සල්ලි නෑ කියා කියා ඉන්නේ නැතුව සල්ලි හොයන්න ලේසි විදියක්...

සුභ උදෑසනක් යාලුවනේ...ඒ වගේම සුභ සතියක් වේවා හැමෝටම..,ඉතින් අද ඉදල ඒ කියන්නේ ඔන්න අවුරුදු මාසේ ඉවර වේගෙන යන්න නේ හදන්නේ...තව සතියක් වගේ තියෙන්නේ.දැන් ඉතින් ඔන්න ඊලගට වෙසක් මාසේ..අපේ බවුද්ද අයගේ අවුරුදු දවස නම් ඉතින් හැරියට දැක්කොත් වෙසක් උත්සවය තමයි...අපි ඉතින් ඒ ගැන ලබන මාසෙම කතා කරමුකෝ..
ඉතින් ඉතින් ....කොහොමද යාලුවනේ මේ දවස්වල තත්වේ..??
සල්ලි එහෙම කීයක් හරි අතේ තියෙන්නත් පුළුවන් නේ..?නැති වෙන්නත් පුළුවන්..
අවුරුද්දට ගනුදෙනු කරපුවත් විනෝද චාරිකාවලට වියදන් කරලම ඉවර ඇති අපේ සමහර යාලුවොන්ගේනම්..
ඔන්න ඉතින් අද අපි මේ සතිය ආරම්භ කරන්න හිතුව ටිකක් වෙනස් විදියකින්.මේකට හේතුව තමයි මේ ලගදි ලෝකේ පුරාම කතාවට ලක් කරපු පොඩි මාතෘකාවක්..හැබැයි මේක වැඩිපුර ප්‍රසිද්ද උනේ නෑ..(ලංකාවේ) ඉතින් ඔන්න කොහොම කොහොම හරි මේ පොඩි සංගනනයත් ඉවර වෙලා අවසන් ප්‍රතිපලය නිකුත් උනානේ..ඉතින් ප්‍රති පලය අපි අන්තිමට බලමුකො..

