රේඩියෝ එකෙන් මුළු ලෝකෙටම ප්‍රසිද්ද වෙන්න කැමතිද...?

සුභ උදෑසනක් යාලුවනේ..ඒ වගේම අදින් ආරම්භ කරන සති අන්තයත් ගොඩක් සතුටින් ගතකරන්න ලැබේවා කියල සුභ පතනවා..ඉතින් යාලුවනේ මේ සතියෙම අලුතින් ලිපි පලකරන්න බැරි උනාට ගොඩක් සමාවෙන්න ඕන..ගොඩක් ගැටළු කරදර මැද්දේ ගෙවිච්ච සතියක් තමයි ගතකරේ..මුළු සතියෙම වගේ ගෙදර නෙවෙයි ඉදියේ රෝහල් වල..මොන දේ නැතත් ළමයින් වශයෙන් කරන්න පුළුවන් ලොකුම උදව්ව නේ තම තමන්ගේ දෙමව්පියන්ට සලකන එක අන්න ඒ වගකීම ඉටුකරන්න තමයි මම මේ සතියම වගේ කැප කරේ.ඉතින් ආපහු අමුතුවෙන් හේතු කියන්න ඕන නෑනේ යාලුවනේ..
යාලුවනේ අද මම මේ ලිපිය පලකරන්න ප්‍රධාන හේතුව තමයි ඇත්තටම මම නොදන්නා කරුණු දෙක තුනක් අලුත් අත්දැකීම් කීපයක්ම  එකතු කරගන්න පුළුවන් කමක් ලැබුන අහම්බෙන් වගේ ලැබුණු  අවස්ථාවකින්.ඉතින් මට ඇත්තටම ඒ ගැන සතුටුයි එත් යුතුකම වන්නේ ඒ දේවල් මම විතරක් දැනගෙන ඉන්න එක නෙවෙයිනේ.දන්නා කියන හැමෝටම ඒ දේවල් කෙටියෙන් හරි කියන එකනේ..
යාලුවනේ මේ ලගදි,ඒ කියන්නේ මේ මැයි 9 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ මට අවස්ථාවක් ලැබුන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට යන්න..එකේ පැවැත්වුනා ආදුනික නිවේදක නිවේදිකාවන් සදහා වැඩමුළුවක්.හැබැයි මම නම් ඒකට සහබාගි උනේ නෑ..මගේ සහෝදරිය ඒ සදහා සහබාගි උනා.අන්න ඒ අතරේ මම ලබපු අත්දැකීම් ටිකක් ගැන තමයි කියන්න යන්නේ..
යාලුවනේ ඇත්තටම අපි යම්කිසි දෙයක් ගැන අවබෝධයකින් යුක්තව බලනවා කියල කියන්නේ ඒ දේ අපේ ඇසට යොමු කරගැනීම පමණක්ම නෙවෙයි.ඒ දකින දේ ගැන යම් තාක් දුරට සොයාබලන එක..ඒ කියන්නේ ඕප දුප හොයනවා වගේ නෙවෙයි.ඒ දකින දේ ගැන යම් කෙටි විස්තරයක් සොයා බලන එක ඒ දකින දේ තුල ගැබ්වෙලා තියෙන යම් වටිනාකමක් අපිට පහදලා දෙනවා නේද..?
නැත්නම් ඒක නිකන් ඇසට මුණ ගැහුන එක රුපයක් විතරක්ම වෙනවා..එහෙම නේද යාලුවනේ.?
අන්න ඒ වගේම තමයි අපි අහන් ඉන්න දේත්..
අපි කෙනෙක් කියන දෙයක් අහගෙන ඉදියොත් එතන වචන කීපයක්ම විතරයි..නමුත් අපි ඒ අහපු එක වචනයක් වචනයක් පාසා ඒ කියපු දේ තුල මොකද්ද ගැබ් වෙලා තියෙන අර්ථය අපේ ජීවිතේට ගන්න පුළුවන් වැදගත් දේ මොකද්ද යන්න අපි විසින්ම හිතීම තුල තමයි එහි සැබෑ වටිනාකම අපේ ජීවිතේට ගන්න හැකියාව ලැබෙන්නේ..
නැත්නම් ඒ දේත් අර දැකපු රූප රාමු වගේම වචන ටිකක් විතරක්ම වෙනවා..
යාලුවනේ මේ අවස්ථාවේදී ඇත්තටම මතක් කරන්න ඕන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සබාපති තුමන්..ගරු  හඩ්සන් සමරසිංහ මහත්මයාව..මුළු ලෝකෙම දන්නා අදුරන වගේම මුළු ලංකාවේම ගුවන් විදුලියේ නායකතුමා කියල කියුව කියල වැරැද්දක් නෑ..
