ලංකාවේ වෑර්ලස් එකට ගිය කලක්...

න්න යාලුවනේ අද ඉතින් කියාදෙන්න හදන්නේ අපේ කන පිනවන හැටි ගැන..
ඉතින් මතෘකාවෙන්ම තේරුම් යනවනේ මොකක් ගැනද මේ කියන්න යන්නේ කියල..ඔව් යාලුවනේ අපේ ලංකාවේ අපි වගේම අපේම යහළු යෙහෙළියෝ.බාල මහලු වැඩිහිටි හැමෝම වගේ අහන්න ගොඩක් උනන්දු..ඒ වගේම සමහරුන්ට අහන්නේ නැතුව ඉන්නම බැරි රේඩියෝ කලාව ගැන වචන කීපයක් තමයි
අද ඉතින් අපේ යාලුවෝ වෙනුවෙන් කියන්න යන්නේ..

යාලුවනේ අපේ ආච්චි අම්ම කියපු කතාවක් මතක් වුන මාතෘකාවත් එක්ක..
ඔන්න ඉතින් ලොකු කමකට එහෙම කියනවා නෙවෙයි..ඉස්සර අපි මේ ඉන්න ගමේ ගොඩක් ගෙවල් තිබිල නෑ..අපේ ආච්චිගේ ආදරණීය ස්වාමි පුරුෂය.
ඒ කියන්නේ අපේ සීයනේ,ඉතින් අපේ සීය වැඩ කරලා තියෙන්නේ මීට අවුරුදු 60 කට වගේ කලින්.එහෙම කියන්නේ නම් අපේ අම්මගෙන් අහල..අම්මට අවුරුදු 8 දිලු රේඩියෝ එකක් ගෙනාවේ.

