.....බෝතලේ නැත්නම් මූඩියකුත් නෑ.....
ඔන්න යාලුවනේ අලුත්ම කතාවක් තමයි අද කියන්න යාන්නේ..
මේක කියවපු ගමන්ම හිතේවි යකෝ මේ මොකද්ද මේ විකාරේ කියල.
ඇත්තටම නිකන් කියවපු ගමන් නම් විකාරයක් වගේ තමයි පෙන්නේ.
එත් අද කියල දෙන්නේ හැම දෙයක් ගැනම ගැබුරින් සහ යතාර්තවත්ව හිහල ඇත්ත අවබෝධ කරගන්න හැටි.පොඩි දෙයක් ගැන අපි සුළුවට හිතන්න නේ පුරුදු වෙලා තියෙන්නේ.අපි ඊලග මොහොතේ මරේවිද කියල දන්නේ..
ඔන්න බලන්නකෝ අපි දැන් දුකින් ඉන්න අවස්ථාවක කවුරු හරි අහනවා මොකද ඔය දුකින් ඉන්නේ.හේතුව කියන්න කියල කියනවා.
එත් එය හේතු කියන්නේ නෑ.වැඩක් නෑ,,ඕන නෑ..එහෙම වුලක් නෑ කියා ලිස්සල යනවා.එක තමයි හැටි..
එත් හැම දේටම උත්තර දෙනවට වඩා නිහඩ බව හොද උත්තරයක් කියලත් මම අහල තියෙනව..ඒ දේ සමහර වෙලාවට සුදුසුයි එත් සමහර වෙලාවට නුසුදුසුයි කියලත් හිතෙනවා..
"ගින්නක් නැති නම් දුමක් නැගෙන්නේත් නෑ "
කියල කියනවා වගේ ප්‍රශ්නයක්/දුකක්/කරදරයක් නැත්නම් දුක හිතෙන්නේ නෑ අපිට.
ඒ වගේම තමයි යාලුවනේ අර මුලින්ම කියල තියෙන කතාව...
ඔන්න අද ඉදල ඔයාල ගැබුරින් හිතන්න බලන්නකෝ..
අපි ඔන්න වතුර බොන්න කඩේකින් වතුර බෝතලයක් ගත්ත කියල කියමුකෝ..
අපි ඉතින් තිබහට ටක්ගාල පියන ඇරිය ටක් ගාල බිව්වා..
එයින් එච්චරයි අපහු ඉවර වෙනකල් බොනවා ර්ට පස්සේ එක්කෝ බෝතලේ විසි කරලා දාවි.නැත්නම් පයින් එකෙක් දෙවි හිස් බෝතලේට..එහෙමනේ අපේ වැඩ.
පොඩ්ඩක් අපිටත් වෙන්න බැරිද ඒ කාලේ ඉදපු ගොඩක් වැදගත් පුද්ගලයෝන්ගේ ගානට හිතන කෙනෙක් බවට..ම්ම්ම්ම්???
පොඩ්ඩක් හිතුවොත් පුළුවන් නේද??
ක්‍රම කීපයක් තියෙනව..
*අර විසිකරපු බෝතලෙන් ප්‍රයෝජනවත් දෙයක කරන්න පුළුවන් නේද?*
එකෙන් අලුත් නිර්මාණයක් කරොත්?
නැත්නම් ඒ බෝතලේ අඩුපාඩුවක් පෙන්වල දුන්නොත්?
නැත්නම් ඒ බෝතලේ හදල තියෙන ද්‍රව්‍ය වල තියෙන දේවල් ගැන අලුත් දෙයක් සොයගත්තොත්?
අපිටත් නිකන්ම අලුත් දෙයක් සොයාගත්තා වගේ දැනෙනවා නේ??
වැඩිය ඕන නෑ..
අපිටම හිතට කොයි තරම් සතුටක් දැනෙනවද හරියට දෙයක් අවබෝධ කරගත්තම...
ඉතින් ඔන්න බලන්න යාලුවනේ මේ කියන දේ ඇත්තක් තියෙනවා නේද කියල..
අපි පොඩ්ඩක් කල්පනා කරොත් කොහොමද මේ අපි භාවිතා කරන වචන මාලාව එකකට එකක් වෙනස් වෙලා තියෙන්නේ කියල මේ දේ පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්.
යාලුවනේ අපි ඒ බෝතලයට ඇයි පොදුවේ "නම" වශයෙන් "බෝතලයක්" කියල කියන්නේ..
