මට සිරාවටම සීනිද...?

න්න යාලුවනේ දවසක් දැන් ඔන්න යාළුවෙක් එයාගේ යාලුවෙක්ගෙ ගෙදර ගියාලු...
ඉතින් ඔන්න මේ යාලුව ගිහින් කතා කරනවලු කතා කරනවලු කිසිම ප්‍රතිචාරයක් නැහැලු..
ඔන්න අපහු කතාකරාලු..ඉතින් ඔන්න ඒ පාරත් නැහැලු කිසිම සද්දයක්.පොඩ්ඩක් ඉතින් හිතවත් කමට ගේ ඇතුලට ගිහින් බලලම එනවා කියල හිතල ගියාම ඔන්න වතුර ටැප් එකක් ඇරපු සද්දයක් එහෙම ඇහෙනවලු..හැබැයි නාන කාමරේ පැත්තෙන්ලු ඇහෙන්නේ.ඉතින් ආපහු සැරයක් කතා කරාලු..
ඔන්න එතකොට නම් ප්‍රතිචාරයක් දක්වනවා වගේ දැනුනලු.එකපාරටම අර ටැප් එක වහල..

"ආ හරි හරි මචං මේ උබ ආවද බං..."
මං මේ උබට හොද පානයක් හදාගෙනම එන්න හදන්නේ ඔහොමම විනාඩියක් ඉදපන්...
 කියල කියුවලු..
ඉතින් අර යාලුව
"ආ...හරි හරි එහෙනම් හදන් වරෙන්"
 කියල පුටුවකින් ඉදගෙන පොඩ්ඩක් කල්පනා කරලු වෙනද නානකාමරේ අද කුස්සිය වෙලාවත්ද??එක්කෝ සමහරවිට මූ ගෙදර පොඩ්ඩක් වෙනස් කරන්න ඇති...කියල හිත හිත ඉතින් වැඩිවෙලා උන්නලු..ඔහොම ඉන්නකොට ..
ඉතින් ඔන්න අනිත් යාලුව හොද වීදුරුවකට කහපාටට ලස්සනට බීම එකක් අරගෙන ආවලු..
"ආ මචං මෙන්න පොඩ්ඩක් බීල බලල කියපන්කො පැණි රැසක් එහෙම තියේද කියල.."

ඔන්න ඉතින් බීම එක අතට ගත්ත ගමන් ටිකක් රස්නයක් දැනුනලු...
"මොකෝ බං මේක රස්නෙයි වගේ දැනෙන්නේ...?"

ඔන්න ඉතින් ඒ ප්‍රශ්නෙට මෙහෙම පිළිතුරක් ලබුනලු..
"ඕක රට ජාතික පානයක්..රස්නෙයි තමයි...කො බීල බලපන් පැණි රසද කියල.."

ඉතින් ඔන්න අර යාලුව පොඩ්ඩක් බීපු ගමන්..
"ශික් බං මහා අමුතු රසයි..නැහැ කිසිම පැණි රැසකුත් නෑ..මල අප්පිරියයි..."කියල කියුවලු..

ඒ අහපු ගමන අර යාලුවා කියනවා..
"අන්න එකනේ බං..මේ දොස්තරලට පිස්සු..මුත්‍රවල සීනි තියේනම් මට දියවැඩියාව කියුව..සීනි තියේනම් පැණිරහ වෙන්න එපයි..තැන්ක්යූ මචං..තැන්ක්යූ,උබ හොද වෙලාවට ආවේ.නැත්නම් මං හිතේ බයටම මැරෙනවා ඕක දැනගන්න විදියක් නැතුව..."
 කියල කියුවලු....

(:!!:)..ඔන්න අද දවසේ විහිළු කතාව..(:!!:)

Post a Comment

2 Comments

  1. හික්ස් පට්ට ජෝක් එක.මම මේ කතාව වෙන විදිහකට අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුව අදහසට...ඔව් මට කෙටි පණිවිඩයකුත් ලැබුන ඔය කියපු දේම..පොඩ්ඩක් හැමෝටම දැනගන්න ඒ ආකාරයටත් කතාව කියන්නකෝ...එතකොට ගොඩක් සතුටුයිනේ...

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....