බන ගෙදරකදි දැකපු හාමුදුරුවො...

ඔන්න යාලුවනේ මේ කතාව කියන්නේ නම් අපේ සංග ශාසනයට නිග්‍රහයක් කරන්නවත් අවනම්බුවක් ඇත කර දෙන්නට වත් නෙවෙයි මොකද සංගයා බේධ කරන එක හොද නැති දෙයක් නේ.එත් මන් මේ ඊයේ ගිය බන ගෙදරකදී හාමුදුරු නමක් කරපු පොඩි වැරැද්දක් ගැන තමයි කියන්න යන්නේ.....
අපේ සාර ධර්ම සහ සිරිත් විරිත් ගැන තමයි ඒ හාමුදුරුවො කියුවේ බනටත්..එත් ඒ හාමුදුරුවෝ දැනුවත්ව හෝ නොදනුවත්වමද දන්නේ නෑ පොඩි වැරැද්දක් ගෙදරට ඇතුල් වෙනකොටම කරා....
මට හිතෙන්නේ හාමුදුරුවොන්ට ඒ දේ නොතේරුනද මන්දා....එත් මේ දේ මට දැනුන විදිය තමයි මේ කියන්න යන්නේ....

ඔන්න හාමුදුරුවෝ බණට වැඩම කරවන්න කලින් ඒ ගෙදර මාමල නැන්දල ගෙදර අක්කල අයියලා හැමෝම වගේ ඉක්මනට වැඩ ටික කරලා කලබලෙන් කලබලෙන් වගේ ඇවිත් මොනවාද අඩුපාඩු කියල බලල එක  පාරටම ගෙදර ඉස්සරහට අපු ගෙදර අංකල් කියුව කෝ කෝ මේ හමුදුරුවෝන්ගේ කකුල් හෝදනන වතුර එකක් නෑනේ?ඉක්මනට බේසමකට වතුර එකකුයි පිරිසිදු තුවායකුයි අරන් එන්න කියල ඒ ගෙදර අක්කට කියුව.ඉතින් ඒ අක්කත් ගිහින් ටක්ගාල ඒ දේවල් ගෙනත් ලැස්ති කරා....
යාලුවොන්ට කියුවට කමක් නෑ.මගේ පුරුද්දක් තියෙනවා ගොඩක් ඔය පොඩි පොඩි වැදගත් කියල හිතට දැනෙන අවස්ථා වලදී මම මගේ ජංගම දුරකතනයෙන් හරි වීඩියෝ කරනවා නැත්නම් අඩුම තරමේ පින්තූරයක් හරි අරගන්නවා.
ඉතින් ඒ පුරුද්ද මට තියෙනවා කියල මගේ යාලුව දන්නා නිසා කැමරාව ගෙනත් මගේ අතට දුන්න මචං උබ මේකෙන් වැඩ ටික ගානට කරපන් කියල.
ඉතින් ඔන්න මං හාමුදුරුවෝ වැඩම කරන කොට මිදුලේ ඉදන් ගෙට එන අවස්ථාව ඉදල පින්තුර ගන්න ලේස්ති උනා....
ඔන්න හාමුදුරුවොත් වැඩිය.
ටක් ගාල අර ඉස්සරහ උන්න මාම තුවයත් අරන් වාඩි වෙලා වතුර බේසමෙන් කොප්පෙකට වතුර අරන් ස්වාමින්වහන්සේගේ කකුල් සෝදන්න ගත්ත.
එතකොට ස්වාමින්වහන්සේ කියුව "එපා එපා ඕව ඕන නෑ..සිරිල් මහත්තය පෙරෙයිද තිබුන රැස්වීමේ ඉන්නවා දැක්කේ නෑ මොකද ගමේ උන්නේ නැත්ද?" 
අහන ගමන් ගෙට ගිහින් බන දේශනා කරන්න සැරසුනා..ඉතින් කාලින මාතෘකාවක් කියල අරගෙන කියන්න ගත්ත අපේ සරදර්ම සිරිත් විරිත් දැන් එන්න එන්න පිරිහීගෙන යන කාලයක් මේක.ඉතින් මේ වගේ කලෙක මේ උපාසක මහත්තයල නෝනලා එකතුවෙලා තමන්ගේ අතරින් සමුගත්ත අදරනීය පියතුමාගේ දෙවසරක් සම්පුර්ණ වෙන හෙට දවසට දානයක් දෙන්න කලින් මේ වගේ බණක් අසල්වාසීන්ට සහ පවුලේ අයට සහ ඒ පියතුමාට පිං අනුමෝදන් කරන්න මෙහෙම සංවිදානය කල එකට ගොඩක් සතුටු වෙනවා කියලත් කියුව....
