සුභම සුභ සතියක් වෙන්න ඕන කියල මුලින්ම පතනවා..අද ඉතින් ගොඩක් උතුම් දවසක් නේ..අද පෝය දවසේ ඉතින් අපේ මනුස්සයෝ හැමෝම පිං කරගන්න උත්සහ ගන්න දවසනේ.එත් ඉතින් අවාසනාවකට වගේ හවස් වෙන්න පන්සල් යනවා කියල හිතාගෙන ඉදල බීච් එක පැත්තට ගිහින් රැල්ල පාගල ඇවිත් බොරුවට පුජාවට අත ගහල රෑ වෙනවා කියල යන්න උත්සහ කරන්න නම් එපා.
එතන පිනක් නැහැනේ නේද යාලුවනේ..
ඉතින් ඔන්න අද කියන්න යන්නේ මේ ලිපියෙන් කොහොමද ගොඩක් සල්ලි හොයන්නේ කියල...
පෝය දවසේ මේ මොකද්ද කියන්න යන්නේ..දැඩි තන්හාව විනාශයට මුල කියල මේ මනුස්සය දන්නේ නැත්ද කියල හිතේවිද ???
ඔන්න ඉතින් එහෙනම් මිනිස්සුන්ට කරන්න බැරි වැඩ ටිකක් කියන්නම්කෝ..පුළුවන් නම් කරන්න බලන්න..
01.ඔලුවේ තියෙන කෙස් ගස් ටික ගනින්න පුලුවන්ද...?
02.ඇගේ තියෙන රෝම ගස් ගනින්න පුලුවන්ද එක දිගට.?
03.සබන් ගෑ වුනාම ඇස් දෙක දන එක නවත්වන්න පුලුවන්ද?
04.දිව එලියට දාගෙන හුස්ම ගන්න.
හා හා ඔය ඇති දැන් දිව ඇතුලට දාගෙන මේක කියවන්නකෝ...?
ඔන්න දැක්කනේ ඉතින් මේක කියවල බලපු ගමන් අපේ සමහර යාලුවෝ දිව එලියට ගෙන හුස්ම ගන්න ඇති...එත් මේ දේ කලින් මුණු පොත හරහා දැකපු කෙනෙක් උන්න නම් ඒ ගැන හිතන්න ඇති
ආ ඕක FB තිබුනනේ කියල..
ඔන්න යාලුවනේ මුලිනම අපිට කියවුනා මතක් උනා සල්ලි කාරයෙක් වෙන්න එක පියවරක්...
මොකද්ද මේ නොකිය කියුවේ??
ඉතා හොද අවධානය කියන දේ උපරිමෙන්ම ඕන..අපි කරන්නේ මොකක්ද කියල කියන දේ ගැන හොද අවබෝධයකින් යුක්තව හොද සිහියෙන් කරන්න ඕන.."සම්මා සති" කියන දේ තමයි උපරිමන්ම තියෙන්න ඕන..
හැබැයි ඔන්න ඒක හදා ගන්න නම් ගොඩක් අමාරුයි.මේ ලියන මටවත් ඒ තරම සිහියක් නෑ කියල අවංකව කියන්න එපයි...එත් යම් තාක් දුරට ඇති..
අපිට හොද සිහියක් කියන දේ නැත්නම් මොකද වෙන්නේ කියල බලන්නකෝ..ඔන්න අපි දැන් යනවා කඩේකට බඩු ගන්න..හැබැයි ගෙදරින් එන්නේ මෙන්න මේ මේ දේවල් තමයි අම්ම කියන්නේ ගෙන්න කියල..
හරි හරි ගේන්නම් කියල යනවා කඩේට..ඔන්න ඉතින් යද්දී පාරේ වට පිට බල බල යනකොට ඉතින් එකින් එක අමතක වෙනවා..අන්තිමට කඩේට යනකොට අර ගෙන්න කියපු බඩු ටිකෙන් දෙකක් තුනක් අමතකයි..මතක් වෙන්නෙම නෑ..
දැන් ඔන්න දහ අතේ කල්පනා කරනවා..පස්සේ බැරි තැන ගන්නවා කෝල් එකක් අම්මේ මොනවා මොනවාද ගෙන්න කියුවේ පොඩ්ඩක් අපහු කියන්න...
බොරුද මම මේ කියන්නේ.???
ඉතින් ඔන්න මොකක්ද උනේ..
