කන්න දේවල් නැතුවද මේකම කන්නේ...
ඉතින් යාලුවනේ සුභ දවසක් කියල එහෙනම් වෙනද වගේම අදත් මුලින්ම පතන්නම්කො....ඔන්න එහෙනම් අද ඉතින් කියන්න යන්නේ සල්ලි හොයන්න තියෙන තවත් ක්‍රමයක් ගැන තමයි..අපි ඉස්සෙල්ල කතා කරනේ කොහොමද නිවැරදි සිහියෙන් යුක්තව කටයුතු කරන්නේ කියල..
ඉතින් ඊලගට අපේ අතින් වෙන්න ඕන තවත් දෙයක් ගැන තමයි අපි මේ ලිපියෙන් කියනවා කියලා කියුවේ..ඔන්න එහෙනම් පොරොන්දුව කඩ කරන්නේ නැතුව අද කියන්න යන්නේ ඒ ලිපියේ ඊලග කොටස ගැන.මේකත් එහෙනම් කියවලම බලන්නකෝ...
අපි කතා කරන්න හදන්නේ අද කොහොමද නිවැරදිව තමන්ගේ කාලය කළමනාකරණය කරගන්නේ කියල...
මොකද්ද යාලුවනේ මේ කාලය කළමනාකරණය කියල කියන්නේ.හරි අපි ඉස්සෙල්ල බලමුකෝ මොකද්ද මේ අපේ සීයල අච්චිලගෙන් අපිට දායාද වෙච්ච වචනයක් තියෙනව අන්න ඒ කියන්නේ මොකද්ද කියල පොඩ්ඩක් බලලම ඉමුකො..
ඔන්න දැන් අපි ඉස්කෝලේ ගිහින් අව කියල හිතමු..
කාල බීල ඔන්න කිසිම පොතක් පතක් අල්ලන්නේ නැතුව වාඩිවෙනවා ටී.වී එක ලගින්..ඔන්න ආච්චි ඇවිත් කියනවා පොඩ්ඩක් නිවුස් දාපන් බලන්න..
ඔන්න ඉතින් අපේ යාලුවොන්ට ඉතින් නිවුස් දිරවන්නේ නෑනේ.එක්කෝ හොද ෆිල්ම් එකක් යනවනම් එක බලනවා ආච්චි කියන එක කනකකට ගන්නේ නෑ...
අපි කියනවා හා හා දැන් දාන්නම කියා කියා ඉන්නවා..
ඔන්න ආච්චි කියනව
"හනේ හනේ උබලට කියල කිසි වැඩක් කරගන්න බැ..කාලකන්නියෝ වගයක්..ඔය මගුල් බල බල හිටහන්..බොලට හරි යාවි කියල කියවී.."
සමහරවිට මේ අත් දැකීම ඇති අයත් අපේ යහළුවෝ අතර.ඔන්න ඉතින් මොකටද බොරු කියන්නේ.මට නම් හොදට අත් දැකීම තියෙනව..
ඉතින් මොකද්ද යාලුවනේ මේ ආච්චි කියපු වචනේ තේරුම...?මොකද්ද මේ කාලකන්නිය කියල කියන්නේ..අපි කාලයට මොකක් කරන නිසාද??
තේරුම් ගන්න හරි පහසුනෙ..?
කාල කන්නිය කියන්නේ කාලය කා දමන පුද්ගලයට.කිසිම ප්‍රයෝජනයක් නැතුව කාලය කා දමන කෙනාට අපේ සමාජයේ කියන්නේ කාලකන්නිය කියල...
තවත් සමහර අවස්ථාවලදී කියනවා ඔන්න සමාජයේ පිළිකුල් සහගත වැඩක් කරානම් කෙනෙක් එයාව ආමන්ත්‍රණය කරන්නෙත් කාලකන්නි කියලනේ..මේ ඉතින් අපේ සමාජය ගැන යථාර්තය තමයි කියන්නේ.