යාලුවනේ මේ ගුවන් විදුලිය තුලින් තමයි අපේ ලංකාවේ වගේම ලෝකෙටම ප්‍රසිද්ධ වුන ගොඩක් අය බිහිවෙලා තියෙන්නේ..ඒ දේ ගොඩක් පැහැදිලිව ඒ අවස්ථාවේදී අපේ ගුවන්විදුලියේ නායක තුමා කරපු කතාවක් තුල පැහැදිලිව සදහන් කළා..
යාලුවනේ පණ්ඩිත් අමරදේව මහත්මය..විශාරද නන්දා මාලනී මහත්මිය ඒ වගේම ඒ අවස්ථාවට සහබාගි උනා ලංකාවේ දැනටත් සජීවී ප්‍රසංග තුල නැතුවම බැරි ගායක තුමෙක්..ඇත්තටම ඔහු ඒ තරම් මිනිස්සු අතර ප්‍රසිද්ද වෙන්න හේතුවත් මේ ගුවන් විදුලිය තමයි..ඒ තමයි නිහාල් නෙල්සන් මහත්මය..
යාලුවනේ ඔහු ඒ අවස්ථවේදී ගීත දෙකක් සජීවීව ගායන කරා.ඇත්තටම ලස්සන ගීත දෙකක් සහ පුදුම ගැබුරු අර්ථයක් සහිත ගීත දෙකක්..
යාලුවනේ මේ ගව ගාතනය වලක්වන්න අපි මොකක් හරි වැඩපිළිවලක් පැවැත්වුවොත් හැමෝටම මතක් වෙන්නේ එක ගීතයක් නේද..?ඒ ගීතයේ හිමිකරු කවුද යාලුවනේ...
ඒ වගේම මවු සෙනෙහස ගැන කියවෙන ගීත අතර අපේ යහළු යෙහෙලියන් අතර ගොඩක් ප්‍රසිද්ධ ගීත අතර මුල් පෙළක් ගන්න ගීතයක් ගයන්නෙත් මේ නිහාල් නෙල්සන් මහත්මය තමයි..
යාලුවනේ ඒ වගේම පෙර සදහන් කල ලංකාවේ ඉන්න ප්‍රධානම ගායිකාවක් සහ ගායකයෙක් මේ ලංකාවට වගේම ලෝකෙටම ප්‍රසිද්ධ උනෙත් මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංවිධානය කල ළමා පිටිය කියල වැඩසටහන තුලින් කියල තමයි දැනගන්න ලැබුනේ..
යාලුවනේ ඒ තුලින් ගන්න පුළුවන් උපරිම ආදර්ශය තමයි පොඩි තැනක ඉදල පටන් ගන්න කෙනාට ලොකු තැනකට යන්න ගොඩක් අත්දැකීම් තියෙනව කියන එක.ඒ කවුරුවත් එකපාර ඒ වගේ ප්‍රසිද්ධ උනේ නෑ නේද.පොඩි තැනකට ඇවිල්ල ගායන ක්ෂේස්ත්‍රය තුල ගොඩක් අත්දැකීම් ලබල තමන්ගේ හැකියාව මොකද්ද කියන දේ නිවැරදිව හදුනාගෙන ඒ මාර්ගය ඔස්සේ ගමකරලා ලෝකය ජයගත්ත දෙපයින් නැගිටපු උතුම් මනුස්සයෝ කියල කියුවොත් නිවැරදියි කියල හිතනවා...
ඒ වගේම තමයි රේඩියෝ කලාවේ නායකතුමා ගරු හඩ්සන් සමරසිංහ මහත්මය ඉතාම දුෂ්කර ගමනක් ඇවිල්ල තමයි මේ තැනට ඇවිල්ල තියෙන්නේ කියලත් ඒ අවස්ථාවේ පැවසුවා..එතුමා තමාගේ ජීවිතේ පේරාදෙණිය ප්‍රදේශයේ ගතකරපු හැටි කියුව.හැබැයි ඒ දේවල් එදා කතාකලේ එතුමා හැමෝටම ආදර්ශමත් විදියට.එතුමා තණකොළ මිටි ඔලුවේ තියන් මහවැලි ගග හරහා වැටුණු පාලමක් උඩින් බයෙන් බයෙන් ගමන් කල අපුරු මතක සටහනක් ඒ අවස්ථාවේ ඉදිරිපත් කළා..යාලුවනේ ඒ දේවල් කියද්දී අපිට හිතෙන්නේ වෙන මුකුත් නෙවෙයි.ඇත්තටම අපි විදින සැප සම්පත් වලින් අපි ගන්න ප්‍රයෝජන මොනවාද කියන ගැටලුව..?
