අපේ සමහර යාලුවෝ නම් අහවි කොහොමෙයි බං ජීවිත කෑල්ල....???
ඔහොමනෙ අපේ සෙට් එක එකට ඉන්නකොට අහන්නේ නේ...
ඉතින් ඉතින් ඇත්තටම කොහොමද කියුවත් වගේ ජීවිතේ...හොදයිද???නරකයිද???
එහෙමත් නැත්නම් කොහොමද සැපදුක කියල ඇහුවොත් කොහොමද???
සැප නම් ඉතින් කොහේ දුකක්ද,කොහොමත් දුකක් නෑ නේ....?එහෙමද....?
ඉතින් යාලුවනේ ඔන්න ඔහොමයි අපි උත්තර දෙන්නේ එහෙම නේ...
නැතනම් ඉතින් මම උත්තර දෙන්නේ නම් මගේ යාලුවෝ ඇහුවම කොහොමද ඔයාට? කියල මම නම් මෙන්න මේ සිංදු කෑල්ලෙන් තමයි ගොඩක් වෙලාවට උත්තරේ දුන්නේ..
"දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්..."
ඉතින් ඕක කියුවම නම් සමහර අයට තරහ යනවා..
මේ.......අහපු දේට උත්තරේ දෙන්නකෝ
කියල මොකක් හරි කියල බනිවි..එහෙමනේ ඉතින් අපේ ස්ත්‍රීලිංග වංශයට පොඩ්ඩ ඇත්නම් මල පනිනවා නේ...
ඉතින් ඇත්තටම යාලුවනේ අපෙන් කවුරුහරි ඔය ප්‍රශ්නේ අහන්නේ යම් කිසි උත්තරයක් බලාපොරොත්තුවෙන්..අපි කෙටියෙන්ම උත්තරයක් දෙන්නේ කොයි විදියටද
"කොහොමද...?"
කියල ඇහුවහම
"හොදින් ඉන්නවා"
එහෙමත් නැත්නම්
"වරදක් නෑ,හොදින්"
ඔයාට කොහොමද? කියල අපහු පෙරලා ප්‍රශ්නයක් අහනවා එහෙම නේ???
එත් ඇත්තම තත්වේ ඒ දේ නෙවෙයි නේද??
අපෙන් ඒ ප්‍රශ්නේ අහන කෙනා අනුව අපි දෙන උත්තරේ වෙනස් නේද යාලුවනේ...?
වැඩිය ඕන නෑ...
ඔයාගේ යාළුවෙක් ඇහුවොත් කියනවා
"වැඩක් නෑ බං කතා කරලා" (කොල්ලෙක් නම් )
ඊට පස්සේ
"අනේ හලෝ මට නම් එපා වෙලා තියෙන්නේ"(ඒ කෙල්ලෙක් නම්)
ඉතින් ඔය දෙගොල්ලොම පන්සලට ගිය වෙලාවක ලොකු හාමුදුරුවෝ ඇහුවොත් කොහොමද කියල...
"වරදක් නෑ හාමුදුරුවනේ ඔහේ ඉන්නව"
බැලුවම ගත් කටටම බොරුවක් නේ කියල තියෙන්නේ නේ???ඒ අපේ හැටි යාලුවනේ...
අපි ඉන්න තත්වේ හැටියට තමයි ප්‍රතිචාර දක්වන්නේ..එත් අපි හිතට අවංකවම වැඩ කරනවානම් ඔය කිසිම ප්‍රශ්නයක් එන්නේ නෑ කියලයි මගේ හැගීම..
එත් අපි තවමත් සාමාන්‍ය පෘතකජන මිනිස්සු නේ ???
හැම දෙකටම බැදීමක් ඇති කරගනිපු නිසා එහෙම හිතට අවංකවම ඉන්න අමාරුයි...
යාලුවනේ ඇයි අපේ හිත කලකිරෙනවා කියන්නේ...?
මන් දකින විදියට කියන්නම් සාමාන්‍ය හේතු කීපයක්.
*තමන්ගේ පවුලේ කෙනෙක් තමන්ට බොරුවක් කරාම.