යාලුවනේ ඔන්න දන්නවද..අපේ ඉතින් ලෝකේ ඉන්න ධනවතා කවුද කියල ඇහුව ගමන් කගේ නමද කටට ආවේ ඒ කාලේ..
බිල් ගේට්ස් මහත්මය නේද..
ඔන්න ඉතින් දැන් නම් ඒ නම වෙනස් වෙලා කියල දැනගන්න ලැබුන..
ඉතින් බලන්න ඔන්න අපේ යාලුවොන්ට හොද ආදර්ශයක් ගන්න පුළුවන් අවස්ථාවක්..
උත්සාහය,කැපවීම,සහ අදිෂ්ටානය සමගින් ආපු නොසැලී සිටීමේ ගුණය...
යාලුවනේ අපි යම් කෙනෙකුට  වඩා ඉදිරියට යන්න හදනකොට අපේ රටේ අය ලග මේ දේ වැඩියි කියලනේ හැමෝම වගේ දන්නේ....මොකද්ද???
කෙනෙක් ඉස්සරහට යන්න හදනකොට ඒ කෙනාගේ කකුලෙන් අදින අය ඉන්නවලුනේ..
කකුලෙන් ඇද්ද නම් කමක්නෑ..පුළුවන් හැම තැනකින්ම ඇදල දාවී සමහර යාලුවෝ නම්..ඉතින් අපි කියන්නේ ඒ අයට මොනවගේ අය කියලද...?
දුෂ්ටයෝ/කුහක යාලුවෝ..ඔහොම නේ??
හරි අපේ ගමනට අපේ යාලුවෝ බාධාවක් කියල හිතාගෙන අපේ ගමන නොගිහින් ඉදියොත් මොකද වෙන්නේ...?
අපි හැමදාම එකම තැනක නේද..තනියම හිතන්න යාලුවනේ,ඕනෑම දෙයක් කරද්දී ගල් සහ මල් කියන දෙකම ලැබෙනවා..බලන්න ලස්සනට වතුර බැහැගෙන යන්න හදපු කාණුවක් දිහා බලාගෙන ඉන්නවද අපේ යාලුවෝ විනෝද චාරිකාවක් ගිහින් ??
එහෙමත් නැත්නම් කණුවක් දිහා බලාගෙන ලස්සනයි කියනවද..?
එත් ගල් පර ටිකක් අස්සෙන් ගලාගෙන බහින වතුර පාරක් දිහා දැක්කම මොකද්ද හිතට එන්නේ..මාර ලස්සනයි කියල නේද...?
ඒ වගේ තමයි යාලුවනේ...
නිකන් ගලන ගගේ හැඩයක් ලකයක් නෑ...ඒ ගග ලස්සන වෙන්න නම් ඉවුරු දෙපස,ගග මැද නොයෙකුත් බාධා තියෙන්න ඕන..එතකොටයි ලස්සන..
වැඩි කතා ඕන නෑ...නියම උදාහරණයක් දෙන්නම්කො..?
ආදරේ කරන ආදරවන්තයෙක් සහ ආදරවන්තියක් අතර තම තමන්ගේ ගෙවල්වලින් කරදර බාධා නැතිව එකපාරටම කැමති උනොත් එතන සතුට ඉක්මනට ලැබෙනවා.එත් කිසිම අර මෙව්වේ එකක්..ඒ කියුවේ ගතියක් එහෙම නෑ නේ...?
බොරුද මම කියන්නේ...
අන්න ඒ වගේ තමයි..හැම දෙකටම බාධක කම් කටොලු තියෙනවා..එත් අපි ඒ දේවල් වලින් මග ඇරලා ඉන්න එක නෙවෙයි වැදගත්..ඒ දේවල් මග අරින්න හැකියාව ලබාගැනීමත් නෙවෙයි..
ඒ දේවල් වලට මුහුණ දීමයි ගොඩක්ම වැදගත් වෙන්නේ..හැබැයි මුහුණ දෙන්න මැලි බවක් දක්වනවානම් කවදාවත් ගොඩ එන්න බෑ....
යාලුවනේ ගැටලුවකදී/කරදරයකදී ඒ දේට මුහුණ දීම තුලින් ලැබෙන ආදර්ශය කියල නිමකරන්න බැ.අපිට එතකොට ලැබෙනවා එහෙම ගැටලුවක් මතුවෙන්නේ අපහු කොයි වගේ අවස්ථාවකදීද...?
එහෙම ගැටලුවක් ඇති නොවෙන්න අපි මොකද්ද කරන්න ඕන කියන එක අපිට ලැබෙනවා නේද..?
ඉතින් ඒ හැම දෙයක් තුලින්ම ආදර්ශ තමන් විසින්ම ගන්න ඕන..එහෙම නැතුව තමන්ගේ හිත මිතුරන්ට එක විදියක් පවුලේ අයට තව විදියක් රටේ ජනතාවට තව විදියක් වගේ වෙනස් විදියකට සලකමින් එහෙම නැත්නම් කෙනෙකුට බයේ තමන් තමන්ගේ තීරණේ නැතුව වැරදි තීරණ ගන්නවනම්,තමන්ගේ වාසියට විතරක් වැඩ කරනවානම් ඒ කෙනාට දියුණු වෙන්න බැ යාලුවනේ...
ඉතින් මේ හැම දෙයක් ගැනම අපේ නායක තුමා බුදුන් වහන්සේ උපරිමෙන් කියල දීල තියෙනවා..හෙට හෝ අනිද්දා ලිපියෙන් ඒ ගැන කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ යාලුවනේ..
ඔන්න ඉතින් මේ දේවල් අනුගමනය කරලා අද ලෝකේ ධනවත්ම සල්ලිකාරයෝ බොහොමයක් බිහිවෙලා තියෙනවා යාලුවනේ.අන්න ඉතින් මේ පිරිසෙන් ගණනය කිරීමක් කරලා හොදම සිය දෙනා මේ ලගදි තෝරා  පත්කරගත්ත...මෙන්න ඉතින් ඒ ආදර්ශමත් මිනිස්සු ගැන හොයාගත්ත විස්තර...කියවල බලන්නකෝ..

යාලුවනේ..2013 මාර්තු මාසේ තමයි මේක ප්‍රකාශයට පත් කලේ. ජාත්‍යන්තර ෂෝබස් සඟරාව තමයි මේ සමීක්ෂණයකට අනුව ලොව මුල් පෙළේ කෝටිපති ව්‍යාපාරිකයන් 100 දෙනකුගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ..
ඉතින් ඔන්න ගොඩක් නම් දරාපු සල්ලි කාරයො අතරින්
පළමු ස්ථානය ඇමෙරිකානු ඩොලර් බිලියන 73ක වත්කමක් තියෙන  මෙක්සිකෝ ජාතික කැරොල් ස්ලිම් හේලු කියන කෙනා බවට පත් උන යාලුවනේ..අන්න එයා නිසා තමයි
දෙවැනි ස්ථානය අමෙරිකානු ජාතික බිල් ගේට්ස් මහත්මයට ලැබුනේ...
(හැමදාම අවුරුදු නෑ නේ..??/එහෙමද නැත්නම් හැමදාම නත්තල් නෑ නේ..??) 
ඉතින් ඔහුගේ වත්කම ඩොලර් බිලියන 67 කියල තමයි දැනගන ලැබුනේ..
තුන්වන ස්ථානය ස්පාඤ්ඤ ජාතික අවන්සිපෝ ඔටේගා. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 57යිලු...
යාලුවනේ ඔන්න තව වෙනස්කමක් වෙලා තියෙනවා..අපේ යහළුවෝ අතරේ ඉන්නවා නේ දිරිය කාන්තාවන්..ඒ නැත්නම් දිරිය යෙහෙළියෝ...එයාල නේ ඉතින් කවද හරි කාන්තාවෝ වෙන්නේ..අන්න එහෙම කෙනෙකුත් මේ 100 දෙන අතරේ ඉන්නවා...100 දෙනගෙනුත් මුල් 10 දෙනා අතර හොදද ලේසි නෑ...
ඇය තමයි  ප්‍රංශයේ ලලියානේ බෙටන්කෝට් යෙහෙළිය...  වත්කම ඩොලර් බිලියන 30කි.
ඉතින් මෙන්න මේ මුල් පෙළේ ව්‍යාපාරිකයන් 100 දෙනා ගෙන් 37 දෙනකු ඇමෙරිකා  ජාතික ව්‍යාපාරිකයන් කියල දැනගන්න ලැබුන.....
ඒ අතර  පස් දෙනකු රුසියානු ජාතිකයන් වන අතර එක් අයකු චීන ජාතිකයකලු..

