මේ කියන්න යන්නේ නම් ටිකක් වෙනස් කතාවක්..අපේ රටේ නීතියට වැඩකරන නීතියට ගරු කරන මුල්ම පෙලේ මිනිස්සු ටික නේ අපේ පොලිස් මාමල, නැන්දල, අයියල සහ පොලිස් අක්කල කියන්නේ..එයාල කගේ හරි වැරැද්දක් දැක්ක ගමන් දඩුවම් දෙනවනේ.හරියට නිකන් ඔන්ලයින් යම පල්ල වගේ නේ..පාරේදී දැක්කත් ගේම ඉල්ලන්නේ..මුකුත්ම නැත්නම් ඉතින් අතේ තියෙන රුපියල් සීයකින් හරි පව ගෙවන්න කියල දඩුවම දෙන අයනේ,,,,,,
ඔන්න ඉතින් මේ මට වෙච්ච වැඩක් තමයි කියන්න යන්නේ...
මගේ ගම වැලිගම නේ යාලුවනේ..ඒ කියන්නේ මාතර කිට්ටුව.ඉතින් මං ඔන්න මගේ යතුරු පැදියෙන්දවස් දෙකකට කලින් ටිකක් හවස් වෙලා හදිසි වැඩකට ගාල්ලට යන්න ගෙදරින් පිටත් උන..ටිකක් ඉක්මනට ගියේ..සාමාන්‍යයෙන් පයට කි.මී.60ත් 70 ත් අතරේ වගේ...ටක්ගාල ගියා..
ඔන්න ඉතින් මෙහෙම යනකොට තියෙනවා උණවටුන කියල ගාල්ලට කිට්ටුවම ප්‍රදේශයක්..ඉතින් ඔන්න උණවටුන කිට්ටුවදී එක පාරටම මං දැක්කෙත් නෑ.ඉස්සරහින් කවුරුවත් හෙඩ් ලයිට් ගැහුවෙත් නෑ..එකපාරටම පොලිස් මාම කෙනෙක් ඇත දැම්ම රූ.....න් ගාල විසිල් පාරකුත් ගහගෙන..
මං ඉතින් හිතුව හරි..බඩු තමයි.එක්කෝ ජරාවක්.නැත්නම් දඩයක් තමයි කියල හිතාගෙන බයිසිකලෙන් බැහැල ඔක්කොම ලියකියවිලි අතට අරන් ගිය ඉතින්..
ඔන්න ගිය ගමන් මගෙන් ඇහුව..
"ගෙවල් කොහෙද??"
වැලිගම සර්..
"හැන්දවෙලා කොහේ යන ගමනද??"
මේ පොඩ්ඩක් ගාල්ලට යනවා,ෆොටෝ ටිකක් තියෙනවා අරන් එන්න..අමිල ස්ටුඩියෝ එකට.
"හ්ම්ම් දන්නවද ඔහේ ආපු ස්පීඩ් එක..."
නෑ සර් දන්නේ නෑ.කීයට වගේ අවද මං.???
මං ඉතින් දන්නේ නැති ගානට එහෙම කියුව මතක විදියට ඒ හරියේ මං ආවේ 55 ට වගේ..ඒ හරියේ 60 ට එන්න බෑ..වංගු වැඩි..ඉතින් ඒ පාර...
"ඇයි මීටරේ කටු කැරකෙන්නේ නැත්ද..."
නෑ සර් වැඩ කරනවා ඒ වුනාට මතක නෑ මට කියල මං කියුව..
ඉතින් ඒ පාර
"ඔහේ දන්නෙම නෑ නේ?? සර් මේ බයික් එක කීයටද ආවේ?"
කියල එයාගේ ලග අර මීටරේ අතේ තියන් ඉන්න පොලිස් මාමාගෙන් ඇහුව..
ඔන්න අනිත් පොලිස් මාම කට ඇරපු ගමන් මෙහෙම කියුව..
"ආ ඒක ලියන්න ලියන්න 95 ට ආවේ.."
මගේ ඇස් දෙක උඩ ගිය..මට හිනහත් ගිය එක ඇහුවම..දෙයියනේ CT100 බයික් එකක 95 ට එන්න පුලුවන්ද??
අර මුල් පොලිස් මාමටත් හිනා ගිය..
පස්සේ අයෙත් සැරයක් දැන් වෙච්ච ලැජ්ජාව වහගන්න ඕන නේ??
"නෑ නෑ සර් මේ CT100 එකේ කීයටද ආවේ ඇහුව.. "
ඊට පස්සේ අපහු මොකද දන්නවද කියුවේ..
"ඔව් ඔව් බං 110 ට ආවේ "
අයියෝ....මරේ මරු....මට හිනාවෙ පන නෑ..කොටින්ම කියනවා නම් අර මුලින් කතා කල පොලිස් මාමටත් හිනාව තද කරගන්න බෑ..
එයා මගේ ලියකියවිලි..බලපත්‍ර මුකුත්ම බැලුවේ නෑ,,හරි හරි යන්න කියල කියුව,,,ඊට පස්සේ නම් දෙන්න එක්ක මොනවා කතා කරගත්තද නම් දන්නේ නෑ.
ඔන්න යාලුවනේ අපේ පොලිස් මාමලාගේ වැඩ වරදින තැන්....
හැම තිස්සෙම හොර බොරු කරන්න බෑ නේ??
සමහරවිට කොයිතරම් ඔයිට වඩා බොරු කරලා දඩ කොළ ලියනවා ඇත්ද නේ???
මෙත් ඉතින් අපේම මිනිස්සුනේ....
හැබැයි ඉතින් වගකීමක් නැති මේ වගේ වැඩ නිසා අපේ රටේ පොලිස් දෙපර්තුමෙන්තුවට තමයි ලැජ්ජාවට පත් වෙන්න වෙන්නේ....

0 Comments
ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....