තව ගොඩක් අපේ සමාජයේ වෙන වැරදි අඩුපාඩු තොගයක් කියුව...
එත් හමුදුරුවොන්ට අමතක වුන එහෙම කියපු හාමුදුරුවෝ ගෙට ඇතුල් වෙනකොටම අපේ සිරිත් විරිත් කඩ කරා කියල. 
අර මාම අච්චර හිතල මතල වතුර එකයි රෙදි කෑල්ලයි ගෙනල්ල ඒ දේ කරන්න ගත්තේ ඇගේ පතේ අමාරුවකට නෙවෙයි නේද???
අපේ සිංහල සිරිත් විරිත් හොදට දන්නා නිසා නේද?
අනිත් අයටත් ආදර්ශමත් වෙන්න නේද ඒ මාම එක කරන්න ගත්තේ.
එත් හාමුදුරුවෝ මොකද්ද කලේ???
ඒ මනුස්සය කරන්න හදපු ආරක්ෂා කරන්න හදපු අපේ සිරිත් විරිත් ගණන් ගන්නේ නැතුව ඒ දේ ප්‍රතික්ෂේප කරලා ඇහුවේ රැස්වීමකට අපු නැති හේතුව නේද??
එත් පොඩ්ඩක් කල්පනා කරලා ඒ දේ කරනම් හැමෝටම ආදර්ශයක් නේද?එහෙම සිරිත් විරිත් ආරක්ෂා කිරීමක් නේද?
ඔන්න එහෙම කල නම් අරම බණක් කියූවට කමක් නෑ....
ඇත්තටම මට ශක්තියක් තිබුනේ නෑ කෙලින්ම හමුදුරුවොට කියන්න මෙන්න මෙහෙම දෙයක් උනේ ඇයි කියල.ඒ නිසයි අද මං මේ ලිපියෙන් ඒ දේ දැනුවත් කරන්න හිතුවේ....
අපේ යාලුවොන්ට මං මොකද්ද මේ ලිපියෙන් අදහස් කරේ කියල නිවැරදිව තේරුම් ගන්න පුළුවන් කියල මං හිතනවා...
මං කියුව දේ ඇත්තක් නේද කියල දැනෙනවා කියල හිතනවා....
කියන දේ කරන කරන දේ කියන සිරිමත් වගේ ස්වාමින් වහන්සේලා අතර එහෙම නමට විතරක් ඉන්න ස්වාමින් වහන්සේලාත් ඉන්න බව තේරුම් ගන්න ඕන.
ඒ වුනාට මේ අන්තිමට කියුව කතාවේ අනිත් පැත්ත තමයි ඇත්ත කියල ගොඩක් අයට දැනේවි..
මමත් එක පිලිගන්නවා...
එත් අපි අපේ අතින් වෙන හැම වැරැද්දම හදාගන්න අතරේ වැරදි කරන අයවත් හදන්න උත්සහ ගන්නවනම් ඒ අයත් නිකන්ම හැදේවි කියල මං හිතනවා..එඅත් වැරදි පිළිගන්න පුද්ගලයෝ නම් විතරක් එහෙම හැදේවි.ඒකට නිහතමානී කමයි වැදගත් වෙන්නේ.මොකටද ලොකුකම් පාන්නේ....?
අපි හැමෝම මනුස්සයෝ නේද?

Post a Comment

5 Comments

  1. hmmm ow ehema aya innawa.ada aka matath theruna dane gedarakadi.

    ReplyDelete
  2. අයි ඒ....මොකද උනේ දානේ ගෙදරදී..????

    ReplyDelete
    Replies
    1. meke kiwwa wagema apu hamuduruwo 16 denekgen 4denai kakul seduwe.anith aya epa kiwwa.

      Delete
  3. ඔව් එක තමයි දැන් ගොඩක් දේවල් කලාවකට නේ වෙන්නේ.....

    ReplyDelete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....