අපි මොකටද බොරු කියල මහා ලොකු පොෂ් කමක් පෙන්වන්නේ..මේ වචන කියුවම සමහර ගෑනු ළමයිට නිකන් ලජ්ජා ඇති .මොකද එයාල මේ ගමේ ගොඩේ හැදිලා ඉවරවෙලා බොරුවට සුද්දියෝ වෙන්න හදනවනේ..බොරුද මම මේ කියන්නේ.අනුකරණය කියන දේ ගොඩක් වැඩිපුරම කරන්නේ අපේ යෙහෙලියෝනේ..?
ඔන්න දැන් හිතනවා ඇති මෙයාගේ වැඩේ කෙල්ලොන්ට බනින එකමයි කියල...නෑ නෑ අපෝ නෑ...මොකටද අනේ බනින්නේ..
මම මේ කියන්නේ මම අත් දැකීම් ලබපු විදියට ගෑනු ළමයි පොඩ්ඩක් හැම අතින්ම ඉදිරියට යන්න නේ බලන්නේ,
එක දාගන්න උපන් හපන් අයනේ..එකයි එහෙම කියුවේ,
ඉතින් ඔන්න බලන්න යාලුවනේ මොකද මේ කරන වැඩේ තේරුම කියල.අපි ඔන්න අපිට පලදායි දෙයක් කරන්න තියෙනවා කියල හිතමු.ඔන්න හෙට විභාගේ කියල හිතමු..ඉතින් අද හොදට සෙල්ලම් කරලා නිදාගෙන ෆ්‍රී එකේ ඉන්න කියල මහලොකුවට ආචාර්යවරු වැඩිහිටියෝ හොද දොස්තර මහත්වරු පවා කියනවා.මනසට විවේකය ඕන නැතුව විබාගේ පාස් වෙන්න බෑ..අරක මේක කියනවා..මේ කියන්නේ ඇත්තද???
හොදයි අවංකවම කියන්න බලන්න මේ දේවල් අනුගමනය කරනවද අපේ යාලුවෝ...???
නෑනේ...?
වැඩිය ඕන නෑ යාලුවනේ ඔය කතා කියන කෙනාවත් ඒ දේ අනුගමනය කරලා නෑ..ඔය උපදෙස් දෙන ලොකු දොස්තර මහත්මය දන්නවා එයා විභාගේ කරන කාලේ නැහුන මරුන හැටි.දැන් නිකන් බොරුවට කතා කියනවා.එක ඇත්ත විද්‍යාත්මකව සොයාගත්තා දෙයක් තමයි.එත් යථාර්තය තුලින් අපි අපේ සමාජය ගැන දැකල කතා කරනවානම් එතන බොරුවක් නේද කරන්නේ.
මොකටද නිකන් අපි අපේ සමාජයේ ඉදගෙනම කෙනෙක්ට බොරුවක් කරන්නේ.හිතට අවංක වීමක් එතන නෑ නේද යාලුවනේ..අපි ඇත්ත කතාකරන්න පුරුදු වෙමු..
හරියට කියනවනම් කොච්චර වෙහෙස මහන්සි උනත් කමක් නෑ දවසකට මනස නිරවුල්ව එක දිගට පැය 6ක් හෝ ඊට වැඩි පුර පැයක් දෙකක් නිදාගන්න පුළුවන් නම් කසිම කරදරයක් වෙන එකක් නෑ කියලයි මගේ නම් විශ්වාසය..
හොදට බලන්න යාලුවනේ අපි ඔලුවේ කැක්කුමක් අවම මොකද කරන්නේ ඔන්න නිදාගන්නවා.අහම්බෙන් පැය දෙක තුනකින් ඇහැරුනා කියල හිතමු...ඔලුවේ කැක්කුම තියෙනවද??
නෑනේ...?
ඉතින් අන්න එතන මොකද්ද වෙලා තියෙන්නේ අපේ මනස විසින් අපිව අපි නොදැනුවත්වම මුලා කරලා නේ??
