කෙල්ලෙක්ගෙ කැමැත්ත......


මේ තමයි මේ වෙබ් අඩවියේ ලියන මුල්ම සත්‍ය සිදුවීමක් ඇසුරින් ගොඩ නැගුන පලවෙනි ලිපිය.ඉතින් කයවා බලන්න කියල පිවිසෙන හැමෝගෙන්ම වගේ ඉල්ලනවා.කියවල පොඩියට ඔයාගේ අදහසත් එකතු කරන්න කියල ඉල්ලනවා හොදද,,,,,ඉතින් කියවලම බලන්නකෝ.

දන්නා තරමින් මතක විදියට මේ දවස 2010/10/12.මේ දවසේ ඔන්න එක ගෑනු ළමයෙක්.නම් ගම සදහන් කලොත් මාත් එක්ක අමනාප වෙයි.මම දන්න ලස්සන ගෑනු ළමයෙක් හොදද.මේ ළමයාග පස්සෙන් ගොඩක් පිරිමි ළමයි දුව ඇවිද්ද.නිකන් ඉතින් අපේ යාලුවෝ (පිරිමි යාලුවෝ) ගෑනු ළමයි පස්සෙන් දුව ඇවිදින්නේ නෑනේ.මේ ගෑනු ළමයාගේ පස්සෙනුත් ඉතින් නොයෙකුත් පිරිමි ළමයි දෙතුන් දෙනෙක්ම පස්සෙන් යන්න ගියාලු.ඒ වුනාට මේ ගිය කවුරුවත් නම් මේ ගෑනු ළමයාගෙන් මුකුත් කැමැත්ත අකමත්තවත් අහන්න යන්නෙත් නැහැලු....ඒ වුනාට මේ ගනු ළමයාගේ යාලුවෝ.එතකොට පිරිමි ළමයි එහෙම ගොඩක් ය දන්නවලු මේ ගනු ළමයාගේ පස්සෙන් මෙන්න මේ මේ අය යනවා කියල...
එත් ඉතින් ගනු ළමයාගේ පස්සෙන් ගියාට මුකුත් මේ ය අහන්නෙත් නැති නිසා ඒ ගැන ඒ ගනු ළමය වැඩිය ගණන් ගත්තෙත් නැහැලු.එත් දවසක් ඔන්න මේ කෙල්ල ගේ යාලුවෝ දෙන්නෙක් එක්ක ගෙදරට යන පාරේ බස් එකේ යනකොට අර පස්සෙන් එන කොල්ලෙක් පොඩි කොළ කෑල්ලක් දෙන්න හැදුවලු...එක දැකපු මේ කෙල්ල ඒ කොළ කෑල්ලේ මොකද්ද තියෙන්නේ කියල බලන්න අර හිතේ කැමැත්තට එකපාරටම ගන්න හදලත් අපහු අරගෙන නැහැලු...
ඉතින් අර කොල්ලට හෙන ලැජ්ජාව.පව් ඉතින් එක අතකට,අපේ රටේ කොල්ලෝ කොච්චරකට නම් මේ වගේ ඇබැද්දි සිද්දවෙනවා ඇතිද???
ඉතින් ඔන්න ඔහොම කාලයක් යද්දී මේ කොල්ලෝ ඔක්කොම මේ කෙල්ලව පස්සෙන් යදි කනට ගැහුවා වගේ ආරංචියක් පතිරුනලු....
මොකද්ද කියල හිතාගන්න පුළුවන් ඇතිනේ???
මොකද්ද දන්නවද
මේ කෙල්ල හර රහසේම මාස දෙක තුනක ඉදන් වෙන කොල්ලෙක් අකියන්නේ අර පස්සෙන් අපු කොල්ලෝ අතරේම පස්සෙන් එන්නේ නැතුව අර පස්සෙන් අපු යට හෙල්ප් කර කර හොරාට ගේමක් ගහපු කොල්ලෙක් උන්නලු.අන්න ඒ කොල්ල එක්ක මේ කෙල්ල යලුඉ කියල එකපාරට ආරංචි උනාලු.
දැන් ඉතින් ඔන්න ටොපිය හම්බ උනාලු අර පස්සෙන් අපු කොල්ලෝ ටිකට.පව් වැඩේ ඉතින් .....
එහෙම්මම උන් සෙට් එක සයිලන්ට් වුනාලු..
මොකද යාලු කියල දන දන පස්සෙන් යන එකේ තේරුමක් නෑනේ....අන්න එක නිසා....

කවදාකවත් කෙල්ලෙක්ටකරදරයක් වෙන්න එපා හොදද...එතකොට කොල්ලගේ කොලු කමින් වැඩක් නැති වෙනවා ලජ්ජා වෙන්නි වෙන්නේ අපිට...