ඉතින් ඔන්න ඔය කාලේදී මුලින්ම රේඩියෝ එකක් තිබුනේ අපේ ආච්චිලගේ ගෙදර කියල තමයි ආරංචිය..ඉතින් ඔන්න ඔය කාලේ හැමදාම හවසට උදේට ආච්චිගේ යාලුවෝ අහල පහල
ගෙවල් දෙක තුනක දෙතුන් දෙනෙක් එක්ක එනවලු රේඩියෝ එක හල යන්න.
ඒ කාලේ රේඩියෝ නෙවෙයිලු තිබුනේ."වෑර්ලස්" කියලනේ කියන්නේ...
මොකද්ද මේ "වෑර්ලස්" කියන්නේ යාලුවනේ..එක සිංහල වචනයක්ද එහෙමත් නැත්නම් පිට රට වචනයක්ද...?
නැහැ යාලුවනේ ඒ කාලේ අපේ රටට ආව සුදු මහත්තුරු බාවිතා කරපු වචනයක් අපේ සිංහලයට ඇහුන විදියට කටට පහසු විදියට බාවිතයට ගනිපු වචනයක්..
මේකේ හරිම වචනේ තමයි "වයර් ලස්" කියන එක..ඒ කියන්නේ වයර් නොමැති.."කුරු කුරු ලස් " වගේ...ඉතින් අපේ ආච්චිලා සීයල ඒ කාලේ බාවිතා කරපු විදිය
තමයි අර විදිය...
ඉතින් ඔන්න ඒ කාලේ මේ "වෑර්ලස්"  එක අහන්න මිනිස්සු පුදුම අසයිලු.ලංකාවට නිදහස ලැබුනේ 1948 මීට දවස් 13කට වගේ කලින් දවසක් නේ...?
ඉතින් ඔන්න ඒ කාලේ සුදු මහත්තුරුන්ගේ දැනුම් දීම් එහෙම අහන්න නිදහසින් පස්සෙත් ලංකාවට විවිධ බලපෑම් එල්ල උන කියල ඔයාල අපි ඉතිහාසය තුලින් අහල
දැකල තියෙනවනේ.
ඉතින් ඔන්න ගමේ අයත් එනවලු හවසට සීයාගේ ආච්චිගේ යාලුවෝ ටිකනේ..ඉතින් අද කාලේ වගේම එයාලත් අර අපි හවසට සෙට් වෙනවා වගේ
එනවා යනවලු..
ඉතින් ඔන්න යාලුවනේ මේ ලගදී තිබුනනේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංවත්සරයකුත් මට හරියටම කීවෙනි එකද කියල නම් ඇත්තටම මතක නෑ..
ඉතින් ඒ කාලේ දැන් කාලේ වගේ වැඩිය සිංදු යන්නේ එහෙමත් නැහැලු..
එකම සින්දුව ඉතින් ගොඩක් වෙලාවට යනවලු..ගොඩක්ම යන්නේ ඉතින් සාකච්චාවන් එහෙම තමයිලු..
දැන්වීම් එහෙමත් යන්නේ ගොඩක් අඩුවෙන්ලු.ඉතින් මිනිසුන්ගේ පාලුවට තනිකමට රේඩියෝ එක අහන්න තියේ නම් මාර සතුටුයිලු..
එත් යාලුවනේ ඒ කාලේ විදුලි බලය දැන් වගේ නෑලුනේ.
එක තමයිලු මේ දේට තිබුන ලොකුම ගැටලුව..
විදුලි කෝෂ "බැටරි" බැටරි නෙවෙයි නේද "බැට්රි" තමයි හරි වචනය...
ඉතින් ඔන්න ඕව කෑලි දෙකක්  තමයි මේ ඔක්කොම සෙල්ලම් ටික පිලිවලකට දන්නා වෙන්නේ.
එත් ඉතින් යාලුවනේ අද කාලේ වගේ නෙවෙයිනේ ඒ කාලේ තිබුනේ
මුදලට ඉතා වටින අගයක්.
අද කාලේ මුදලේ අගය ගොඩක් පහල බැහැල...
ඒ කාලේ සත 25 කින් ලොකු දෙයක් කරන්න පුළුවන් අද කාලේ නම් සත 25 හොයාගන්නත් නෑ..
ඉතින් ඔන්න ඔයවගේ ගැටළු නිසා රේඩියෝ අහන එකත් ගොඩක් ලේසි පහසු දෙයක් උනේ නැහැලු..
ඉතින් යාලුවනේ අපේ මතෘකාවට යමුකෝ..
ඇත්තටම රේඩියෝ අහන එක වර්තමානයේත් එහෙමද...
ඇත්තටම නැහැ නේද.ඒක අහන එක දැන් කාලේ නම් කලාවක් වෙලා එහෙමත්
නැත්නම් සිරිතක් ගානටම පත්වෙලා..
වැරැද්දක් නැහැ යාලුවනේ සන්නිවේදනයේ දියුණුව සහ රටක දියුනුව උපරිමෙන්ම පෙන්වීමට ඇති එක හැකියාවක්..හැබැයි ඒ සන්නිවේදන පැත්තෙන් විතරයි හොදද..
ඉතින් දැන් කාලේ අපි කොයි වගේ වෙලාවටද රේඩියෝ අහන්නේ කියල බැලුවොත් වෙලාවක් නෑ එකට නම්,,,
මොකද නිකමට බලන්නකෝ දවසට පැය 24ක් තියෙනවනේ.ඉතින් එක පැයකට එක රේඩියෝ නාලිකාවක් ගානේ හැදුවොත් එත් මදි කාලය...මොකද ඒ තරම් නාලිකා ප්‍රමාණයක් තියෙනවා..
ඉතින් බලන්න යාලුවනේ අපේ පිරිසක් ඉන්නවා ඒ කියන්නේ වයස් පරතරය අනුව අහන රේඩියෝ නාලිකාව විවධයි..
පොඩ්ඩක් බලන්න අපේ අම්මල/තාත්තල දැනටත් අහන්නේ ඒ දවස්වල අහපු පරණ තාලේ රේඩියෝ නාලිකාවක්ම තමයි..
ඉතින් අපේ වයසේ වගේ ය..
ඒ කියන්නේ අවුරුදු 18-25 වගේ අය ගොඩක් දැන් තාලෙට කාලෙට ගැලපෙන්න ඉංග්‍රීසි නාලිකා අහන්න පටන් අරන්..
තවත් පිරිසක් අපේ වයසේම ඉන්න ගැහැණු ළමයි...අපේ යෙහෙළියෝ නම් ඉතින් ගොඩක් ආදරේට/විරහවට වේදනාවට කදුළු සලන්න උපන් හපන් අයනේ..ඉතින් අගට දැනෙන "තනි ඇහැට අඩේන"(තේරෙන භාෂාවෙන් කියුවේ)
සින්දුවක් අවොත් ඔළුවට වදින්න යන රේඩියෝ නාලිකාව ඉතින් දවසෙම අහනවා...
ඉතින් අවුරුදු 18 වගේ අඩු අය නම් ඉතින් ගොඩක් වෙලාවට හවසට ඔය විහිළු කතා යන ඒවා තමයි අහන්න ආස..ඒ ය ගොඩක් අපේ මව්බිමට ආදරෙයිනෙ.

ඊටපස්සේ ඉතින් අපේ වැඩට යන එන යාලුවෝ එහෙම උදේට හිනාවෙවී යන්නයි රටේ තොටේ පත්තරේ විස්තර ටික දැනගන්න දැඩි හිරු රශ්මියේ තමයි වාහනේ/බස් රථයේ ගමන් කරන්නේ...
හවසට එනකොටත් ඉතින් හිනා වේවි එන්න ඒ හිරු රශ්මියේම එනවා...