අපිට කියන්න පුළුවන් නේද "මුඩියක් " කියල එක්කෝ "වතුර මුඩියක්" කියල කියන්න පුළුවන් නේද..?
ඇයි අපි එහෙම නොකිය "වතුර බෝතලයක්" කියල කියන්නේ...
අපිට ඉපදුන දවසේ ඉදල ටිකෙන් ටිකෙන් තේරෙන කාලෙට අවහම කියල දෙන්නේ "බෝතලයක් "කියන නම විතරයි..පොඩ්ඩක් හිතන්නකෝ..
අපි ඉපදුන ගමන් අර ගෙවල්වල එල්ලලා තියෙන යකෙක්/වෙස් මුණක් ගෙනල්ල අතට දුන්නොත් අපි මොකද කරන්නේ.භය වෙනවද ආ යකෙක් යකෙක් කියල..
නෑ නේ?
අපි ඒ දේත් එක්ක හොදට හිනාවෙලා සෙල්ලම් කරනවා..
එත් ටික දවසකට පස්සේ අපේ අම්මල අක්කල වැඩිහිටියෝ ඔක්කොමල එකතුවෙලා අපිව භය කරන්න නේ පුරුදුවෙලා තියෙන්නේ
" ඔන්න යකා
දැන් ඇවිත් කවි..ඉක්මනට මේ බත් ටික කන්න.."අරක මේක කියා කියා භයක් ඇති කරනවා නේද???
ඉතින් එහෙම නොකිය "පුතේ යකා ගොඩක් හොද කෙනෙක් එයා තෑගී දෙනවා අරම මෙහෙම කියුවොත් " යකාටත් ලැබෙන්නේ නත්තල් සීයාගේ තැනම නේද??
අන්න එක තමයි යාලුවනේ අපි ඇස් දෙක පෙනිලත් අන්ධයෝ වගේ ජීවත් වෙන්නේ.බොරුද මම මේ කියන්නේ..??
ඉතින් ඒ කාලෙදිම අපි බෝතලයට මුඩිය කියල කියන්න පුරුදු උනා නම් බෝතලයක් නෑ නේ??
අද තියෙන්නේ මුඩිය කියන දේ විතරයි..
එත් මෙහෙම හිතන්නකෝ..
අද මුඩිය කියන දෙයක් නැති උන නම් බෝතලය කියන නමත් නෑ නේද??
එහෙමනම් මුඩිය විතරමයි...තියෙන්නේ
අපි කින්නේ එහෙනම් වතුර මුඩිය කියල..
හැබැයි වතුර කියන නම හැදුනේ නැත්නම් නිකන්ම නිකන් මුඩිය පමණයි නේද...?
ඔන්න ඔය විදියට එකකට එකක් වෙන වෙනම පදනම් වෙලා තමයි අපේ මේ වචන සංකල්පය ඇතිවෙලා තියෙන්නේ යාලුවනේ.
අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනව මුඩිය කියන දේ තුල පොටක් එහෙමත් නැත්නම් අර බෝතලේ වහන්න කරකවන්න ඕන..
ඒ වගේද ඒ කලේ මුඩිය වෙනුවට යොදාගත්තා ඇබය කියන දේ??
කොහොමද එහෙනම් ඇබය කියන දේ මුඩියක් නොවුනේ?
එකටත් කිරල මුඩිය කියල කියන්න පුළුවන් නේද...
ඒ තුල පොටක් නැති නිසාත්.නිකන්ම බෝතලේ කට වහන්න ගහන නිසා ඇබය කියන වචනෙන් නිරුපනය කළා..
ඔන්න ඔය වගේ තමයි යාලුවනේ අපේ තියෙන ශරීරෙ හැම කොටසක්ම මත් එකින් එක වෙනස් විදියට තමයි හැඩ ගැහිලා තියෙන්නේ.
ඒ ඒ විදයට තමයි අපේ හැඩරුව ගති ගුණාත් වෙනස් වෙලා තියෙන්නේ..
හැබැයි යාලුවනේ මුඩිය නම් හැමදාම මුඩියම විතරයි..එත් මනුස්සයෝ නම් හැම මොහොතකම මනුස්සයෝ නෙවෙයි නේද???

2 Comments
වෙනස්ම අදහසක් :) ඔව් ඔබේ කතාව ඇත්ත වෙන්න පුළුවන්.
ReplyDeleteඔව් යාලුවා ,,,අපි හැමදෙයක් ගැනම ගැබුරින් දකින්නේ නැති එක තමයි මේ දේවල් නොපෙනෙන්න හේතුව...
Deleteඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....