අපි අපේ මනස නිරවුල කරහන්න ඕන යාලුවනේ ඔක්කොටම කලින්..ඉතින් අන්න ඒ මනස නිරවුල් කරන්න නම් මොකද්ද කරන්න ඕන..
නොදැනුවත්වම අපි කාලය බෙදාගැනීමක් කරන්නේ එදිනෙද වැඩ වලදී මේ නිරවුල් කම සදහා නෙවෙයිද යාලුවනේ...?
ඔන්න බලන්න අපි හෙටට කල්දාන්නෙ මොකද වැඩක්...?
අපිට අද කරන්න පුළුවන් වැඩ මෙච්චරයි කියල අපිට හොරෙන් අපේ හිත කියපු නිසා නේ..?
එහෙම වෙන්න එපා..
කොයි වෙලාවෙත් බලන්න අපි අපිට ඕන විදියට අපේ හිත මෙහෙයවගන්න මිසක් හිතට ඕන විදියට අපිව මෙහෙයවන්න දෙන්න එපා..
යාලුවනේ අපි ගතකරන කාලය පැය 7ක් නිදාගන්න හදාගත්තොත් අපිට පැය කීයක් ඉතුරුවෙනවද බලන්න..එක්කෝ කියමු වැඩි හොදට පැය 8ක් නිදාගත්තා කියල..
ඔන්න පැය 24න් පැය 16ක් ඉතුරු නේ..??
ඉතින් මේ පැය 16 අපිට කළමනා කරණය කරගන්න බැරිද??
ඔන්න කියල දෙන්නම් පොඩි උදාහරණයක්..පොඩ්ඩක් මේ විදියට හෙට උදේට කරලා බලන්න කොච්චර කාලයක් ඉතුරුවෙනවද කියල.මම මේ අත්දැකීමෙන් කියන්නේ...
ඔයා නැගිටින්නේ කීයට උනත් අපි හිතමු උදේ 6 ට එහෙමත් නැත්නම් 5 ට කියල.නැගිටපු ගමන් ගිහින් හොදට දත් මැදල මූණ සෝදලා ඇවිත් උදේට පිටි හරි තේ හරි බොන මොනවා හරි දෙයක් බීල එන්නකෝ.ඇවිත් වෙනද වගේ කරන්න හිතන් ඉදපු වැඩ ටික කරන්න බලන්න.නිකන් අමුත්තක් දැනේවි වෙලාව වැඩි ගතියක්..කරලා බලන්නකෝ.
යාලුවනේ බලන්න අපි කොයිතරම් වෙලාවක් ගන්නවද උදේට මුණ සෝදන්න යන්න..මාර කම්මැලි කමක්නේ එන්නේ.හැබැයි පුරුදු උනහම හරි..
බලන්න නිකමට අපි මුණ සෝදන්න යන්නේ කීයටද?උදේම යන්න ගමනක් නැත්නම්.. උදේ 10ත් පහුවෙලා වගේ නේ..?අඩුම තරමේ උදේ 9 වත් පහු වෙන්ව..
එහෙම නැතුව ඔන්න බලන්න උදේම මුණ සේදුවම එතන ඉතුරු වෙන වෙලාව පොඩ්ඩක් උනාට අපිට කොයි තරම් පහසුද?
ඕන වෙලාවක ගමනක් යන්න උනොත් ටක්ගාල ඇදුමක් දාගත්ත ගියානේ..ආපහු මුණ සෝදා සෝදා ඉන්න උවමනාවක් නෑනේ.ගෙදරට කවුරු කොයි වෙලාවේ අවත් කමක්නෑ අපේ යෙහෙලියොන්ට ඉතින් ගොඩක් ලස්සනට ඉන්න නේ ඕන..
කරලා බලන්නකෝ ඉතුරුවෙන වෙලාව වැඩියි කියල දැනේවි ඔයාලට නොදැනුවත්වම.හැබැයි මම මේ කියුවට වැඩක්නෑ එක දවසක් කරලා බැලුවනම් ඒක ඇගට දැනෙනවා.ඉතින් ඉබේටම පුරුදු වෙනවා...