ඉතින් යාලුවනේ තවත් පිරිසක් ඉන්නවා සල්ලි ගන්න බලාගෙන/තෑගි ගන්න බලාගෙන රේඩියෝ අහන අය..මොකද "### ඇහුවොත් සල්ලි තමයි"
අරක ඇහුවොත් මෙච්චරයි/මේක ඇහුවොත් මෙච්චරයි කියල සල්ලි වලට අහනවා...
හැබැයි ඒ දේ එක පැත්තකින් හරි එක පැත්තකින් වැරදි..
මොලය වෙහෙසවන දැනුමක් දෙන තරගයක් තුලින් සතුට වශයෙන් තෑග්ගක් දෙන එක නිවැරදිyi
 එත් තමන්ගේ නාලිකාව ප්‍රචලිත කරගැනීම සදහා ගුවන්විදුලිය සුදු පොලක් කරගන්න එක වැරදියි..
මොකද එක එක අයගේ රුචිකත්වයට හරියන නිර්මාණ බිහි කරනවා නම්.ඒ තුලින් තරගයක් දෙන්න පුළුවන් නම් එක තමයි ගොඩක්ම යෝග්‍ය..
හැබැයි යාලුවනේ මේ රේඩියෝ එකට ඇබ්බැහි උනහම අපිට නොදැනුවත්වම සිද්දවෙන වැරදිත් තියෙනවා..
අපේ ආදරේ කරන යාලුවෝ ගොඩක්ම අසයි ආදරේ ගැන කියන කතා අහන්න..
ඉතින් ඒවා යන්නේ රෑට..ඉතින් අපේ යාලුවෝ ඒ කතා අහ අහ පාඩම් කරන්න ගන්නවා.
අන්තිමට කතා ටික මතකයි පාඩම් කරන ඒවා අමතකයි...
සමහර වෙලාවට හොල්මන් කතා/අරයගෙ ආදරය/මෙයාගේ අඩවිය අරව මේවා මාර කතා නේ යන්නේ..
ඉතින් වෙලවකට පිස්සු ඇදෙනවා අහන ඉදියම..
හැබැයි නින්ද යන්නෙත් නෑ,නිදි වරන්නත් පුළුවන්,හැබැයි ඒ නිදි වැරීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් නම් හොදයි..
නිකමට බලන්න ඔයාල කොන්ඩේ කපන සැලූන් එකකට ගියොත් බහුතරයක් සැලූන් වල පිරිමි ය වැඩකරන තැන වල එකම රේඩියෝ නාලිකාව අහන්නේ..
ඒකට හේතුව මොකද්ද නම් දන්නේ නෑ..හැබැයි මට හිතෙන දෙයක් තියෙනවා..ඔයාලටත් හිතෙනවනම් එක අත්තක් කියල හේතුවක් දෙකක් අදහසකින් පලකරන්නකෝ..

ඉතින් යාලුවනේ ඔන්න ඔහොමයි අපේ රටේ රේඩියෝ කලාව ඇති උනේ..
ඉතින් දැන් නම් එක එක ලස්සන සිංදු දවසින් දවස නිකුත් වෙන නිසා ඒ ඔක්කොම එකට එකතු කරලා මෙමරි චිප් එකකට හෝ පෙන් ඩ්‍රයිව් එකකට දාගත්ත දවස තිස්සේ අහ අහ ඉන්නත් අපේ යාලුවෝ අමතක කරන්නේ නෑ..
හැබැයි කොයි දේ කරත් අර රේඩියෝ එකෙන් ලබන වින්දනය වගේ මිහිරි අත්දැකීමක් ලැබෙන්නේ නෑ ඒ දෙයින්..
ඉතින් යාලුවනේ හරි දේ හරි විදියට නිවැරදි ආකාරයෙන් අවශ්‍ය පමණට බාවිතා කරන එක ගොඩක් යහපත් කියල පවසමින් අද දවසට නවතිනවා...
ලස්සන වෙන්න ආස අයට වැදගත් ලිපියක් ඊලගට පලකරනවා කියල පොඩි දැනුම් දීමකුත් කරන්නම්..

Post a Comment

3 Comments

  1. ඔන්න මට අහු නොවුන අඩුපාඩුවක් තිබිල ඒ කියුවේ අන්තිමට පොඩි වරදෙමක් සිද්දවෙලා තිබුන එක අපේ හිතවත් හසන්ය පෙන්වල දුන්න...ස්තුතියි යාලුවා....

    ReplyDelete
  2. දිගටම ලියන්න සුභ පැතුම්.

    ReplyDelete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....