අපි නොදැනුවත්වම දෙයක් අපිට අමතක උන නේද?ඒ තමයි යාලුවනේ අපි අපේ මනසට ඔනවිදියට හැසිරෙනවා කියල කියන්නේ..එත් අපිට ඕන විදියට මනස හසුරවගන්න පුළුවන් නම් අපි හැම තැනකම සිහියෙන් යුක්තව වැඩ කරනවා,,,
ඔන්න බලන්න අපේ යෙහෙළියෝ දෙන්නෙක් දැන් ඔන්න ලග එන අවුරුදු කාලෙට ඇදුම් ගන්න යනවා කියල හිතමු..ඔන්න එක යාළුවෙක් යනවා මුලින් අනිත් යාලුවගේ ගෙදර.ඉතින් ඔන්න එයත් එක්කරගෙන යන්න හදනකොට එයාගේ අක්ක කියනවා නංගි සල්ලි තිබුනොත් මටත් මෙන්න මේ මේ දේවල් ගෙන්න කියල..
ඉතින් ඔන්න හා අක්කේ කියල යනවා.ඉතින් යනගමන් දෙන්නම කියව කියව යනවා අරක හොදයි මේක හොදයි,,,දැන් අලුත්ම එක අරක..මෙහෙම ගත්තොත් අරකට ගැලපෙන්නෑ..බ්ලබ්ලබ්ලබ්ල...කියල කියව කියව ගිහින් ඔන්න ඇදුම් කඩේට ගියාම අහන්නේ මොකක්ද...?
ඒ හලෝ අපේ අක්ක මොනවයි ගෙන්න කියුවේ.මලකෙලියයි මට මතක නෑ..ඉතින් අනිත් කෙනා කියනවා ඒ මටත් මතක නෑ..අරකයි මේකයි කියා කියා කල්පනා කරලා ඇති නේ???
එහෙම වෙලා ඇති කියල මම හිතනවා...
ඉතින් යාලුවනේ මොකද්ද මේකට හේතුව සිහිය නැතිකම නේ...ඉතින් ගෙදර ආවම අහන්න වෙන්නේ මොකක්ද??
තමුසේ ඉතින් වෙන ලෝකවලනේ ජීවත් වෙන්නේ..කොහේ තියෙන සිහියක්ද..?
අම්ම නම් කියවී
උබට ඉතින් කවද්ද මතකයක් තිබුනේ..මී හරක් වගේ වැඩ කරනවා.සිහිකල්පනාවක් නෑ නේ..??
ඔන්න ඔහොම අහන්න උන අවස්ථා කොයි තරම් නම් ඇත්ද...?
යාලුවනේ ඉතින් කොහොමද මේ සිහිය සල්ලි සොයන්න උවමනා කරන්නේ...?
සල්ලි = ධනය කියල කියුවොත් මොකද වෙන්නේ??
ධනය කියල කියන්න අපි උපයන මුදල කියන දේ විතරක්මද??
නෑ නේ....
අපි එකතු කරන හැම හොද දෙයක්ම අපේ ධනවත්කමට තමයි එකතුවෙන්නේ...
සල්ලි නැති ගොඩක් දුප්පත් කෙනෙක් එක ගෑනු ළමයෙක්ට ගොඩක් ආදරේ කරනවා කියල හිතමු..එයා මුදලින් ධනවත්/පොහොසතෙක් නොවුනට සැබෑ ආදරයෙන් ධනවතෙක්/පොහොසතෙක්..එහෙම නේද..??
ඉතින් ඔන්න අපි රැකියාවක්..
එහෙමත් නැත්නම් රැකියාවකට අපි පොඩි ව්‍යාපාරයක නිරත වෙනවනම් මේ නිවැරදි සිහි කල්පනාව කියන දේ ගොඩක් වැදගත්..
අපිට අමතක වෙන අවස්ථා ගොඩක් වැඩියි..මොකද අපේ Random Access Memory (RAM) නේ ???ඕකට කියන්නේ..අපි ඔය කියන්නේ පරිගණක වල රැම් එක මදි...
කොල්ලෝ නම් කියනවා මොකද්ද බන් මේක පට්ට ස්ලෝව් නේ..හොද රැමක් ගහපන්...ඒ මොකද්ද යාලුවනේ ඒ..
තාවකාලික මතකය නේ...
අපෙත් මේ කරන වැඩ රාජකාරි එක්ක අපේ තාවකාලික මතකට එකතුවෙන දත්ත එහෙමත් නැත්නම් process කරන්න කලින් input කරන දත්ත DATA එන්න එන්න වැඩි වෙන්ව...
ඉතින් ඔන්න අපේ රැම් එකේ මේවා ගොඩ ගැහෙනකොට මුලින්ම ආපු දත්ත ටිකෙන් ටිකේ අමතක වෙනවා..ඔන්න ඒ නිසා අපේ වෙළද ව්‍යාපාරිකයෝ ටක්ගාල පොතක ලියාගන්නවා..එහෙමත් නැත්නම් දිනපොතක ලියාගන්නවා..නැත්නම් කොහොමහරි මතක සටහනක් දාගන්නවා...එහෙම නේද..??