කොහොමද මේ වගේ තමන්ට අවශ්‍ය විදියට කාලය හැම දේකටම කළමනාකරණය කරගත්තොත්...?
පාඩම් කරනවානම් මෙන්න මේ වෙලාවේ ඇතුලත මම මෙන්න මේ දේ කොහොම හරි කරනවා කරලා ඒ ටික ඉවරයක් කරලා තමයි ඊලග දේ කරන්නේ කියල කල්පනා කර කර ඉදියොත් ඒ දේ වෙන්නේ නෑ කියලයි මගේ නම් මතය යාලුවනේ.
ඒ කාලය කළමනාකරණය කිරීම තුල අපි වැඩ පස්සට දැමීම කරන්න හොදම නෑ..ඔන්න අපි කාල සටහනක් හදනවා මේ වෙලාවේ.ඉතින් ඔන්න හැදුව කියල කියමු.ඔන්න ඒකට අනුව තව පැය දෙකකින් කරන්න තියෙන්නේ පාඩම් කරන්න නම් අපි මොකද්ද කරන්නේ.
අද හරි යන්නේ නෑ..හෙට උදේම ඉදල පටන් ගන්න ඕන.හරියටම කරනවා කියල හිතල අද කරන්නේ නැතුව ඉන්නවා.එහෙම නේ???
හෙට උදේට ඉතින් හරියටම කරාවිද??කවදාවත් කරන්නේ නෑ..ඔන්න මොකද්ද හෙට උදේට කරන්නේ.උදේ 4 ට අවදි වෙනවා නම් 4 ට අවදි වෙලා හිතනවා තව පැයකින් අවදි උනා නම් හරි..ඊට පස්සේ ඒ විදියටම කරන්න ඕන කියල හිතනවා.එහෙම නේද..?
ඇයි යාලුවනේ අපි අපේ දේවල් පස්සට දන්න මේ තරම් ආස කරන්නේ..?
ඇයි අපි හිතෙන්නේ නැත්තේ මේ අපිව ගොඩ නගන්න හදන දේ අපි විසින්ම නැති කරගන්නවා කියල..දැන් මම මේ ලිපිය ලියන්න කල් දැම්මොත් මට මොකද වෙන්නේ.තවත් ලිපියක් ලියන්න කලින් මේ ලිපිය ලියන්න අමතර කාලයක් ගන්න උවමනයි නේද...?
එත් දැන් එහෙම නෑ...
අන්න එතනයි යාලුවනේ කාලය නිවැරදිව කළමනාකරණය කියන්නේ,,,?
(ලොකු කමකට කියුව නම් නෙවෙයි.මමත් කාලය කා දමන වෙලාවල් අනන්තවත් ඇති..)
අපි අපිට දවසක් ඇතුලත කරන්න තියෙන වැඩ ප්‍රමාණය වැඩි කරගන්නවාට වඩා දවසක් ඇතුලත කරපු වැඩ ප්‍රමාණය වැඩි කරගන්නවා නම් මේ කළමනාකරණය කියන දේ හරියට සිද්දවෙලා කියල මම හිතනව..ඒ වගේම කාලයෙන් උපරිම ප්‍රයෝජන අපේ දියුණුවට අරගෙන..
ඒ හැමදේටම වඩා අපි දවසක් ඇතුලත ලබගනිපු අත්දැකීම් ප්‍රමාණය නොදැනුවත්වම වැඩි වෙලා..
බලන්න අපි අපේ ව්‍යාපාරයක් දියුණු කරන්න නම් මේ කාලය ගොඩක් වටිනවා නේද??
ඒ වගේම තමයි බාරගත්ත දෙයක් තියෙනවනම් ඒ දේ වෙලාවට නිම කරනවා කියන්නේ එයා කෙරෙහි එයාගේ ආයතනය හෝ ව්‍යාපාරය කෙරෙහි තවත් විශ්වාසය ගොඩ නැගෙනවා.ඉතින් තව තව පාරිභෝගික පිරිස වැඩිවෙනවා.එයාගේ රැකියාව දියුණු වෙනව..