ඔන්න ඉතින් අවසාන වශයෙන් සතුටු හිතෙන දෙයක් කියන්නම්කො...අපේ තනිකමට පාලුවට හැම දේටම ඉන්න හොදම යාලුව කවුද ඉතින්....අද කාලේ නම් ඉතින් උදේ පාන්දරම නමස්කාර කරලා අදහන දෙවියනේ අපේ ෆේස්බුක් දේවියනේ...අන්න එයත් මේ අතරම ඉන්නව හොදේ..
ඉතින් මේ කෝටිපති ව්‍යාපාරිකයන් අතර ලාබාලම ව්‍යාපාරිකයා වන්නේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හිමි ඇමෙරිකා ජාතික 28 හැවිරිදි මාක් සුකර් බර්ග් හොදේ...සතුටුයි නේද යාලුවනේ..එයාගේ  වත්කම ඩොලර් බිලියන 13.3කි...නිකමට ගණන් හදල බලන්නකෝ..$එකක් රු130 යි හොදේ...

ඉතින් යාලුවනේ ගන්නවනම් ගොඩක් ආදර්ශ තියෙනවා නේද...අද ඉතින් පුවත් ඔස්සේ තමයි මේ ලිපිය පල කරන්නේ..තමන් විසින්ම ගොඩ නැගෙන්න එකතුකරගත්තා ආදර්ශ එකතුවට මේ ආදර්ශ ටිකත් එකතු කරගන්න කියල ඉල්ලනවා එහෙනම්...

Post a Comment

8 Comments

  1. ela ela malli.oya hodata hama deyak ganama hoyala balala katha karanava neda.oyala vage kattiya dakunen bihivena eka apita loku gammak.ona ssapport akaka dennam.Suppa vadak aaaa.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම යාලුව සතුටුයි..ඒ වගේම ගොඩක් ස්තුතියි..එත් අර කතාවක් තියෙනවනේ දකුණේ ය ගොඩක් බුද්දිමත් කියල..මට නම් ඕන ඒ දේ රැකගෙන මුළු ලංකාවේම අයව ඒ තත්වෙට ගන්න..එතකොට නේද අපිට දකුණේ අය විදියට ගොඩක් නිහතමානිව ආඩම්බර වෙන්න පුළුවන්...???

      Delete
  2. niami niami oyat kavda hari oi vage hoda tanakata ynna kiala subha patanava osa.

    ReplyDelete
    Replies
    1. අනේ...යාලු ඇත්තම කියන්නම් මම ජීවත් වෙන්නේ සත්‍යය අවබෝධ කරගන්න උත්සහ ගන්න ගමන්.වැඩි වැඩ විච්චුරන න මගේ ලග..පුළුවන් උපරිමෙන් සතුටු වෙලා උපරිමෙන් පිං දහම් කරන්න තමයි මට ආස...ස්තුතියි ස්තුතියි

      Delete
  3. ඔබගේ වෙබ් අඩවිය මේ සතියේ වෙබ් අඩවිය සිංහපීඩියාව තෝරා ගනු ලැබූ බව සතුටින් දැනුම් දෙමු

    ReplyDelete
    Replies
    1. එහෙමද යාලුව....ඇත්තටම ගොඩක් සතුටුයි.....මේ අපේ සමාජය ගොඩගන්න දරන වෑයමට ඔයාල පුළුවන් උපරිමෙන් දායක වීම ගැන ගොඩක් සතුටු වනවා වගේම ගොඩක් ස්තුති වන්ත වනවා යාලුව..

      Delete
  4. මගේ සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාලුවා....

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....