*පවුලේ කෙනෙක් තමන්ව කොන් කරාම
*රැකියාව කරන තැන අනිත් සේවකයෝ තමන්ව කොන් කරාම.
*තමන්ගේ ආදරවන්තිය හෝ ආදරවන්තය බොරුවක් කරාම.
*තමන්ගේ හොදම යාලුව තමන්ට බොරුවක් කරාම.
*වැරදි වැටහීම් නිසා තිබුන විශ්වාසකම් නැති උනාම.
ඔන්න ඔය වගේ දේවල් නිසා තමයි කල කිරීම කියන දේ ඇති වෙනවා කියල අපි හිතාගෙන ඉන්නේ නේද...?
එත් මොකද්ද මේ කලකිරෙනවා කියන දේ තේරුම..?
ඇත්තටම යාලුවනේ කලකිරෙනවා කියන්නේ
ඒ දේ ගැන තිබුන ආශාව/බැදීම/ලෝභකම/මේ දේ මගේ කියල කියන හැගීම සම්පුර්ණ වශයෙන් හෝ අඩ වශයෙන් හෝ නැති වෙලා යාම තමයි කලකිරෙනවා කියල කියන්නේ..
යාලුවනේ මම පොඩි උදාහරණයක් ඔයාලට ඉදිරිපත් කරන්නම්කො..
කලකිරෙමක් ඇති වෙන්න පොඩි හේතුවක්.
සමහරවිට මේ වගේ දේවල් අපේ යාලුවොන්ට වෙලා ඇති..ඉතින් මේ කියන්නේ ඇත්තක්ද කියල බලන්නකෝ..
යාලුවනේ අපි ඇත්තටම කෙනෙක්ට ආදරේ කරනවා කියල හිතමුකෝ..
ගෑනු ළමයෙක්ට හෝ පිරිමි ළමයෙක්ට.
ඒක ආදර බැදීමක් හෝ ගොඩක් ආදරණීය යාළුකමක් වෙන්නත් පුළුවන්.
හැබැයි මුලින් යාලු උන අය පස්සේ ආදරේ කරනවා.පස්සේ අපහු යාලුවෝ වෙලා ඉන්නවලු..
හැබැයි ඉතින් ජීවිතෙට වෙන්න බැරි වැඩක්නේ.ඒ ගැන අපි ඉස්සරහට කතා කරමුකෝ...
ඔන්න ඉතින් මේ යාළුකම අතරේ හෝ/මේ ආදර බැදීම අතරේ නැති වචනේ තමයි ස්තුතියි කියන දේ..
අපි ඔන්න මොකක් හරි උදව්වක් කරාම "තැන්ක්ස් " කියල අර නිකන් ලොකුවටත් එක්ක කියනවනේ..
එත් ලොකුකමට අපහු කියනවා මොන තැන්ක්ස් ද අනේ..අපි හොද යාළුවොනේ..?
ඔය මොකක්හරි කියනවා නේ..
ඉතින් යාලුවනේ තමන් ආදරේ කරන කෙනාට තමන් ආදරේ කරන්න පටන් ගන්න දවසේ ඉදලම හැමවෙලාවකම උත්සහ ගන්නේ මොනයම් දෙකින් හෝ උදව්වක් කරන්න එහෙමත් නැත්නම් එයා සතුටු කරන්න...
ඒ දේ ඔයාල මම වගේම ආදරේ කරන ඕනෑම කෙනෙක් කරන දෙයක්..
මොකද ආදරේ කරන දෙන්නෙක්ට තියෙන්නේ දෙන්නට දෙන්න සතුටින් තියන එක සහ විශ්වාසය විතරයි..
ඉතින් ඔහොම ඉන්න අතරේ අවුරුදු ගණනක් ආදරේ කරලා එක වෙලාවක දෙන්නගෙන් එක්කෙනෙක් ඒ පරණ හැම උදව්වක්ම අමතක කරලා දාල කියුවොත්..
"ඔයා මොනවාද මෙච්චර කාලෙකට මම වෙනුවෙන් කරේ??කවදද මාව සතුටින් තිබ්බේ?හැමදාකම බැලුවේ ඔයාගේ පැත්ත විතරයි,පොඩ්ඩක්වත් මන් ගැන හිතුවද,මොකටද ඔයා මට ආදරෙයි කියල කියුවේ "
කියල ඇහුවොත් ඔයාලට මොකද හිතට දැනෙන්නේ.....?