එත් බලන්න අපේ නායක තුමා බුදුරජානන් වහන්සේ එහෙම පොත් වල ලිය ලිය උනන්ද..?
එතුමා හැමදෙයක්ම නිවැරදි සිහියෙන් යුක්තව කරා...එත් ඒ සිහිය ලබාගන්න එතුමා ගොඩක් මහන්සි උන..එත් ඒ මහන්සිය අපතේ ගියද නැහැ නේද යාලුවනේ..ඉතින් අපි ධනවතෙක් වෙන්න කලින් මේ වගේ ගොඩක් මහන්සි වෙන්න ඕන..
මොකටද මහන්සි වෙන්නේ..?
අපේ මනස එකතැනකට අරන් හැම දෙයක්ම ගානට තිතට මතක තියාගන්න නම් මේ කල්පනාව කියන දේ ඕන නේ..?
ඔන්න මොකක් හරි දෙයකට මම හෙට උදේ මේ වෙලාවට එනවා කියල යන්න බැරි උනොත් එතන අපිට අවාසියක් නේ වෙන්නේ...? හැබැයි අපිට හදිසි කරදරයක් වෙලා ඒ දේවල් මග ඇරෙන්න පුළුවන්..එතන මේ දේට අදාල කරගන්න එපා හොදද....
එහෙමත් නැත්නම් තමන්ගේ සේවා ස්ථානයට අවශ්‍ය දේවල් හරි විදියට ගන්න බැරි නම් අමතක වීමකින් යම් දෙයක් මග හැරුනොත් එත් අවාසියක්නේ අපිට සිද්ද වෙන්නේ...?
අන්න එතනයි අපිට මේ සිහිය කියන දේ අපේ දියුණුවට වැදගත් වෙන්නේ...
ඉතින් මේ දේ හොදින්ම කරන්න නම් අපේ මනස අර පරිගණකය වගේම යම් මොහොතකින් මොහොත පිරිසිදු වෙන්න ඕන..ඒ කියුවේ refresh වෙන්න ඕන...right ක්ලික් කරක refresh කරල F5 ඔබාගෙන ඉන්න බැනේ අපේ මනස speed කරන්න නම් නේද???
ඒකට මොකද්ද යාලුවනේ කරන්න ඕන...
එකම දෙයයි යාලුවනේ අපිට කරන්න පුළුවන්.අපි අපිට වැඩකට නැති දේවල් අත අරින්න ඕන..
හැබැයි ඒ දේ අල්ලගත්ත තැනදීම අත අරින එක තමයි කරන්න ඕන..මේ කියුව දේ ගොඩක් ගැබුරු දෙයක්..
උදාහරණයක් දෙන්නම්...
කඩේ ඔන්න ඉන්නවා මුදලාලි හැටියට..
ඉතින් කඩේට එනවා කවුරු හරි ඕපාදුප කියන කෙනෙක් ඇවිත් කියුවොත්
ගමේ අරයගෙ දුවට මෙහෙම වෙලා..අර කෙනා තමයි මේක කරලා කියන්නේ..වැඩකට නැති දෙයක් කියුවොත් ඒ ගැන අහන ඉදල ඕක මනසට දාගත්තොත් එතන සිහිය කියන දේ නැති වෙන්ව නේ???
ටක්ගල ඒ දේ අහපු තැනම හිතන්න මට ඕකෙන් ඇති වැඩක් නැනේ.මොකටද...?එච්චරයි..
තවත් ඒ ගැන පොඩ්ඩක් වත් හිතන්න හොද නෑ..ඔන්න අපේ මනසේ පුංචි ඉඩක් ඉතුරු උන..
ඉතින් ඒ ඉඩ අපිට අපේ දියුණුවට යොදාගන්න පුළුවන් නේ..එතකොට අපේ speed ඒකත් වැඩි වෙනවා...
මොකද යාලුවනේ අපේ මතකය unlimited නේ???ඒ නිසා මේ මනසට පිරිසිදු කම ගොඩක් වැදගත්...
ඉතින් ඔන්න මේ කියපු දේවල් වල යම් හෝ සත්‍ය තාවයක් ඇති කියල හිතනවානම් ඒ දේ ගැන හිතල බලල කටයුතු කරන්න..අපිට වැඩකට නැති දේවල් ගැන පොඩ්ඩක් වත් හිතන්න පුරුදු වෙන්න එපා...
ඉතින් ඒ වගේ පිරිසිදු මනසක් හදාගන්න ගොඩ නාග ගන්න අද මේ පෝය දවසේ ඉදලම පුරුදු වෙන්නකෝ..