බලන්න ලිපිකරුවෙක් නම් එයා උදේම තමන්ගේ රැකියාවට ගිහින් පැය 5ක් කරන වැඩ ටික කාලය කළමනාකරණය කරගෙන පැය 3 කින් කරනවා කියල..
එයාට පැය 2ක් ඉතුරුයි නේද..?
ඉතින් ඒ පැය දෙකේ පත්තරයක් පොතක් බැලුව කියල වරදක් වෙන්නේ නෑ.ඒ වගේම පුළුවන් එයාට එයගේ ආයතනය වෙනුවෙන් තවත් දායක වෙන්න..එතනින් එයාට තව අත් දැකීම් ලැබෙනවා නේද.
වෙනත් රටවල් වල යහළුවෝ යෙහෙළියෝ හැම දෙයක් ගැනම දැනුවත් වෙලා තියෙන්නේ මේ වගේ හැසිරීම් රටාවකින්.එයාල හැම දේම දන්නවා නේද,,,??එත් අපි කොහොමද...?
අපි කතා කරනවා වැඩි නේද..කරන වැඩ ප්‍රමාණය ගොඩක්ම අඩුයි.එත් කතාව හා සමානවම කරන වැඩ කොටසත් වැඩි වෙනවනම් අද ලංකාව ගොඩක් ඉහල තැනක ඉදිවී කියල මම හිතනවා.එත් හැමෝම එක පාර හදන්න බෑනේ.අපි අපි විසින්ම ගොඩ නැගෙන්න ඕන නේ...ඉතින් ඒ විදියට පොඩ්ඩ පොඩ්ඩ ටිකෙන් ටික ගොඩ නැගෙමු...අපහු දවසක සල්ලි සොයන්න ක්‍රමේකින් මුණ ගැහෙමුකෝ එහෙනම්...!!!
7 Comments
හ්ම්ම්ම්ම්.කියපු හැමදේම ඇත්ත යාළුවා.ජිවිතයට ගොඩක් වැදගත් දේවල්.
ReplyDeleteගොඩක් ස්තුතියි යාලුව අදහස් දැක වුවාට...ඇත්තටම මේ ලිපි ඔයාලට වැදගත් නම් මට ගොඩක් සතුටුයි....
Deleteඋබ අම්මප එල කොල්ලෙක් බං.මේ ඇත්ත කියහන්කෝ උබේ මොලේ රැලි කීයක් තියේද බං?????උබ කියන එව්වා ඔක්කොම සිරා ටෝක් නේ...
ReplyDeleteස්තුතියි යාලුවා....හැබැයි ඔය අහපු ගැටලුවට නම් මම උත්තරේ දන්නේ නෑ...ඇයි ඒ සිරා ටෝක් කියුවේ..??මම මේ කියන්නේ මට දැනෙන විදියට යාලුවා..සමහරවිට ඒවා ඇත්ත හෝ බොරු වෙන්න පුළුවන්...හැබැයි ඔයාගේ නම නම් ඇත්තටම මරු....
Deleteane niyma prasnayak.osa okata vada hoda uttarayk dannako ane.
Deleteඇත්ත යකෝ ඇත්ත...උබ මේ දොඩවන හැම එකම ඇත්ත.ඒ ගැන තමයි අපටත් පුදුමේ.මේ ගොන් කම් අපෙන් අයින් කරන්න උබ දගලන හැටි ගැන අපිට අගෙයි...සුභ අනාගතයක්..
Deleteහිමාය..මගේ ලග නම් නැහැ ඔයිට වඩා උත්තරයක්..දැනගත්තොත් එදාට කියන්නම්කො..
Deleteස්තුතියි ....ස්තුතියි යාලුවා....අපි අපේ ගොන් කම් ඔක්කොම ඉවත් කරගන්න පුළුවන් නම් ඇත්තටම අපි ගොන් වෙන්නේ නැනේ...???
ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....