මම දකුණේ කෙනෙක් හැටියට මේ කතාව ඉදිරිපත් නොකලොත් ඇත්තටම වැරදයි...ඒ අවස්ථා ප්‍රධාන වශයෙන් පැවැත්වුනේ මැලිබන් කිරි අනුග්‍රහයෙන් පැවැත්වුන සිටි එෆ් එම් ගුවන් විදුලිය හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සංවිධානය කරපු ලංකාවේ ප්‍රථම වරට නැවුම් අත්දැකීමක් අපේ අසන්නන් වෙනුවෙන් ඉදිරිපත් කල රේඩියෝ බක් මහ සැණකෙළියේ ත්‍යාග ප්‍රධාන උත්සවය තමයි එදා ඒ පැවැත්වුනේ..
ඉතින් ඒ අවස්ථාවේ රු ලක්ෂ 5ක් වටින ඕස්ට්‍රේලියා සංචාරයක් හිමිකරගන්නා වාසනාවන්තයෙක් බිහි උනා.ජනගායන තරගය හරහා ඉදිරිපත් උන පුංචි යාළුවෙක් තමයි ඒ වාසනාවන්තය උනේ.
යාලුවනේ මේ සෑම දෙයක් සදහාම ප්‍රධාන අනුග්‍රහය ලබා දුන්නේ දකුණේ ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයෙන් බිහි උන ලෝකෙටම ආදර්ශමත් ලංකාවේ මනුස්සයෙක්ගේ දිරියෙන් ගොඩනැගුන ලංකාවේ දැනට තියෙන සුවිසල් කිරිපිටි නිෂ්පාදනාගාරක් සහ බිස්කට් නිෂ්පාදනාගාරයක් වන මැලිබන් ආයතනය විසින් කියල මතක් කරන්නත් ඕන..
යාලුවනේ එතුමාගේ ජීවිත කතාව ඇතුලත් ග්‍රන්තයක් එදා එලි දැක්වුව..අවස්ථාවක් ලැබුන ගමන් මම ඒ දේ කියවල තවත් ඔයාලට දැනගන්න වැඩි විස්තරයක් ඉදිරිපත් කරන්නම්.කෙටියෙන් කියන්නනම් එතුමාගේ මුලික ආරම්භය තමයි ගාල්ලේ ඉදන් කොළඹ නගරයට ඇවිල්ල තේ කඩයක සේවය කරලා තමයි යාලුවනේ අද මේ මුළු ලෝකෙටම බිස්කට් යවන්න තරම් ඉහලම තැනකට ආවේ..
යාලුවනේ අපි කාටවත් විශේෂ හැකියාවක් නෑ නේද  එකපාර ලෝකෙට ප්‍රසිද්ද වෙන්න.පුළුවන් ඒ අහම්බෙන් තමයි ඉතින්..බොහොම කලාතුරකින්.එත් යාලුවනේ ගොඩක් මහන්සිවෙලා පැහැදිලිව කියුවොත් කට්ට කාල ගොඩ නගන ජීවිත අත්දැකීම් තුලින් දිරිමත් වෙලා ලෝකය ජයගන්න කෙනාගේ තෘප්තිය ඉතාම වැඩියි...
උදාහරණයක් දෙන්නම් යාලුවනේ වෙනද වගේම,
ළමයි දෙන්නෙක්ට කියුවොත් අම්ම කෙනෙක් දෙන්න වෙන වෙනම ලගට අරගෙන එක්කෙනෙක්ට කියනවා පුතේ කුස්සියේ දොර මුල්ලේ කහපාට බෝලයක් ඇති අරන් එන්න කියල.සහ අනිත් කෙනාට කියනවා පුතේ මේ ගෙදර කොහේ හරි තැනක කහපාට බෝලයක් ඇති අරන් එන්න කියල දෙන්නව යැව්වොත් ඉක්මනට ගේන්නේ අර බෝලය තියෙන තැන හරියටම දැනගත්ත කෙනා නේද..හැබැයි ඒ වෙනකලුත් අනිත් කෙනා ගේ හැමතැනම බෝලය සොයනවා වෙන්නත් පුළුවන්.ඔන්න ඊට පස්සේ ආපහු දෙන්නම ලගට අරන් අම්ම කියුවොත් පුතේ කොහේ හරි තැනක රතුපාට පෙට්ටියක් ඇති අරන් එන්න කියල කියුවොත් කවුද යාලුවනේ ඉක්මනටම ගේන්නේ..