ඇත්තටම අවංකව ආදරේ කරපු කෙනෙක්ට නම් එතනම පපුව හෝස් ගල ගිහින් පපුවේ අමාරුව හැදිලා මැරේවි.අඩුම තරමේ දුක දරාගන්න බැරුව අඩාවී..
එහෙමත් නැත්නම් ඒ සම්බන්දෙ එතන ඉදලම නතර කරවී..
එත් මේ දේ අහපු කෙනාට ඒ වෙලාවේ ඉදල හිතට කොයිතරම් ලොකු දුකක්ද දැනෙනවා ඇත්තේ...?
සමහරවිට ඒ දේ මතක් වෙන වාරයක් වාරයක් පාසා අඩනවා ඇති..
මෙහෙම කතාවක් අහන්න හිතාගෙන නෙවෙයි නේ ඒ කෙනා ආදරේ කරන්න ගත්තේ,ඉතින් එයා කොයි තරම් කල්පනා කරනවද ඒ සිදුවීම ගැන එක්කෝ ගෙදර ගිහිල්ල හරි නැත්නම් මුහුද අයිනට ගිහිල්ල එහෙමත් නැත්නම් ගොඩක් පාලු තැනකට ගිහින්..
ඉතින් යාලුවනේ මේ හැමදේම වෙන්නේ දරාගන්න බැරි හිතේ අමාරුවකට නේද....
ඉතින් අපිට ඒ කෙනාව යම් තාක් දුරට එපාවිමක් සිද්දවෙනවා,,මං කොච්චර කරත් මට මෙච්චර තමයි,,හැමදකාම මේ දේ තමයි අහන්න වෙන්නේ කියල ගොඩක් හිතින් දුක් විදිනවා නේද.. ..
ඔන්න ඔය දේ තමයි යාලුවනේ අපේ හිත කලකිරෙනවා කියල කියන්නේ..ඒ අපේ එක එක ඇසුරු කිරීම් මත සිදුවන ගැටළු නිසා තමයි මේ දේවල් සිද්ද වෙන්නේ.
එත් මේ හැම දෙයක්ම බොරුවක් මේ හැම දෙකම ඇති දෙයක් නැහැ කියල තේරුම් ගනිපු කෙනෙක්ට නම් හිත හදාගන්න පුළුවන්.එත් ඒ දේට ගොඩක් මහන්සි වෙලා හිත එක තැනකට අරගන්න ඕන..
ඒ දේට ගොඩක් මහන්සි ගන්න පුළුවන් නම් හරි..
මේ කලකිරෙමෙන් නතර වෙන්න අපිට අපේ ආගම ගොඩක්ම වැදගත් වෙනවා..
සිත නිවන හොදම දේ තමයි තමන්ගේ ආගම..
ඇත්ත කතාවක් කියල තේරෙනවා මෙන්න මේ දෙයින්..
"ධර්මය රකින්නා,ධර්මයෙන් ආරක්ෂා කරයි"
හැම වෙලාවකම තමන්ගේ පැත්තෙන් වගේම අනුන්ගේ පැත්තෙනුත් හිතන්න ඒ වගේම ඒ කෙනාගෙන් තමන්ට උන උදව් උපකාර මතක් කරන්න එතකොට හිතට එන හැම තරහක්ම ඉබේටම නැති වෙලා යාවි...මොකද අපි හැමෝම මනුස්සයෝ නේ...

2 Comments
වරදක් නෑ කියන්නෙ ඉතින් සිරාවටම වරදක් නෑ... හොඳකුත් නෑ... නිකන් පතෝල වගේ... මොකටද අප්පා මේ ජීවිත කෑල්ල
ReplyDeleteඅදහසට නම් හිනහත් යනවා...එහෙම හිතන්න එපා යාලුව,,අපේ මේ ජීවිතේ තියෙන්නේ විදින්න මිසක් විදවන්න නෙවෙයි හොදද.....
Deleteඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....