ශික්..අපරාදේ ගෙදර අයත් එක්ක කරන්න අමාරුයි.....

සුභ දිනයක් කියල අපේ යාලුවෝ හැමෝටම එහෙනම් වෙනද වගේම පතනවා..ඉතින් යාලුවනේ
දැන් අපි ඉන්නේ කොතනද...?
ඒ මොකද්ද ඒ ගොන් ප්‍රශ්නේ කියල හිතන්න එපා...
ඇත්තටම අපි නැවතිලා ඉන්නේ කොතනද??
ඒ පාර මොකද්ද ඒ අහපු ප්‍රශ්නේ තේරුම??කලින් අහනවා ඉන්නේ කොතනද දැන් අහනවා නැවතිලා ඉන්නේ කොතනද කියල...
යාලුවනේ බලන්න මේ ගැටළු දෙක දිහා..
පළවෙනි එක තමයි අපි ඉන්නේ කොතනද???
දෙවැනි එක තමයි අපි නැවතිලා ඉන්නේ කොතනද??? කියන ගැටළු දෙක..යාලුවනේ අපේ මේ ජීවිත කාලය ගන්නකො උදාහරණෙට.අපි සමහරවිට මේ වනකොට අවුරුදු 20 සම්පුර්ණ කරලා වෙන්න පුළුවන්.නැත්නම් 25ක් වෙන්නත් පුළුවන් තාක්ෂණයේ දියුණුව සහ යාවත්කාලීන වීමත් සමගම අන්තර්ජාලය හරහා ස්මන්බන්ද වන ඔයාගේ වයස සමහරවිට අවුරුදු 60ක් වෙන්නත් පුළුවන් අවුරුදු 8ක් හෝ 6ක් වගේ වෙන්නත් පුළුවන්..එහෙමත් නැත්නම් වයස අවුරුදු 60ත් ඉක්මවූ කෙනෙක් වෙන්නත් ඉඩකඩ නැතුවම නෙවෙයි...
බලන්නකෝ ඉතින් මේ අන්තර්ජාලය කයන දේ කොයිතරම් දුරට අපිට යෝග්‍ය වෙලාද කියල අපි නොදැනුවත්වම..මෙන්න මේක නේද සැබෑව අපේ සමාජයේ තියෙන..
ඔන්න අවුරුදු 5 පුංචි ළමයෙක් දැන් නම් ඒ කියන්නේ "මොන්ටි සෝරි" පෙර පාසල් යන කාලෙම නැත්නම් අවුරුදු 4 දී වගේම එහෙමත් නැත්නම් අවුරුදු 2 දී හෝ 3 දී පවා අන්තර්ජාලයත් එක්ක ගතකරනවා කියුවොත් මම හිතන්නේ නිවරදියි...
එත් ලංකාවේ සියලුම ළමයින් නම් එහෙම නෑ කියල අපි කවුරුත් දන්නවා මොකද ඒ තරම වත් පොහොසත් කමින් යුක්ත පවුල් පමණක්ම නෙවෙයිනේ අපේ රටේ ඉන්නේ.එත් දැන් දැන් අර සමාජීය පැත්තේ තියෙන කලාව එහෙමත් නැත්නම් පවුල් වල සාමාජිකයන් අතර තියෙන අර කියන්නේ Trend  එක කියල..
මේක තමයි අලුත් ට්‍රෙන්ඩ් එක.මොකද්ද මේ ට්‍රෙන්ඩ් එක කියල කියන්නේ යාලුවනේ.
අපිත් ඒක කියන්නම් වාලේ කියනවා වෙන්නත් පුළුවන් අරුත දැනගෙන කියනවා වෙන්නත් පුළුවන්..

