ,එහෙ එවුන් දැක්කම පිස්සු හැදෙනවා..මුන් කතා කරන්නෙම නෑ වගේ බං..ට්.වී බලන්නේ නෑ..හැම එකාම ඉන්ටර්නෙට් හරහා තමයි වැඩ දාන්නේ..මාර IT දැනුමක් තියෙන්නේ බන්..අපිට වඩා හොදට මුන් ලංකාව ගැන දන්නවා බං..කියල කියුව..

යාලුවනේ ඇයි අපේ රටේ අය මේ තරම් මෝඩ වෙලා මේ දේවල් කරන්නේ..ඇයි අපේ යාළුවෙක් පිටරකට ගියාට පස්සේ අපහු ලංකාවට එන්න අකමැති.අවත් අපහු යන්නම නේ හදන්නේ..
ඒ රටේ දියුණුවයි,පහසුකම් නුයි අත්විදලා ආවම මෙහෙ ඇති දෙයක් නෑ කියල හිතෙනවා..
එත් ඒ තත්වේ ඇතිකරගෙන තියෙන්නෙත් අපේම අය තමයි..
අපිට කරන්න පුළුවන් දේත් පිටරටට දෙනවා..මොකද ලංකාවේ දේ හෑල්ලුවට ලක් කරලනේ කතා කරන්නේ..ඉතින් කවුරුවත් පිළිගන්නේ නෑ..
වැඩිය ඕන නැහැ යහලුවනේ අපේ රටේ නිර්මාණය වන මෝටර් රථයට තියෙන වටිනාකම හරි හැටි දන්නවා නම් ඇයි තවමත්  එක එක හේතු කියා කියා පිටරටින් ගෙන්වන වාහන සීමා කරනවා කියුවට තවම නැත්තේ..
ගොඩක් පාලකයන් වැරදි මතවල තවමත් ඉන්නේ..එයාලගේ බල තන්හාවද එහෙමත් නැත්නම් මුදල් තන්හාවද කියල ප්‍රශ්න දෙකක් තියෙනවා,,
එත් අපිම පත්කරගත්ත පිරිසක්නේ එයාලත්.ඉතින් බැන්න කියල වැඩකුත් නෑ..
කොහොම උනත් පිටරට දේවල් වලට තියෙන තැන නැති කරන්න ඕන යාලුවනේ..එතකොටයි අපේ රටේ එවට අගයක් ලැබෙන්නේ..
පිටරට අර්තාපල් ලංකාවේ නැති නම් ලංකාවේ ඒවා විතරයි නම් තියෙන්නේ මොන ප්‍රශ්නේ ආවත් ලංකාවේ ඒවම විතරයි නේ කන්න වෙන්නේ..
අන්න ඒ තත්වෙට එනතාක් අපේ රට ස්වයං පෝෂිත කරන්න බෑ...

අල්ලපු රටේ ඉදපු උත්තරීතර නායක තුමෙක් කියුවේ පිටරට එවුන්ගේ නුල් පොටක්වත් අපිට එපා..
අපි අපිට ඕන රෙදි කෑල්ල අපිම මහගන්නම්..කියල.කවුද මේ උත්ත්රෙතර මනුස්සය කියල දන්නේ නැත්නම් වැඩක්නෑ..මහත්මා ගාන්ධි තුමා..එතුමා නිසා ඒ රට කොයි තරම් දුරකට දියුණු උනාද කියල ඉතිහාසය දන්නා අය දන්නවා..අදටත් ඒ නියායයන් ඒ විදියටම ඒ රටේ පිරිසක් අනුගමනය කරනවා නේද..?
එත් අපේ රට....?????
අපේ ඉස්සර නායකයෝ කොයි තරම රට වෙනුවෙන් අප කැප වෙලා සේවය කරාද..එත් දැන් ලංකාවේ අයගේ දේවල් අගයක් නැතිවෙලා..
යාලුවනේ පොඩ්ඩක් හිතන්න පිටරට කතා වලට ඇබ්බැහි වෙන්න එපා..බලන්න එපා..මොකටද කතාවකට උනත් අපි වෙන රටකට පාච්චල් වෙන්න යන්නේ..
අපි සිංහලයෝ..ගොඩක් ආදර්ශමත් සංස්කෘතියක් පෙරටු කරගත් සමාජ කොට්ටාශයක් එහෙව් එකේ පහත් මානසිකත්වෙක ඉදන් වැඩ කරන්න එපා..බුද්දිමත් වෙන්න.අපේ අනාගතේ ගැන හිතන්න..
මේ වටිනා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න..
දවසකට විනාඩි 30ක් ඇතුලත කරන්න කොයි තරම් වැඩ තියෙනවද??හරවත් වැඩ...
මං අවසාන වශයෙන් ලස්සන කතාවක් කියන්නම්,,

ලෝකේ වැඩිපුරම ධන්වත් පුද්ගලයා..බිල් ගේට්ස්.
දවසක් පාරේ යනගමන් එයා ඩොලර් සීයක් ගුලි කරලා බිමට දැම්මලු..
ඉතින් අසල ඉදපු කෙනෙක් කියුවලු..
සර් අපරාදේ නේ සල්ලි...අහුලගන්න කියල..
එයා මොකද්ද දන්නවද කියුවේ..
ඕන නෑ යාලුවා...ඔය සල්ලි අහුලන්න පහත්වෙලා නැගිටින තත්පර දෙකට මට තව ඩොලර් ලක්ෂ ගානක් ඇවිල්ල කියුව..

යාලුනේ මේ පුද්ගලයා ඒ දේ ලොකු කමකට නෙවෙයි කියුවේ..
කොහොමද මම ඒ වගේ තත්වෙකට පත් උනේ කියල හිතන්න වෙන අයට ප්‍රශ්නයක් තමයි ඒ විදියට ඉතුරු කරේ..
ඇයි අපිටත් එහෙම කාලයෙන් උපරිම ප්‍රයෝජන අරන් තමන්ගේ රටට දියුනුව ලගාකරදෙන්න..
එත් මනුස්සයෙක්..අපිත් මනුස්සයෝ නේද...අපේ රටේ දේ අගයකරන්න යාලුවනේ...




Post a Comment

2 Comments

  1. මල්ලි බුදු දහමත් පිටරටින් ඇවිත් තියෙන්නේ. එකත් එපා කියමුද ????

    ReplyDelete
  2. ඔව් පිටරටින් තමයි අපේ ආගමත් ආවේ..එත් අපේ රටෙන් බිහි උන කිසිම ආගමක් නෑ නේද දන්නා තරමින්...මෙතන මුලික අදහස අපේ රටේ දක්ෂතාවයට මුල් තැන දෙන්න කියන එක සහ තේරුමක් නැති දේවල් වලින් අපේ රටේ අය මුලාවට පත් කරන්න එපා කියන එක.එත් අයියේ අපේ අයගේ රසාස්වාදයත් එක්ක ඒ දේ වෙනස් කරන්න අමාරුයි නේද....හිතලම තමයි හැඩගැහෙන්න ඕන..ඔයාගේ අදහස මොකද්ද ඒ ගැන..

    ReplyDelete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....