සල්ලි හොයන්න බැරි වෙන්නේ නෑ...අපි මේ මාතෘකාව යටතේ ගොඩක් දුරට කතාකරන්න ඉන්නේ..ඊලගට තමයි යාලුවනේ අපිට වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්නත් ඕන..කාලය කළමනාකරණය කරන එක තමයි තවත් වැදගත්ම දේ ...ඉතින් එතනත් මේ හා සමානවම වැදගත්..ඊලග ලිපියෙන් අපි කාලය ගැන කතාකරමුකෝ..එක දිගට ඔක්කොම කියුවොත් එක කම්මැලි වෙනවා...අන්න ඒ නිසා තමයි මම පොඩ්ඩක් අද ලිපිය ලියන විදිය වෙනස් කරලා ඉංග්‍රීසි වචන මුසු කරේ..එතකොට නිකන්ම පොඩ්ඩක් අපේ මනස සහ ඇස් refresh වෙන්ව..නැත්නම් එක දිගට මතක හිටින්නෙත් නැහැනේ...සිහියෙන් කටයුතු කරන්න පොඩ්ඩ පුරුදු වෙන්න...
අපේ හැකියාව අපිම පෙන්වන්න උත්සහ කරනවානම් අපේ හැකියාවල් තව වැඩි දියුණු වෙනවා කියලත් මතක තියාගෙන අපේ මනුස්සකම වැඩි කරගමු නේද යාලුවනේ.....

16 Comments
සුභ පැතුම්!
ReplyDeleteගොඩක් ස්තුතියි යාලුව....
Deleteමචන් උබල සුභ පතන්නේ මොකටද කියලත් කියහල්ල...මොකෝ මේකේ හරයක් තියෙන්නත් එපයි..
Deleteඔව් සමහරවිට ඔය කියන දේත් අත්තක් නැත්තේම නෑ....ඔයාට හොදට හිතන්න හැකියාව තියෙනවා වගේ...හැබැයි ඒ දේට ඔය දාගත්ත නම නම් ගැලපෙන්නේ නෑ වගේ නේ???
Deleteදැක්කනේ...අපිට හරකට වගේ මොලේ තියෙනවා..
Deleteනෑ ඔයාට හොදට එක දෙයක් ගැන අද්‍යනය කිරීමේ හැකියාව තියෙනවා වගේ දැනෙනවා...
Deleteඔයාගේ අදහස්නම් හරි වැදගත්.ජයෙන් ජය
ReplyDeleteඔයාටත් ගොඩක් ස්තුතියි යාලුව....
Deleteosada oya me adahas kohomda ganne?mata nm pudumi.oya me kiyna okkoma atta.GREAT WORK dear.
ReplyDeleteස්තුතියි ගොඩක්....අනේ මන්දා ඒකට නම් මගේ ලග පිළිතුරක් නෑ..මට හිතට එන දේවල් තමයි මේ ලියන්නේ,,,හරිද වැරදිද කියල නම් මම 100%ක් දන්නේ නෑ...ඒ බව ඔයාලම තීරණය කරන්න...
Deleteatta tamai me kynne.oyata mara hakiyvk tiyenva osa.vry gud!!
Deleteඔසද මහත්තයෝ...අවංකව කියහන් ඔබතුමාට මේ ගැනුලමයිගේ අත් දැකීම් ආවේ කොහොමෙයි...?මෙව්වා සම්පුර්ණ ඇත්ත.උන්ට කිසිම මතකයක් නෑ..හැම එකම ඇගිල්ලෙන් ඇන ඇන මතක් කරන්න ඕන.උබ හරි.
ReplyDeleteස්තුතියි ස්තුතියි යාලුවා....ඔය අහන්නේ නම් මර ගැටළු තමයි.හොදයි උත්තරයක් දෙන්නම්කො..මොකටද බොරු කියන්නේ මම අවුරුදු 5කට කලින් කෙනෙක්ට ආදරේ කළා..ඉතින් ඒ කාලේ ඉදලම ලබපු අත්දැකීම් තමයි....
Deletekatada ane adare kare?
Deleteමහත්තය මේ මෙනවියගේ ගැටලුවටත් උත්තරේ ඇත්තම දොඩන්න බලන්න...
Deleteඒවා දැන් යල් පැනගිය දේවල් නේද...?අතීතය ගැන කතා කළා කියල මටවත් ඔයාලටවත් වැඩක් වෙන්නේ නෑ නේ??අපි මේ මොහොත ගැන හිතල කටයුතු කරමු..එකනේ අපේ වටිනාම දේ...???
Deleteඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....