ඇත්තටම ට්‍රෙන්ඩ් එක කියල කියන්නේ යාලුවනේ නැබුරුතාවය කියන එකට එහෙමත් නැත්නම් පෙලබීම,එහෙමත් නැත්නම් හුරුවීමට ලක්වනවා කියන අර්ථය තමයි ට්‍රෙන්ඩ් එක කියල කියන්නේ..
ඉතින් මෙන්න මේ දේ නිසා ගොඩක් අපේ සමාජය විවිද දේවල් වලට හුරු පුරුදු වෙලානේ..බලන්න අපි අර ඉහත දීපු උදාහරණය..
කොහොමද අවුරුදු 2/3 ළමයෙක් අන්තර්ජාලයට හුරු උනේ..?
නිකමට බලන්න ළමයෙක්ට දෙන්න පුළුවන් ආදර්ශමත් දේවල්නේ පුංචි කාලේ හැම අම්ම කෙනෙක්ම තාත්ත කෙනෙක්ම දෙන්නේ...
ඉතින් බත් ටික කවන්න එහෙමත් නැත්නම් කිරි එක පොවන්න,නැත්නම් සුප් එකක් පොවන්න හෝ මොනම දෙයක් හෝ කවන්න පොවන්න හරි කාලය ගතවෙනව වැඩියිනේ.ඒ වගේම ළමය කැමතිත් නෑ කවනවා පොවනවට ඉතින් ළමයාගේ මනස වෙනස් කරවන්න අපි ළමා ගීත ටිකක් රුප රාමු එක්ක පෙන්වනවා...ඉතින් ඉන් එහාට උදාහරණ උවමනා නෑ නේද යාලුවනේ..
ඉතින් ඔහොම හුරුවෙලා ටික කලක් යද්දී වයස අවුරුදු 6 දී 7 දී ඒ ළමය අන්ත්ජාලය හරහා විවිධ  ළමා චිත්‍රපටි/කාර්ටුන් බලන්න පුරුදු වෙනවා.ඉතින් එහෙම එහෙම කාලය යද්දී හිතන්න අහන්න දකින්න හුරු උනාම "ගේම් ගහන්න "ක්‍රීඩා කරන්න හුරු වෙනවා..
ඔහොම ඉන්න කෙනා තමයි ටික ටික වැඩි වියට පත්වෙලා අද මෙන්න මේ වගේ තැනකට එන්නේ.එහෙම ආවට පස්සේ අන්තර්ජාලය කියන දේ නැති උනොත් ජීවිතේ නෑ කියන තත්වෙටම පත්වෙනවා..හැබැයි අපි කියනවා කතාවක් මේ අන්තර්ජාලය කියන දේට Addict වෙන්න එපා කියල..ඒ කියන්නේ මොකද්ද යාලුවනේ..
"ඇඩික්ට්" කියල කියන්නේ අලී ගැලී සිටිනවා,එහෙමත් නැත්නම් ඇබ්බැහි වෙනවා අර කියන්නේ එකෙන් තොර ලොවක් නෑ කියල.අන්න ඒ තත්වෙට පත්වෙන්න පුරුදු වෙනවා.පැය 24ම එකේම තමයි කියන තත්වෙට හුරු වෙනවා..
හැබැයි යාලුවනේ මෙන්න මේ දේ තුල ගැටලුව තියෙන්නේ පාසල් හෝ වෙනත් වයස අවුරුදු 18/20 වගේ කාලය දක්වා පමණයි..
මොකද අපි මුලික දැනුම පොතේ දැනුම ගන්න කාලේ ඔය දේ තුල අලී ගැලී ඉන්න එක කවුරුවත් සනාත කරන්නේ නෑ හොද දෙයක් කියල..එහෙම නේද..?
ඉතින් අපේ හැම යාලුවෙකම මේ අන්තර්ජාලය කියන දේ පරිහරණය කරද්දී ඒ දේට එපා කියල කියනවනම් යම් කෙනෙක් ඒ කෙනත් එක්ක තරහ ඇති කරගන්නවා..ඔන්න උදාහරණයක් දෙන්නම් ගෙදරක අක්ක කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉදියොත් මොකද තත්වේ..
අක්කල නම් ඉතින් පොතටම ඇලිල ඉන්න උදවියනේ..බොහෝ පිරිසක් ගෑනු ළමයි මේ පොත පතට ඇඩික්ට් වුන අයනේ..මේ එයාලට නිගරු කරනවා නම් නෙවෙයි හොදද..ඇත්ත කතාකරන එකනේ අපේ යුතුකම එහෙම නේද..?
ඉතින් අක්ක කියනවා මල්ලිට ඕක කරන්න එපා,පාඩම් කරනෝ..ෆේස්බුක් යන්න එපා,තමුසේ කාත් එක්කද චැට් කරන්නේ,වහල දානෝ ඕක,ඔහොම කියනවා...
ඉතින් අක්ක එක්ක මල්ලි තරහයි නේද..?
එහෙමත් නැත්නම් ගෙදර ඉන්න යාලුවෙක් තව තව යාලුවෝ දෙතුන් දෙනා ගෙදරට එක්කරන් එනවා කියල හිතමු ගේම් ගහන්න,සිංදු ටිකක් දාගන්න,නැත්නම් ෆිල්ම් එකක් බලන්න,එහෙමත් නැත්නම් වෙන මොනවා හරි දෙයක් උදා හරණ දෙන්න ඕන නෑනේ??(සබැදුමක් එකතු කරලා තියෙන්නේ.ගිහින් බලන්නකෝ කැමතිනම්..)