අර මුලින් මුළු ගෙදරම සොයා සොයා ඇවිද ඇවිද ඉදපු කෙනා නේද යාලුවනේ..
ඒ වගේ තමයි අපි ලබන මහන්සිය තුල තමයි අපේ ප්‍රතිපල ගැබ් වෙලා තියෙන්නේ..ඒ කියන්නේ අපි එක තැනකට යන්න හදන මාර්ගය තුල අපි ලබන මහන්සිය තුලින් ලැබෙන අත්දැකීම් වැඩිවෙන තරමට ඒ දේ සාර්ථක කරගන්න ගොඩක් පහසුයි..ඒ වගේම ලස්සන අතීතයක් එකතුවෙනවා කවදාහරි දවසක.එහෙම නේද..?
හැබැයි යාලුවනේ අතීතය ගැන හිත හිත ඉදියොත් කවදාවත් අනාගතය පෙන්නේ නෑ.අතීතයෙන් ගන්න පුළුවන් ආදර්ශ අරගෙන අනාගතය ගොඩනගන්න වර්තමානය කළමනාකරණය කිරීම තමයි අපි කරන්න ඕන..යාලුවනේ මේ ගුවන් විදුලිය බාවිතා කරන්න හැම වෙලාවකම තමන්ගේ පලදායි තාවය සදහා විතරක්.ඇත්තටම අපි නිකන් අහන්නන් වාලේ අහල වැඩක් නෑ නේද..?ඒ වගේම තමයි අද ලෝකෙට හදුන්වල දෙන නවකයෙක් තවත් සතියකින් කිසිම දෙයක් නැතුව වෙනද වගේම ඉන්න තත්වෙකට පත්වෙන්න අවශ්‍යත් නෑ නේද..?හරි දේ හරි විදියට තේරුම් ගන්නවනම් කිසිම වැරද්දක් අපේ අතින් වෙන්නේ නෑ..ඒ අවස්ථාවේදී ඒ බව සදහන් කරන්න සිකුරාදා දවසේ ඔයාල අපි හැමෝටම අහන්න ලැබෙන ප්‍රසන්න දවසක් කියන වැඩ සටහන ඉදිරිපත් කරන ප්‍රසන්න චන්දන බණ්ඩාර මහත්මය ඒ බව මනාව පැවසුවා යාලුවනේ..
නිවැරදි ආකල්ප මත තමයි අපි යන ගමන තීරණේ වෙන්නේ.මොකද යාලුවනේ තව අවුරුද්දකින් දෙකකින් අපි ඉන්න තැන මොකද්ද කියල බැලුවොත් ඒ අද අපි කරන දේවල් මත ගොඩ නැගෙන දෙයක් නේද..?
ඉතින් හැමදාම කියනවා වගේ අපි අපි විසින්ම හිතල අපේ වගකීම් නිවැරදිව ඉටු කරලා මේ රටට වගේම ලෝකෙට වැදගත් උතුම් මනුසත් කමින් යුක්ත මිනිසුන් පිරිසක් බවට පත්වෙමු....
යාලුවනේ හැම දෙයක් සදහාම කැපවීම අත්‍යවශ්‍යයි..කිසිම දෙයක් ආරම්භ කරන්න පසුබට වෙන්න එපා යාලුවනේ.ඒ ආරම්භය තුල අවසානය අසාර්ථක වුවත් ලැබෙන අත්දැකීම් තමයි තවත් දවසක සාර්ථකත්වයට බලපාන්නේ.ඉතින් අපි හැමවෙලාවකම අපේ සමාජයෙන් ගන්න ලැබෙන හැම ආදර්ශයක්ම නිවැරදි ආකාරයෙන් අරගෙන අපේ අනාගතය ගොඩ නාග ගමු නේද....

Post a Comment

2 Comments

  1. "ආරම්භය තුල අවසානය අසාර්ථක වුවත් ලැබෙන අත්දැකීම් තමයි තවත් දවසක සාර්ථකත්වයට බලපාන්නේ"

    me kathava nam niyama adahasak.godak aya poddak bari una gaman e devl navttanavane.vati vati nagitina aya adui dan.suba pathum!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුව...ඔව් ඒ නිසා තමයි අපි හැම වෙලාවකම ඒ බව කිය කියා වැටී වැටී නැගිටින්න ඕන කියන දේ ඔයාල අපි හැමෝගෙම මනසට දෙන්නේ..

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....