ඉතින් ඔන්න අර දැන් වෙන කොල්ලෙක් එක්ක යාලු උනලුනේ මේ කෙල්ල,මෙන්න මෙහෙම යාලු උනාම අහපු දේවල්.ඒ කියන්නේ කෙල්ල කොල්ලගෙන් යාලු වෙන්න කලින් අහපු දේවල් ටිකක් තියෙනවා..
මේ කෙල්ල ටිකක් බුද්දිමත් කෙල්ලෙක්..අර ගොන් කෙල්ලෝ වගේ නෙවෙයි...
"ඔය මට කැමතිද????කියල කොල්ලෙක් ඇහුවම,නෑ කියල මුලින් කියල පස්සේ බොරුවට යලු වෙන ජාතියේ කෙනෙකුත් නෙවෙයි...එහෙමත් නැත්නම් ඔව් මාත් ඔයාට කැමතියි කියල එකපයින් කැමති වෙන ජාතියේ කෙල්ලෙකුත් නෙවෙයි...ටිකක් අමුතු කෙල්ලෙක්..."
දන්නවද මේ කෙල්ල යාලු වෙන්න කලින් අර කොල්ලගෙන් ප්‍රශ්න 8ක් අහල තියෙනවා.

අන්න ඒ ප්‍රශ්න ටික තමයි සමාජයට වැදගත් කියල මම දකින්නේ...මොකද නිවැරදි කෙල්ලෙක් විසින් ඕනෑම වෙලාවක සම්බන්දකමක් ගොඩනගන්න කලින් පොඩ්ඩක් හරි බුද්දිමත් බව අ කොල්ලට අගවන මෙහෙම ප්‍රශ්න කිහිපයක් අහන එක හොදයි වගේ කියල මට දැනෙනෙවා....
මං දැන් ඒ ප්‍රශ්න 8 කියන්නම්කො.....

01: ඔයාට අපේ ගෙදරින් කැමති වෙයිද?
02:මට ඔයාලගේ ගෙදරින් කැමති වෙයිද?
03:ටික කාලෙකට පස්සේ ඔයාට මව එපා වෙයිද?
04:ඔය මට බොරු කියනවද?
05:ඔය හොදට ඉගන ගන්නවද?
06:ඔයා මව හොදින් බලාගන්නවද?
07:ඔයා මට ඇත්තටම ආදරෙයිද?
08:මේ ටිකට උත්තර දෙනකොට ඔයාට මාව එපා වෙයිද?

අන්තිම ප්‍රශ්නේ නම් ටිකක් ජෝක් එකට අහල තිබුනත් අනිත් ඒවා ඇත්තටම වැදගත් වගේ ප්‍රශ්න කියල තේරෙනවා නේද.....මොකද අද සමාජයේ ආදරවන්තයින් අතර මුලින් තිබුන සහයෝගයට බැදීමට ආදරයට වඩා යාළුවෙලා ටික දවසකින්.එහෙමත් නැත්නම් විවාහ වෙලා ටික දවසකින් පස්සේ අනන් මනං ප්‍රශ්න ගොඩකට මුහුණ දීල මිනීමැරුම් දක්වාම දුර දිග යන්නේ කලින් මේ වගේ නොහිතපු නිසා කියල මට නම් හිතෙන්නේ....
කොහොම උනත් මේ කෙල්ල අහපු මේ ප්‍රශ්න ටික ගොඩක් සාර්ථකයි කියල මට හිතෙනවා..මොකද කොල්ලෙක් නිකන් හීන මව මව බොරු කතා කියන්න ඉස්සෙල්ල මේ කෙල්ල අහපු දේට උත්තර දීල කියන්නේ ගොඩක් බලාපොරොත්තු ඇතිව සහ ඒ කෙල්ලට විශ්වාසයක් ඇතිකරවන දේවල් නේ එක නිසයි.එත ඌනම මැටි හරකෙකුට උනත් මේ ප්‍රශ්න ටිකට හොද බොරු ටිකක් අද බාන්න පුළුවන් හොදද.එත් කෙල්ලෙක්ගෙ හිත රවට්ටන එක හොද වැඩක් නෙවෙයි.අනිත් එක තමයි ආදරයට වංචාවක් කරන එකත් හොදම නැති වැඩක්...ආදරයට ආදරය කරන යට ගොඩක් හොද අනාගතයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ...කොහොම උනත් ආදරය කරද්දී අළුතුන් සම්බන්දකමක් ගොඩනගා ගනිද්දී ටිකක් හැම පැත්තම හොයල බලල හැමදාකම සතුටිනින්න පුළුවන් විදියට අනාගතය ගැන හිතල මාතල තීරණ ගන්න කියල ඉල්ලා සිටිනවා.හැබැයි අපි හැමෝම මනුස්සයෝ නේ??ඉතින් ආදරයට  සීමා මායිම් කොහෙවත් නෑ කියල මතක තියාගන්න හොදද.....

Post a Comment

3 Comments

  1. අකුරු වල පොඩි පොඩි අඩු පාඩු තිබෙනව....ඒ සම්බන්දව ඉතින් ඔන්න
    සමාව ඉල්ලනවා...!

    ReplyDelete
  2. siraawata kiyanna mage Gf oya prashna tiken me tika ahuwa neh ;))

    01:ඔයාට අපේ ගෙදරින් කැමති වෙයිද?
    02:මට ඔයාලගේ ගෙදරින් කැමති වෙයිද?
    03:ටික කාලෙකට පස්සේ ඔයාට මව එපා වෙයිද?
    05:ඔය හොදට ඉගන ගන්නවද?


    ReplyDelete
    Replies
    1. එකනේ යාලුව....ඔයාට උනත් මේ අත්දැකීම් තියෙනවනේ.අපි සත්‍යය පැහැදිලි කරන්නේ යථාර්තය තුලින් නේ....සතුටුයි යාලුවා..ඒ වගේම ගොඩක් ස්තුතියි......!!!!

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....