ඉතින් ඔය ගැන මොකද හිතන්නේ ගෙදර ඉන්න අම්ම හෝ අක්ක,,කැමති වෙනවද?නෑනේ..ඉතින් යුද්දේ ප්‍රකාශ කරනවා නේද...?ඓතින් අපේ යාලුවෝ හිතනවා ශික් අපරාදේ ගෙදර අයත් එක්ක කරන්න අමාරුයි කියල..යාලුවනේ එත් බලන්න ගෙදරක තාත්ත කෙනෙක් අවුරුදු 50ත් 60ත් අතරේ හෝ ඊට පහල වේවා...අන්තර්ජාලය හා සමග ගැටෙනවනම් ඒ කෙනා තමන්ගේ දරුවන්ටත් මේ දේ තුලින් ගන්න පුළුවන් දැනුම කියන දේ ගන්න ක්‍රමය කියල දෙනවා නිසැකවම..ඉතින් එවැනි නිවසක තත්වය ගොඩක් දුරට වෙනස් නේද??
යාලුවනේ බලන්න අර මම මුලින්ම අහපු ගැටලුව..?
අපි දැන් ඉන්නේ කොතනද...?කියන එක ගැන පොඩි අවබෝදයක් ආවද..ඇත්තටම අපි මේ සමාජයේ ඉන්නේ මෙන්න මේ කියපු තැන නොවේද.අපි තාමත් අනවශ්‍ය දේ ගැනම විතරක් වැඩිදුර කල්පනා කරනවා නොවේද.වෙන්න පුළුවන් හානිය එහෙමත් නැත්නම් හැම දෙකින්ම අපිට නොහැකියාවක් පෙන්වන තැන ගැන විතරක්ම කල්පනා කරන පිරිසක් ඉන්න තැනක ද නැත්නම් එහෙම නොවන එහෙම නොහිතන තැනකද  අපි අද ඉන්නේ..?
තවමත් ඒ දේ 60% පමණ අපේ වැඩිහිටියෝ අතර තියෙනවා නොවේද...?
ඉතින් යාලුවනේ බලන්න අපි අර මුලින් අහපු දෙවැනි ගැටලුව දිහා...
ඇත්තටම අපි නැවතිලා ඉන්නේ කොතනද කියන ගැටලුව...?
යාලුවනේ බලන්න පුංචි කාලේ අපි පැණි බීම බොන්න කොච්චර ආසද?අද බොන ජාතිය නෙවෙයි හෙට බොන්නේ අද මේක බිව්වා නම් හෙට දිව රතු පාට වෙන එකක් බොන්න ඕන,අනිද්දා කහපාට වෙන එකක්,මොනවද දන්නේ නෑ අර වතුර වගේ තියෙන බීම නේ??ඒවත් පැණි රසද දන්නේ නෑ,කියල කොහොම හරි බොනවනේ...
ඉතින් ගෙදර ඇවිත් අම්ම හෝ තාත්ත හෝ කවුරුහරි ඒ වගේ ගෙදර හදන බීම එකක් හදල දුන්නොත් අර වගේම බෝතලේකට දාල බටයක් දීල බොන්න කියුවොත් ඒ ආසාවම තියෙනවද??
නෑ නේද යාලුවනේ...අපේ හිත දන්නවා මේක මේ ගෙදර හදපු ජරාවක්නේ..මොන විකාරයක්ද පොඩ්ඩක් බිව්වනම් හරි කියන අදහස නැතුවම නෙවෙයිනේ..
ඉතින් ඔය වගේද බලන්න ගෙදර හදන තේ එකට දෙන තත්වය...ඒක ඔක්කොටම වඩා එපාම වෙනවනේ. ඉතින් යාලුවනේ අපි අද නැවතිලා ඉන්නේ කොතනද?
ඇත්තටම කල්පනා කලොත් මෙන්න මේ බීම වර්ග වගේ නේද..කාලයෙන් කාලයට අපිට ලැබෙන දේට අපි දෙන්නේ විවිධ වූ තත්වයක් හෙවත් වටිනාකමක්..
අපේ තාත්ත කෙනෙක් දෙන තත්වය හෝ වටිනාකම අම්ම යම් දෙකට නොදෙන්න පුළුවන්,ඒ වගේමයි අනිත් පැත්ත,ඒ වගේම නේද ඒ දෙන්නම දෙන වටිනාකමට හාත් පසින්ම වෙනස් ආච්චි අම්මයි සීයයි දෙන තත්වය..ඒ වගේද බලන්න සහෝදර සහෝදරියෝ දෙන තත්වය..?
මේ හැම දේම අර පැණි බීම බෝතලේ වගේ නෑ නේද...?කෙනෙක්ගේ අදහස ගෙදර හදන බීම එක වගේ වෙන්නත් පුළුවන්.
තා කෙනෙක්ගේ අදහස තේ එක වගේ වෙන්නත් පුළුවන්..එහෙම නේද..?
ඉතින් ඇයි අපි හැමෝම ඒ තැන නැවතිලා ඉන්නේ.යම් සීමාවකට කොටුවෙලා හිතන්නේ ඇයි යාලුවනේ..අපි ඉන්නේ කොතනද?
හිතන්න ඕන කොතනද කොහොමද වෙනස් වෙන්නේ කියන දේ ගැන හිතල හැමෝටම සිතුවිලි තුලින් පැණි බීම වෙන්න බැරිද තේ එක වගේ වෙන්නේ නැතුව..
යාලුවනේ අපිව වෙනස් කරවන කෙනා එහෙමත් නැත්නම් අපේ හොද නරක දෙකම එලියට පෙන්වන කෙනා තමයි අපේ කය හසුරවන කෙනා..ඉතින් මේ කය හසුරවන්න ඕන අපි නේද..?ඇයි අපි කය හසුරවන්නේ නැතිව කය හසුරවන විදියට අපි හැසිරෙන්නේ..අපි හැසිරෙන්න ඕන විදියට කය හසුරවනවනම් අපිට පැණි බීම එක වගේ තත්වයකට සිතුවිලි වලින් එන්න බැරිකමක් නෑ නේද යාලුවනේ..
උත්සාහ කරලා බලමු යාලුවනේ...නොහැකි උනොත් අපි ගෙදර හදන බීම එක ලගට හෝ එන්න බලමු..තේ එකේ රස හරි නෑ කියල එතකොට පුන පුනා තහවුරු වෙන්නත් පුළුවන්.ඒ තුලින් අපිට පැණි බීම එක ලගට එන්න පහසු වෙයි..

Post a Comment

2 Comments

  1. me dval karnna bavna karot hrida

    ReplyDelete
    Replies
    1. ඔව් යාලුවා..අපේ හිත එක තැනකට ගන්න හොදම ක්‍රමය තමයි භාවනාව..ඒ තුලින් හිත ශක්තිමත් වෙනවා.හිත එක තැනකට ගත්තයින් පස්සේ තමයි මේ හැම දෙකටම අපිට අවශ්‍ය විදියට නියම ආකාරයෙන් මෙහෙයවන්න පුළුවන්...

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....